කට්ටිය කාලා එහෙම Ice cream කකා හිටියෙ බස් හෝල්ට් එකට වෙලා.. අමීශ නිසල් ට ගිෆ්ට් එක දුන්නෙ ඒ වෙලාවෙ.. ඉතින් නිසල් තැන්ක් කරල ගත්තත් අමීශ අතේ තිබ්බ අනිත් දේ දැකලා එයාගෙ හිත පොඩ්ඩක් රිදුනා. එතන තිබ්බෙ ෆ්‍රෙන්ඩ්ශිප් මාලයක්.. ඒක අමීශටයි ශාඛ්යටයි කියලයි නිසල් හිතුවෙ.. මොනවා උනත් නිසල් අමීශ කියන්නෙ කාලයක් හොඳම යාළුවො.. දැන් නැති උනත් නිසල් ට දුකයි. ඒත් එයාවත් හිතුවෙ නැති විදිහට අමීශ එයාගෙ අතේ තිබ්බ මාල 2 න් එකක් සකුනට දුන්නෙ නිසල්ට උන්හිටි තැන් පවා අමතක වෙද්දි.. දැන් නම් නිසල්ව ලාවට රත් වෙන් ගමන්.. මොකද ඉතින් අමීශයි සකුනයි හොඳම යාලුවො කියල එයා කීයටවත් හිතුවෙ නෑ.. සකුන ඒක අමීශට තෑන්ක් කරල ගත්ත එක දැන් නිසල්ට ඇහුනෙත් නැති තරම්.. එයා කේන්තියක් නොවන කේන්තියකින් බලන් හිටියෙ අමීශ එක්ක හිනා වෙවී කතා කරන සකුන දිහාම විතරයි. ඒ බැල්ම සකුන දැක්කනම් එයාව පණ පිටින් එතන අලු වෙනව.. ඒක ඒ තරම්ම තදයි.. නිසල් හිටියෙ අමීශ ව උස්සල පොලවෙ ගහල සකුණව බිම දිගම ඇදන් යන්න තරම් කේන්තියකින්.. අමීශ දුන්න බ්‍රවුන්ඩ් පේපර් කවරෙ දකුණු අතටම ගුලිවෙද්දි ඒක ඇතුලෙ තිබ්බ මාලෙ පෙන්ඩන්ට් එකට අත හිල් වෙන්න ආවත් එයාට හිතුනෙම ඇයි තමන් අද මෙතන හිටියෙ කියල විතරයි. නිසල්ට කෑගහන්න, කෑගහල අමීශට බනින්න හිතුනත් ඒකට හේතුවක් නිසල්වත් දැනගෙන හිටියෙ නෑ. සකුන ඇත්තටම වැරැද්දක් කරේ නෑ.. අනික නිසල් සකුනගෙ කවුරුවත් නෙවේ.. එයා සකුනගෙ සාමාන්‍ය යාලුවෙක් විතරයි. එහෙනම් මොකටද නිසල්ට තරහ යන්නෙ? නිසල්ටත් ඒක මීටර් උනාට පස්සෙ ටික ටික සන්සුන් වෙන්න ගත්තෙ තමන්ගෙ තරහට හේතුවක් නෑ කියල එයාට තේරෙද්දි. සෙට් එකේ අනිත් අය මේ සීන් එක දැක්කෙ නැත්තෙ එයාලා වෙනම කයියක් දාගෙන හිටපු නිසා. නිසල් දැන් සන්සුන් උනත් සකුන තාම අමීශ එක්ක සිරික්කිය.. ඉතින් ඒත් එක්කම වගේ සකුනට යන්න බස් එක ආවෙ මේ වෙලාවෙ වාසනාවට කියලයි නිසල් ට හිතුනෙ..
"සකුන.. ඔයාගෙ බස් එක එනවා"
නිසල් කෑ ගැහුවෙ තාම බස් එක හෝල්ට් ර්කට කිට්ටු කරලවත් නැතුව තියෙද්දි.. එයට ඒ තරම් හදිස්සියි.. සකුනව යවාගන්න..