last episode

41 10 6
                                    

මායා දිහා කදුලු පුරවන් බලන් ඉදපු මම කරන්න දෙයක් නැති කමට බැල්කනියෙන් පැන්නා .
මායාගෙ පපුව පසාරු කරන් කඩු පාරවල් එහාට මෙහාට වැනෙනවා
මායාට ඒර්ක්ශා එක්ක හැප්පෙන්න තරම් බලයක් නෑ
තව ටිකෙන් මායාගෙ ආත්මයත් විනාශ වෙයිද දන්නෙ නෑ ..

වැටුන පාරට මගේ කකුලත් උලුක් උනා .
ඒත් මට දැන් ඒක ගැන හිතන්න තරම් වෙලාවක් නෑ .නොන්ඩි ගගහා මම ගේට් එක ඇරන් පුලුවන් උපරිම හයියෙන් දුවන්න ගත්තා.
ඒර්ක්ශා එනවා
මට ඒක දැනෙනවා.
මම හැරිලවත් නොබලා දුවන්න ගත්තා.

මායාගෙ බංගලාව තිබුනේ අතුරු පාරකිනුත් අතුරු පාරක .
මගෙ වෙලාවටම ද මන්ද මෙච්චර උත්සව දවසක උනත් පාරේ බලු බල්ලෙක් නෑ ..

මීටර් සියයක් වත් දුවා ගන්න බැරි උනා ..
පාර අයිනේ තිබුන පතාක ගහක් මගේ ඇගේ නොවැදී  පාරට වැටුනා...
අනූනවයයි දශම නවයෙන් බේරුනේ.
ඒර්ක්ශා මහ හයියෙන් හිනා වෙනවා මට ඇහෙනවා.
පොතේ තිබුන විදිහට මම දැන් කොහොමත් මැරෙන්න ඉන්න එකෙක්
අමාවක තීථීය ඉවර උනේ game එක කරල ඉවර වෙද්දි ...
දැන් නම් මට මලත් කමක් නෑ
මේ යක්ශනී එකකින් නතර වෙන්නෑ තව උන් මරයි .මේකීව ඉවර කරලා මැරුණත් මට සැපයි..
මම නිසාම වුනු මේ ඛේදවාචකය මම මැරිලා හරි ඉවර කරන්න ඕන ...

පාරේ තියෙන ලයිට් කණු වල බල්බ් චිරි චිරි ගගා ගිනි විසික් වෙලා ඉබේ නිවෙන්න ගත්තා....
ඒ ගමන්  ම තව ගස් දෙක තුනක් පාරට වැටිලා මාව කොටු උනා

හද එලිය හැර වෙන මුකුත් එලියක් නෑ .
මම හතර වටේටම බැලුවා
අරකි ඉන්නවා අගල් පහ හයක් උඩ අහසෙ...
ඒකී ආවේ මායාගෙ ඔලුවත් කඩලා එක අතකින් අරගෙන ...
ඒකී මම දිහා බල බල තොල කට ලෙවකන ගමන් ඒකීගෙ අත් මම ගාවට දික් වෙන්න ගත්තා.
ඒ අත්වල ලොකු කලු සර්පයෝ දෙතුන් දෙනෙක් එතිලා ...
උන් නයි වගේ පිබිනවා..
මට පැනගන්න කියල මුකුත් කරගන්න බෑ දෙයියනෙ ..
දැන් නම් තියෙන්නෙ මැරෙන්න








ඕං ජය මහා කාලී..!!!!!!!

ඕං ජය මහා කාලී..!!!!!!

මහා දුර්ගා දේවී නමෝස්තුතේ...
ඕ මහා කාලී දේවී නමස්තූතේ..
ඕ තේවී තේවී කන්තිරික්ක පෝක පිරිකි උත්සද මුත්තුම් කෝන්ඩෙඒයුම් මුඩිවෙප්පරඩි පොලෙයුම්  ඉඩදු කන්නීර පන්නීර  අයිරාම් කන්නිලේයුම්
හර හර නාරායනෙ වීර පත්‍රකාලී ඕ හර හර නාරායනෙ මාහා කාලි මුකුලුමාලේස්වාහක්......!!!!!!!

The game of death Where stories live. Discover now