දෙයියනෙ දැන් ටිහකට කලින් මම දන්න නොදන්න හැම දෙයියෙක්ටම කිව්වේ මට මේ රෙද්දක් නම් කරන්න සිද්ධ වෙන්න එපා කියලා...
කොහෙද ඉතින් දැනෙන ආධ්‍යාත්මික සුවය කොච්චර ද කියනවනම් බොක්ක කූල් වෙන්න ම මායා ඇහුවේ ඔය බටර් චීස් මාගරින් දාලා ....😶🙂
ඔයා කියන්නෙ මේක කරන්න කියලද ..?
blood thirsty?ඔව් මොකක්ද ප්‍රශ්නෙ. ඔයාට ඉතින් මේවට බයක් සැකක් නෑනේ ...
බලමු බලමු ඕක ගැන හෙට කතා කරමු මට නිදිමතයි බන්...
ඒ..වුනත්...
good night cutie
sweet dreams
sleeps well ..මම එහෙම කියල ඇදේ අනිත් පැත්ත හැරිලා බෙඩ් ෂීට් එකත් පොරවගත්තෙ දැන් වත් යයි කියල...
good night ghost dreams
මායා ඒක කිව්වේ මගෙ කනටම ලං වෙලා රහසින් කොඳුරන ගමන්...
මට ඇහුනා එයාගේ අඩි සද්දේ කාමරේ දොරත් වහන් යනව ...
මම ආයෙත් බෙඩ් ෂීට් එක විසික් කරල ඇද උඩ වාඩි උනේ නින්ද අහලකවත් නැති හින්දා ...
මම එහෙම්ම දොර දිහා බලල ආයෙත් ඇද දිහා බලනකොට මම කෑ ගහගෙන ඇදෙන් පැන්නෙ ඇදේ කලු සර්පයෙක් ඉදලා ගියා වගේ ඡායාවක් දැකල..
බෙඩ් ෂීට් එකෙ කොනක් ඇගිල්ලකින් අල්ලල මම බෙඩ් ෂීට් එකම බිමට විසික් කරේ සර්පයා ඒකට රිංගුවද කියලා ..
නෑ මොකෙක් වත් ඉදියේ නෑ මම ටෝච් එකත් ගහලා බැලුව ඇද යටත්..
ඒත්අර පොත නම් ඇද උඩ තිබුනා..
මායා ට ඒක අමතක වෙලාද කොහෙද දාලා ගිහින්..මම ඒක ගන්න යනකොට කාමරේ තිබුන ජනෙල් රෙදි එහාට මෙහාට කරමින් හුලගක් ඇවිත් ඉබේම පොතේ පිටු පෙරලෙන්න ගත්තා..
මම ඒක ගන්න යද්දී මගේ අත මොකක් හරි අඩුවකට අහු වෙනවා වගේ කැක්කුමක් ඇවිත් මම අත වේදනාවෙන් අල්ල ගත්තා..
දෙවියනෙ ඒ කෝවිලේ පූසාරී බැදපු නූල
ඒක බලන් ඉද්දිම මගේ අතට හිර වෙනවා.
හිර උන පාර කොච්චරක් ද නම් අතෙන් ලේත් බේරෙනවා...මොකක් උනත් වෙන්න යන දේ එච්චර හොද නෑ...
ඒත් වෙන්නෙ මොනවද කියන එක දැනගන්න හෝඩුවාවක්වත් මේ පොතේ තියෙන එක නම් මට ෂුවර්
YOU ARE READING
The game of death
Horror🖤-----Zzzzzz උබලා ඇත්තටම මහ කමකට නැති වල් බැල්ලියෝ.... උබලටයි ඕන කරේ මැරෙන්න.. මරණය එක්ක සෙල්ලම් කරන්න .. සත්තකින්ම මම දිව්රනව බොලගෙ මහ පොලොවට අත ගහලා මම උබලට දෙන්නෙ මේ ලෝකේ තියෙන දරුණුම මරණය ... ඔව් උබලා ඒක විදින්න සුදුසුයි... මං උබලගෙ අවසාන ලේ...