"What the hell was that talk about betting?"
මම ඇහුවෙ ආයෙත් කාර් එක තියෙන දිහාවට ඇවිදගෙන යන අතරෙ. එඩිත්ට නම් ගාණක් තිබ්බ බවක් පෙනුනෙ නෑ. රස්තියාදුකාර තාලෙට ඇවිදගෙන යන අතරෙ මගෙ පැත්ත හැරිලා පස්සෙන් පස්සෙට අඩිය තියන ගමන් මන් දිහා බලාගෙන ඉන්න ඒ බැල්ම!
"Bet for me. I'll make sure you win""Bet for you on what?"
"C'mon! Don't ruin the surprise"
පොඩි එකෙක් මුරණ්ඩු වුණාම මොන වගේ ද අන්න ඒ ජාතියෙමයි එඩිත්. ලස්සන මූණ ඇද කරලා මට නොරිස්සුම් බැල්මක් විසි කරලා මිනිහා ආයෙත් ඉස්සරහාට හැරුනා. පුදුම කරන්නනෙ මෙච්චර දැගලිල්ල! දැනටම පුදුම වෙලා ඉන්නෙ කියලා නොකියා මම අන්තිමට ලෑස්ති වුණේ ඒකටත් මූණ දීලාම බලන්න. කැහොමත් ඔය ග්රැෆිටියෙන් වචනයක් එළියට ගන්න බැරි බව විශ්වාසයි.
"You aren't coming?"
බුගාටිය ළඟටම ඇවිදන් ගියත් ඇතුළට නගින්න උවමනාවක් තිබ්බ පාටක් නැහැ. ඒකට ලැබුනේ ඔළුව එහා මෙහා කරලා ගොළු උත්තරයක්.
"Give me your number. I'll send you the location. At Tomorrow night 9.30, be there"
කලිසම් සාක්කුවෙ තිබ්බ ෆෝන් එකක් එළියට ඇදලා ගන්න ගමන් එඩිත් කියද්දිත් මං බුගාටිය ඇතුළෙ. පාත් කරපු ශටර් එක ගාවට ඇවිත් ෆෝන් එක මට දික් කළේ වැලමිට ශටර් එකට තියාගෙන හේත්තුවක් දාගෙන. මගෙ නම්බර් එක ග්රැෆිටිකාරයාගෙ ෆෝන් එකේ සේව් වුණා මගෙ නමින්ම. වැඩේ ඉවර වෙලා ඔළුව උස්සද්දි ඒ රස්තියාදුකාර ඇස් තිබ්බෙ මං ගාව. ගලවගන්න බැරි වෙන්න ඇලවිලා වගේ! කට කොණකට හිනාවක් ගියෙ එඩිත්ගෙ ඇහිබැමක් උස් වෙද්දි. මිනිහාට ෆෝන් එක ගන්න උවමනාවක් තිබ්බාට මට ඒක දෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. සීතල යුද්ධයක් වගේ! දෙන්නාම හිටියෙ ෆෝන් එක අල්ලගෙන. ඇස් තිබුනෙ යුද්ධෙක. දිනුවෙ මම ද එයා ද කියන්න අමරුයි. හැබැයි අන්තිමට ඇස් දෙක වහලා ඩිම්පල් හොඳටම පේන තරමින් හිනාවක් නම් ආවෙ ඒ රස්තියාදුකාර මූණට.
"You bloody man"
ඒක මිමිණුවක්. හිස පහතට කරගෙන බොහොම හෙමින් මිමිණුව එඩිත් එක පාරට ඔළුව ඉස්සුවා. තව ටිකක් ඉස්සරහට බර වෙලා සම්පූර්ණ ඔළුවම බුගාටිය ඇතුළට දැම්මා. මට බොහෝම ළඟින්; භයානක තරමෙ දුරකින් නැවතිලා රස්තියාදුකාර ඇස් වලින් මාව අල්ලගත්තා.
"Make sure to bring this black baby with you."
අන්තිමට එහෙම කියපු එඩිත් අතුරුදහන් වුණා. මගෙන් අයින් වෙලා බුගාටියෙන් ඈත් වෙලා කොහෙදෝ ගියා.
මං හිටියේ කරකියා ගන්න දෙයක් හිතාගන්න බැරුව. එඩිත්ගෙ හිතුවක්කාර හුස්ම වැදෙන තරමටට ඒ මනුස්සයා මට ලන් වුණා. තත්ත්පර ගාණක් යනකනුත් මං හිටියේ ඒ මොහොත ඇතුළෙ. එතකොට එඩිත් කොහේටදෝ අතුරුදහන් වෙලත් ගොඩාත් වෙලා ගිහින්. මේ ග්රැෆිටිය නම් ශරීර සෞඛ්‍යට අහිතකරයි කියන මගෙ සිතිවිල්ල ආයෙමත් හොඳම එකෙන් තහවුරු වුණා එහෙනම්. මාව තුට්ටුවකට මායිම් නොකර වේගවත් වුණ හදවතටත් තට්ටුවක් දාගෙන මම ඔළුවත් දෙපැත්තට හොලවලා ආයෙත් පියවි සිහියට ආවේ හරි අමාරුවෙන්.
YOU ARE READING
ටොපිඑල් ස්ට්‍රීට් | Topiel Street (ONGOING)
Romanceමගෙ ලක්සරියයි, එයාගෙ ග්රැෆිටියයි... මගෙ රස්තියාදුවයි, එයාගෙ වැදගත්කමයි... ඒ මික්ස්චරේ මාරම රහයි... #BLfiction #Sinhala #Nonfiction