Pt 06

260 16 1
                                    

ඒ දවසත් හරි ලස්සනයි.මම එයා ගැන මතක් කර කර ගොඩක් සතුටු වුනා.අපෙ ලව් එක මාස 8ක් විතර යනකම් ඇදිලා ගියා.මාස 8 වුනාට අවුරුදු 8ක වගේ දැනෙන තරමට අපි ළං වුනා.ඔහොම යද්දි ටිකෙන් ටික එයා ආයෙමත් සයිලන්ට් වෙන්න ගත්තා.හරියට කලින් මගෙත් එක්ක යාලුවෙන්න දවස්ගානකට කලින් හිටියා වගේ.ඒත් මේ පාර ටිකක් බරපතලයි වගේ.හිටිගමන් මූණ එල්ලන් ඉන්නයි මොකක් හරි අවුලක්ද ඇහුවම මොකුත් නෑ බබා කියන්නයි පටන් ගත්තම මටත් මේ පාරනම් තරහා ගියා.කොච්චර ඇහුවත් කියන්නැති නිසා මට දැනුනෙ මගෙන් එයාට වැඩක් නෑ වගේ හැඟීමක්.ඔහොම ගිහින් ටික ටික අපි කතා කරන එක අඩු වුනා.කතා කරත් ගොඩක් වෙලාවට ඉවර වුනේ මට තරහා ගිහින් කෑ ගහලා.ඇයි එයා හුළං ගිය බැලුමක් වගේ ඉන්නවා.ඒ මදිවට මට මොකුත් කියන්නෙත් නෑ.සමහර වෙලාවට මම එයාට දරුණු විදියට බැන්නා.ඒ වගේ ලොකුවට රණ්ඩු වුන වෙලාවට දවසක් දෙකක් කතා නොකරත් ඉන්නවා.ඒ වගේ ලොකු රණ්ඩුවක් වෙලා කතා නොකර ඉද්දි එයාගෙ බර්ත්ඩේ එක ආවා.මම කලින් ආසාවෙන් හිටියෙ එයා එක්ක එළියට යන්න.දැන් ඒක කරගන්න විදියක් නෑ.මගෙත් ලොකුකමනෙ.එයා කතා නොකර ඉන්නවනම් මමත් පස්සෙන් ගිහින් කතා කරන්නෙ නෑ.මම එයා ආසම දේවල් වුන මල් පොකුරකුයි තෝඩු දෙකකුයි අරන් දෙනවා කියලා හිතාගෙන ඕෆ් වෙලා යනගමන් ශොප්වලට ගිහින් බැලුවා.මල්නම් දැන් අරන් තියාගන්න බෑනෙ.එයා කවදා යාලු වෙයිද දන්නෑනෙ.මම තෝඩු හොය හොය ශොප් ගානකට ගියා.ඒත් හිතට හරියට එකක් හම්බුන්නෑ.ඔහොම හොය හොය යනගමන් මම දැක්කෙ එක ශොප් එකක කුකුල් පැටියෙක් බිත්තර කටුවෙන් එළියට එන ස්ටැචු එකක්.මට ඒක දැක්ක ගමන් මතක් වුනේ එයාව.මම ආයෙ දෙපාරක් නොහිතා ඒක ගත්තා.එයා ඒකට කැමති වෙයිද දන්නෑ.කමන්නෑ.මම දෙන නිසා එයා තියාගනී.පස්සෙ එයා එක්කම ගිහින් එයා කැමති තෝඩු අරන් දෙනවා.මම එහෙම හිතන් ඒකත් අරන් ගෙදර ගියා.උපන්දිනේ දවස වෙනකමුත් එයා මම එක්ක කතා කරෙ නෑ.උපන්දිනේ දවසෙ මම විශ් කරලා මැසේජ් එකක් දැම්මා.

"තැන්ක්‍යූ"එයා කිව්වෙ එච්චරයි.

"මේ සෙනසුරාදා මොකද කරන්නෙ."

"ක්ලාස්"

"වෙන දවසකට දාගන්න"

"වෙන දවසක් නෑ"

Confession ♥️🤍Where stories live. Discover now