0005

528 81 16
                                    

💮එහෙනම් මන් යන්නම් සර්....

ෆෙයි ශින්ග් එහෙම කියලා මාව අර දෙන්නා එක්ක තනිකරලා ගියා...හිහි...දැන් මොනාද කරන්න ඕන....අයියෝ...බයෝ කරන්නෙ නැතුව මට තිබ්බෙ කොමස් කරන්න...කොහෙද ඉතින් ජනතා සේවය ඉහ මොලට ගහලා මාත් ඉතින් ඩොකෙක් වෙන්න හීන මැව්වානෙ...සැක්...

මන් ඉතින් විනාඩි පහක් විතර ඉදලා බඩගින්නක් වගේ ආපු නිසා හෙමින් වගේ අර යිබෝ කියන කෙනාගෙන් මෙහෙ කැන්ටිමක් තියනවද කියලා ඇහුවා..

❤️මේ මිස්ටර් යිබෝ....මේ මෙහෙ කැන්ටිමක් එහෙම නැද්ද....

ම්හුක්...මේකා පුන්නක්කු ගිලලා වගේ මගේ දිහා බලන් ඉන්නෙ පලවෙනි වතාවට එයාගෙ නමින් කතා කලේ මන් වගේ....අනිත් තියාන් කියන කෙනා බලන් ඉදලා සද්දයක් නැති පාර...

💙ආහ්...සර් තියනවා....සර්ට කන්න මොනවහරි ගෙනත් ඕනද....

❤️නෑ නෑ කමන්නෑ...මට යන්න පුලුවන්...

💙හරි සර්...

මන් ටේබල් එකේ තිබ්බ මගේ පෝන් එකත් අරන් යනකොට මෙන්න මුන් දෙන්නත් මගෙ පස්සෙන් එනවා....යකෝ මන් යුද්දෙට නෙවෙයි යන්නෙ...

❤️මේ මට තනියම යන්න පුලුවන්.....

💚එහෙම බෑ සර්...අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න....

ඒ කටහඩට මන් ටිකක් විතර ගැස්සුනා...සුට්ටම සුට්ටක්...ගොරෝසු වගේම ඩීප් කටහඩක්...

❤️ආහ්...හා..හා...

මුන් දෙන්නටත් කන්න ඕන වෙලාද දන්නෑ....

වැඩ්ඩා වගේ ඉස්සරහින් ආවට මොකද...කැන්ටිම කොහේ තියනවද කියලා දන්නෑනේ....දෙපැත්තට පාරවල් දෙකක් තියනෝ...මන් ඔලුවත් කහ කහ දෙපැත්තම බල බල ආනා රූනා රූන කටුස්සා ගගා තෝරලා බැලුවෙ පිටිපස්සෙ මුන් දෙන්නා ඉන්නවා කියන එකත් අමතක වෙලා....ශික්....වස ලැජ්ජයිනෙ...
මන් පිටිපස්ස හැරිලා බැලුවා....මුන් දෙන්නා නිකන් හිනාව කාගෙන ඉන්නවා වගේනෙ මට පේන්නෙ...

💙සර් මේ පැත්තෙ තමයි කැන්ටිම තියෙන්නෙ...

තියාන් මට පෙන්නන කොට මන් හිනාවක් දීලා ඒ පැත්තට යන්න ගියා.....


ආ ඔය තියෙන්නෙ බැබලි බැබලි මගෙ කෑම රාජයෝ ටික....මොනාද කන්නෙ....එක එක ඒවා තියනවා....දැකපු නැති ඒවත් තියනවා......ඕන මගුලක් වෙන්න කියලා මන්...

මේ දෛවයම ද?💚❤️ | complete✅Wo Geschichten leben. Entdecke jetzt