එක අතක් පිරෙන්නම ගහලා තිබ්බ ටැටූ එක, එක කිව්වාට එතන ටැටූ සංකීර්ණයක්... කනට දාලා තිබ්බ පොඩි කළු කරාබුව, කළු කොණ්ඩෙ පොඩි කොටසක විතරක් ලාවට තිබ්බ මෙරුන් පාට, දකුණු අතේ මැණික් කටුව වටේ ඔතලා තිබ්බ පටි ගොඩ, මූණෙ තැන තැන තිබ්බ තුවාල කැළැල්, සුදු ටීශර්ට් එක, කළු ඩෙනිම, කළු ජැකට් එක, බෙල්ලෙ තිබ්බ රීදී නොවන රීදී මාලෙ... ඒක පුදුමාකාර රස්තියාදුවක්. රස රස්තියාදුවක්.



හැබැයි ඒ ඔක්කොටම වඩා මගෙ නිල් පාට ඇස් එක්ක පැටලුනු ඒ අමුතු පාට ඇස්. මං දන්නෑ ඒ පාටට කියන නමක්. හැබැයි ඒක හරි රස පාටක්. රස්තියාදුවටම මැච් වෙන රස්තියාදුකාර පාටක්.




"එඩිත්"





මට අතට අත දෙන ගමන් එයාව හදුන්වලා දුන්නෙ එහෙම. රස්තියාදුකාර පාටක් ගෑවිලාවත් නැති නමක්. මුට කොහෙන් ලැබුනාද මෙහෙම නමක්? මට හිතුනෙ එහෙම. ඒත් ඒ මූණෙ තිබ්බ පෙනුම නිසාම මම ඒක අහන්න ගියෙ නෑ. මගෙ උස අඩි හයකටත් වැඩි. ඒකා කියලත් කොටෙක් නෙවෙයි. උස පහයි අටක් නයක් විතර ඇති. ශරීර ප්‍රමාණයෙන් මම දින්නාට ඒ පිට පෙනුමෙ තිබ්බ ෆිට්නස් ගතියට චැලේන්ජ් කරන්න මට හිතුනෙ නෑ. ඔක්කොමත් හරි ඒ මූණ පුරා තිබ්බ කැලැල්. හොඳ ගුටි කෙළියක් අල්ලලා තිබ්බ පාටයි. හැබැයි ඇහැ ගවින් පහළට ගිහින් තිබ්බ කැළල නම් සදාකාලික පාටයි.




මම ආවෙ ග්‍රැෆිටි බලන්න. සොෆිටෙල් හෝටලයට ළඟම පොලීසියෙන් කරදරයක් නොවී ග්‍රැෆිටි ඇදින්න වර්සව්වල තියෙන එකම තැන, ටොපිඑල් ස්ට්‍රීට් එකේ දිගම දිග තාප්පය... මම ආවෙ එතනට. එයා හිටියෙ එතන. පාට පාට ස්ප්‍රේ කෑන් පිරිච්ච කළු පාට බැක්පැක් එකක් බිම තියාගෙන එයා ලොකු වැඩක. ලස්සන වැඩක. ඒ අත ඇදයක් පලුද්දක් නොවී ලස්සනට ගානට ස්ප්‍රේ කෑන් එක බිත්ති උඩ ගෙනියනවා මම බලාගෙන හිටියා. මාරම ස්මූත්. එයගෙ ලයිෆ් එකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි එයාගෙ අතට තියෙන ඒ හැකියාව. පාට පාට තීන්ත වලින් ග්‍රැෆිටිය ඉවර වෙනකන්ම මම බලාගෙන හිටියා. ලස්සන ඉවසීමක්. අන්තිමට එයා මගෙ පැත්තට හැරුනා.

ටොපිඑල් ස්ට්‍රීට් | Topiel Street (ONGOING)Where stories live. Discover now