8ᵗʰ💕᭄

16 1 0
                                    

Washroom එකේදි අල්ල ගත්ත නිසල් ගෙ අත ground එකට යනකනුත් අත් නොහැරපු සකුණ ග්‍රවුන්ඩ් එකට ගිහින් අත අතහැරියත් නිසල් ළඟින්ම ඉන්න වග බලා ගත්තේ නිසල් දැන් අතුරුදහන් වෙයි වගේ.. මොකුත් හිතාගන්න බැරි උන නිසල් මොකද එකා වගේ තාමත් බලාගෙන හිටියේ සකුණගෙ මේ වෙනස් හැසිරිම දිහා වෙනකොට සකුණ සැරින් සැරේ නිසලට දෙන රැවුම් ගෙරවුම් නිසා නිසල දැන් දිය වෙනවා වගේ..

"ඔතන ඉඳන් කවුන් කරගෙන යන්න ළමයි ටීම් දෙකකට... 1..2.. කියලා"

ටික වෙලාවකට පස්සේ PT මිස් කොල්ලෝ ටිකව ලයින් එකක් ගහලා එක දෙක කියල ටීම් දෙකකට කවුන්ට් කරගෙන යන්න කිව්වේ පොඩි වොලිබෝල් මැච් එකක් කරන්නයි. ලයින් එකේ මුල ඉඳන් ලමයි එක දෙක කියලා කවුන්ට් කරගෙන එනකොට මේ කරන්නෙ මොකද්ද කියලාවත් හිතන්න සිහියක් නිසල් ට තිබ්බෙ නෑ. ඉතින් එක පාරටම දකුණු පැත්ත හිටපු අමේශව සකුණගෙයි තමන්ගෙයි මැද්දට දාලා සකුණ එහා පැත්තට පැන්නේ ඇයි කියන්නවත් නිසල්ට තේරුමක් තිබ්බේ නෑ. කොහොම හරි සකුණගෙ කපටි මොලේ නිසා සකුනවයි නිසල්වයි එක ටීම් එකට වැටුනේ අමීශ මූණ ඇඹුල් කරන් අනිත් ටීම් එකට යන කොට..

"හරි දැන් මම කියලා දුන්න exercise වලට අනුව ඔයාලා දෙපැත්තට බෙදිලා සෙල්ලම් කරන්න.. මතක ඇතුව මම උගන්නපු විදිහටම serve කරන්න. මේක ඔයාලට පොඩි activity එකක් විතරයි ළමයි.. ටීම් එකක සෙල්ලම් කරන විදිහ ඔයාලා ඉගෙන ගන්න කලින් මූලික දැනුම තියෙන්න ඕනේ. Ok boys.. Hurry up.."

ඉතින් ටීචර්ගෙ අවසරයෙන් ටීම් දෙකම පුලු පුළුවන් විදියට සෙල්ලම් කරන්න පටන් ගත්තා වෙලාවකට බෝලේ වැටුනා පුංචි ඇත්වලට රිදුනා. ඒත් එයාලා ආසාවෙන් සෙල්ලම් කරා මිසක් පසු බැස්සේ  නෑ. ඒත් නිසල් නම් ඔහේ උන්නා. ළඟටම ආපු බෝලටත් සකුන පැනලා පහර දෙනකොට නිසල් ඔහේ බලන්න උන්නා ඒක අතකට නිසල්ට බලන් ඉන්න දේකුත් තිබ්බා. ඒ තමයි හරියට පල පුරුදු ප්ලෙයර් කෙනෙක් වගේ ජම්ප් එකක් එක්ක තනි අතකින් ප්ලේ කරන සකුණ.. දාඩියට තෙත් වෙලා කුරු නළලෙන් වැටෙන ඒ පිස්සු හැදෙන dark brown කොණ්ඩෙ, තද අව්වට දිලිසෙන ඒ බළල් ඇස්, එතකොට ජම්ප් එකත් එක්කම හැරෙන ඇඹරෙන ඒ ඉන්න නිසල්ව අඳුනගන්න බැරි හැඟීමකින් අතරමං කරලා තිබ්බා.

You've reached the end of published parts.

⏰ Last updated: May 30 ⏰

Add this story to your Library to get notified about new parts!

ස් ව ප් න | ongoingWhere stories live. Discover now