Pt 01

590 26 1
                                    

"ඒ කෑම නම් සුපිරියි නේ බං" මීශා එහෙම කියාගෙන මම දිහා බලද්දි මම හිටියෙ ගල් හැගිලා වගේ ඈත බලාගෙන..

අපි සෙට් එකම පහුගිය ටිකේ එක එක දේවල්වලට බිසී වෙලා ස්ට්‍රෙස් වෙලා හිටිය නිසා අද ඩිනර් අවුට් එකකට ආවා ඔලු නිදහස් කරගන්න කියලා..අපි කිව්වෙ මමයි මගෙ ක්‍රයිම් පාට්නර් මීශායි,මීශාගෙ යාලුවෙකුයි සුකියයි.මීශායි සුකියායි මගෙ ඔෆිස් එකේ යාලුවො

ඔය කරේ ඉතිං.මදැයි ඔලුව නිදහස් කරගන්න එළියට ආවා.මම ගල් ගැහිලා වගේ බලන් හිටියෙ කොනේම තියෙන ටේබල් එකේ වාඩිවෙලා ඉන්න අපේ රටේ නැගීඑන නිළියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිම්නා රාජපක්ෂ දිහා.මම බලාගෙනම ඉන්න එක එයාට නෝට් වෙලා එයත් මම දිහා බැලුවා මම ඔලුව පාත්කරලා හිනාවුනාම එයත් ලස්සනට හිනාවුනා.

දෙවියනේ ඒ හිනාව🥺.
"අඩෝ උඹ ඒකිට ආසද?ඕන්නම් ඔහොම බලන් ඉන්නැතුව යමං ෆොටෝ එකක් ගන්න"
මීශාගෙ කෑ ගැහිල්ල නිසා ආයෙ මම පියවි සිහියට ආවා.

"නෑ මචං අවුලක් නෑ" කියලා ලාවට හිනාවෙලා මම මං ළඟ තිබුණ කෝක් වීදුරුව අරන් උගුරක් බිව්වා.

"ඒ මචං රුවී උඹ මෙහෙ ඉන්න නිළියොන්ට කැමති නෑ නෙ.උඹ කැමති අර උඹෙ ඇන්ටි පාර කවුද ....ඇන්ජලීනා ජොලී.එයාට විතරයි නෙ.මේකිට කැමති ද.මම දැනං හිටියෙ නෑනෙ.හැබැයි ඉතිං ඒකි ලස්සනයි.ඒ ලස්සනට ඕනෙ එකෙක් ඇදිලා යනවා.අපේ බහුබූතයාටත් ඒක තමා වෙන්නැත්තෙ......"

මම මෙහෙ නිළියොන්ට එච්චරම ආසාවක් නෑ තමයි.ගොඩක් නිළියො ගැන මට හිතෙන්නෙ එයාලගෙ බොරු ශෝ එක විතරයි කියලා.නිම්නාට ආස වුනේ එයා මගෙ කෙල්ල වගේ නිසා.නෑ මගෙ නෙමෙයි මගෙ වෙලා හිටිය කෙල්ල වගේ නිසා....

නිම්නාගෙ හිනාව එයාගෙ හිනාව වගේමයි.පරවියෙක්ගෙ වගේ පුංචි වෙන ඇස් එක්ක හීනි තොල්.හරි හුරතල්..
මගෙ කෙල්ලව මම මුලින් දැක්කෙ කොහෙදිද??

එදා මගේ යාලුවා චමෝද්ගෙ බර්ත්ඩේ එකට ගිය දවසෙ.හැමදාම හැමතැනටම වගේ ඒකටත් මම ගියෙ පරක්කු වෙලා.මම සමහර වෙලාවට ඒක කරන්නෙ හිතලාමයි.ඒ මම ගොඩක් අය එක්ක වල්පල් කියව කියව ඉන්න අකමැති නිසා.ගියා උවමනා වැඩේ කරා ආවා.මම කැමති වුනේ එහෙම.හැබැයි වෙලාවකට ඩාං වෙනවා ඩූං වෙනවා.අද වුනෙත් එහෙම එකක්.මගෙ හැටි දන්න නිසා චමෝදයා හරියටම 4ට දියතට වරෙන් කියලා සැරෙන් සැරේ මට මතක් කරා.ඒ නිසා මම කොහොමහරි වෙලාවට යන්න හිතාගෙන ආවත් මඟදි පාරෙ ඉන්න බලු පැටියෙක්ට සලකන්න ගිහින් එයාට යෝගට් එකක් ගෙනත් දාන ටිකට බස් එක මිස් වුනා.ඒක නිසයි මම එදා පරක්කු වුනෙ.කොහොමහරි මම එතනට යද්දි හැමෝම ඇවිත්.මම දන්න අය නොදන්න අය සේරම 12 දෙනෙක් විතර.

Confession ♥️🤍Where stories live. Discover now