episode 03..♡

62 9 26
                                    

blood thirsty
______________

අවශ්‍ය ද්‍රවය -  රතු ඉටිපන්දම් හතරක් ,රතු වර්ණ කල පාන් පිටි කුඩු,සුදු පාන් පිටි ,මනුෂ්‍ය රුධිරය

ක්‍රමය - රතු වර්ණ කල පාන් පිටි කුඩු වලට රුධිරය මුසු කොට වෘත්තයක් තුල තරුවක් හැඩයට බිම පොලවෙ ඇද තබන්න .
රක්ත වර්ණ ඉටිපන්දම් පත්තු කර හැකිතාක් ස්ථානය අදුරු කරන්න
රුවේ ත්‍රිකෝණ තුනක හයේ ඉලක්කම ලියන්න .

සැලකිය යුතුයි - ක්‍රීඩාව සිදු කරන ස්ථානය අවට ආගමික රූප, ලුණු කුඩු තිබේ නම් ඉවත් කරන්න
ඕනෑම ගණනකට ක්‍රීඩාව සිදු කල හැක . යොදා ගන්නා රුධිරය කණ්ඩායමේ අයෙකුගෙන් විය යුතුය

රවුම් වෘත්තාකාර කවයක් ආකාරයට තරුව වටා සියලුම දෙනා අසුන් අරන් අත් පිටිපස්සට බැද ගන්න. කරුණාකර දුරස් ව වාඩි වන්න .

කණ්ඩායමේ එක් අයකු

ඒර්ක්ශා ඔබට පිපාසද..? මට ඔබට උදව් කල හැක

මෙම පාඨය තුන්වරක් පවසන්න.

ඉන්පසුව ඔහු හො ඇය ලග සිටින පුද්ගලයාද මෙය තුන්වරක් පවසන්න.
මෙම ආකාරයට දක්ෂිණාවර්තව මෙය වටයක් සිදු කරන්න.
ඔබලාට උලලේනියකු හඩනු ඇසෙනු ඇත .දෙවන වටයේදී වෘක රැලකගෙ උඩු බිරුමක් සමග දුර්ගන්ධයක් පැතිරෙනු ඇත .
තුන්වෙනි වටයේදී ඔබලාගේ කවයට අලුත් අමුත්තියක් සිටිනු ඇත .
සුදු පැහැති කිලුටු ඇදුමකින් හා භයංකාර වේශ මාරු කිරීමෙන් කිසිවෙකු කලබල නොවිය යුතුය .
ඔබගේ බිය ප්‍රදර්ශනය නොකල යුතුය .
වෘත්තාකාර තරුවෙ මැදට කණ්ඩායෙ අයෙකු රුධිරය ස්වල්පයක් දැමිය යුතුය .
රුධිරය අතුරුදන් වන වාරයක් පාසා කවයේ සියලු දෙනාම තම රුධිරය බිදක් හෝ දායක කල යුතුය.
එය ඒර්ක්ශා නමැති සාතන් යක්ශයාගෙ අනුප්‍රාප්තිකයා කවයෙන් අතුරුදහන් වන තුරු සිදු කල යුතුය ..

ඇය කවයෙන් අතුරුදහන් වුනද පසුදින දවල් 12 වනතුරු ඔබලා අසල රැදී සිටින අතර විවිධ බියජනක දේවල් ඔබලාට සිදු කරනු අතර .
දහවල් දොලහ කණිසම පසු කරන තුරු ඔබලා දරාගෙන සිටී නම් ඔබලාට ක්‍රීඩාවේ ත්‍යාගය වශයෙන් ජීවීත දානය ලැබෙනු ඇත ..

The game of death Where stories live. Discover now