Chapter 05

31 4 0
                                    

Taehyung's Voice

මම ඔයාව බලන්න ආවා මැණික...

ඒ කාලෙ විහිලුවට වගේ අපි දෙන්න මෙතෙන්ට ඇවිත් කිව්වා.. දෙන්නගෙන් මුලින්ම යන කෙනාට මෙතන දෙමු කියල...

ඇයි අපි එහෙම කළේ... ඒ විහිලුව දැන් මහ ගොඩක් රිදෙනවා සියෝ... අපි මෝඩයි එහෙම දේවල් කියන්න..

"මියානේ සියෝ.."

මම ගෙනාව ඔයාගෙ කැමතිම මල් ඔයා ළගින් මම තිබ්බා...මට ඔයා වෙනුවෙන් දැන් කරන්න පුළුවන් එකම දේ..

මියානේ මට එදා තව ටිකක් ඉක්මන් වෙන්න බැරි වුනාට... මට සමා වෙන්න ඔයාව අසරණ කළාට...

"ඔයත් එක්ක ගත්ත ෆොටෝ හැම එකක්ම මම ඊයෙ අයින් කළා සියෝ... මට සමා වෙන්න... ඒවා දිහා බලන් ඉන්න එක හරිම අමාරුයි සියෝ..."

"ඔයා හොදින් ඉන්නවද? ජන්ගුක් හොදින් ඉන්නවා... ඔයා බය වෙන්න එපා ඌ ගැන..."

මගෙ හිතට එන හැමදෙයක්ම මම ඔහේ කිව්වා.. මාසයක්ම ගෙවිල ගිහින් නිසා මන් පුළුවන් තරම් හැදුවෙ මගෙ කදුළු නවත්තන්න..

මේක හරිම නුහුරුයි සියෝ ඔයාගෙ කටහඩ නැතුව හිනාව නැතුව හැම තැනක්ම හිස් වෙලා වගේ... ඔයා නැතුව පාලුයි... ඒත් ඔයා එන්නෙ නෑ කියල මගෙ හිතම මට කියනවා..

"හියොන්"

ඒ ජන්ගුක්.. මම දැනන් හිටියා කොල්ලා හැම මාසෙකම මෙතනට එනවා කියල...

අපි දෙන්නම හිටියෙ එකම තැනක..

ලස්සන ජීවිතේකදි ඔයාව ආයෙත් හම්බ වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව සියෝ...

******

Siyo's Voice

"මියානේ ටේ.."

මම අන්තිමට එයාව බලන්න ආවා.. මෙතන මට හරිම හුරුයි ටේ.. ඒත් ඇයි මෙතනම... අපි දෙන්නා කලින් මේ ගැන කතා කළා නේද?.. ඒත් ඒ කතා හරි මෝඩයි...

"දන්නවද මම ඔයාට ටේ විතරක්ම කියන්නෙ ඇයි කියල..ඔයා මට යාළුවෙක් නිසා.."

මම නිසයි මෙහෙම වුනේ ටේ... හැමදාම මේක මගෙ වැරැද්ද නේද... ඔයා මොනවා කිව්වත් ඒක එහෙමයි ටේ...

"මියානේ මියානේ...."

මම අඩන්න ගනින්ද්දි කුකී ආයෙත් මාව බදා ගත්තා... මට මේක ඉවසන්න බෑ... අදට මාසයක්...

ඔයාගෙ ගෙදර තිබිල මට හම්බුන දේවල්.. මම ඔයාට හන්ගපු එක වැරදියිද ටේ?

මියානේ... මට අන්තිමට කියන්න පුළුවන් ඒ වචනෙ විතරයි නේද?

මම අසරණයි ටේ... ඔයාව බලන්න එන්නම්... මම ඔයාව මතක් වෙන හැමපාරම කොහෙ හිටියත් ඔයා ළගට එන්නම්...

එදා වගේම ඔයා හැමදාමත් ඒ විදිහටම ඉන්නවා නේද?

මම ඔයාට ආදරෙයි ටේ.. ඒත් ඔයා තරම් නෙවෙයි... ඒ වගේ මට කවදාවත් ආදරේ කරන්න බැහැ ටේ..

ඔයාට මන් කළේ ලේසි වැරැද්දක් නෙවෙයි.... මම හන්ගපු දේවල් දැන් මට ලොකු පසුතැවීමක්...

ඔයා හිටියනම් මාව තේරුම් ගන්නවා නේද? මටත් වඩා හොදට..

තවත් මන් ඔයාව හිර කරන්නෙ නෑ... අලුත් ජීවිතේකට යන්න ටේ... හැම අතින්ම ලස්සන ආදරයක් ඔයාට ලැබෙන්න ඕනි..

මන් ඔයාට සුභ පතනවා...

___________________________

AN AN AN..

Bad Liar ‍|| KTH ✔Where stories live. Discover now