Pt 04

304 20 1
                                    


"අහ් 22ද ?ෆ්‍රයිඩේ නේද වැටෙන්නෙ.අපේ මීට්න් එකක් තියෙනවා උදේ.මම බලන්නම්"

"ඔයා එච්චර සතුටු නෑ වගේ නේද.මම හිතුවා සතුටින් උඩ පනී කියලා"

"මම උඩ පැන්නා.ඔයා දැක්කෙ නෑ නෙ"

"ඔයාට ඒකත් ජෝක්"

"නෑ නෑ මම කිව්වනෙ මම බලන්නම් කියලා.මට ඉවසිල්ලක් නෑ ඔයා දකිනකම් ඔයා ඒක දන්නවනෙ"
......................................................

මළ මඟුලයි.මේ සිකුරාදා අලුත් ප්‍රොජෙක්‍ට් එකට ඉන්ඩක්ශන් එක දෙනවා කිව්වා.ලීව් එකක් ගන්න පුළුවන් ද කියලා බලන්න ඕනෙ.මම ලේසියෙන් ලීව් ගන්නෙ නැති නිසා රුකාට කියලා ශේප් එකක් දාගන්න පුළුවන් වෙයි.රුකා අපේ සුපවයිසර්.බොක්කෙ ෆ්‍රෙන්ශිප් එකක් තිබ්බෙ ඌ අපි එක්ක.ඒ නිසා ඒකනම් අවුලක් වෙන එකක් නෑ.ඊළඟට තව ප්‍රශ්න වැලක්.මොකද්ද අඳින්නෙ.එයා සිය පවුලෙන් බාගයක් එක්ක එන නිසා මම තනියෙම ගියාට කමන්නෑ ද.මම කවුරු කියලා ද අඳුන්වලා දෙන්නෙ.අයියෝ මේ කෙල්ලට තනියෙම එන්න චාන්ස් එකක් හදාගන්න බැරි වුනානෙ.හැබැයි එහෙම බල බල හිටියනම් අවුරුදු හතකට බලන්න වෙන්නෑ.එන විදියකට මුණ දෙනවා...

රුකාට කියලා ලීව් එකක් දාගන්න එක එච්චර අමාරු වුනෙ නෑ.ඒත් ලීව් එක ගන්නෙ මොකටද කියලා අහ අහ පුදුම කරදරයක් දුන්නෙ.අන්තිමට ඒක කිව්වෙ නැති තරහට මූ ලූස්මෝශන් කියලා සික් ලීව් එකක් එදාට දාන්නෙ කියලා කිව්වා.මාත් ඉතිං මොකක් හරි කමන්නෑ ලීව් එකක්නෙ කියලා හිටියා.

21 රෑ මට නින්ද ගියෙත් නෑ.හම්බුන දවසට නම් ඉතුරු කරන්නෑ කියලා කිය කිය හිටියෙ මම.මාත් හිතන් හිටියෙ එහෙම තමයි.ඒත් ඒ නැටිලි නටන්න හම්බෙන්නෑ.අක්කත් එක්කලුනෙ එන්නෙ.එයා පාරෙ එහා කොනේ ඉඳන් මාව හොයද්දි මම ෆෝන් කෝල් එකෙන් එයාට ඉන්න තැන ගැන කිය කිය එයා දිහා බලන් ඉන්න විදිය.එයා මාව දැක්කම ලස්සනට හිනා වෙලා මගෙ ළඟට එන විදිය....ඊළඟට මම රිඇක්ට් කරන විදිය....ඕවා මව මව ඉද්දි දන්නෙම නැතුව පහුවදා පාන්දර 3ත් වෙලා.මේ මඟුල හරියන්නෑ කොහොමහරි නිදියගන්න ඕනෙ.කුඩුසික් කාරයා වගේ වැනි වැනි යන්න බෑනෙ.අන්තිමේ මම youtube එකේ rain sound එකක් දාගෙන ඇස් පියාගත්තා.

Confession ♥️🤍Where stories live. Discover now