0004

548 85 11
                                    

💬මන් මේ කතාව ලියන්නෙ චුට්ටක් ලංකාවෙ ටයිප් එකට බව කරුණාවෙන් සලකන්න....හිකි හිකි....

අතීතය....

yibo's pov....

අදට මගෙ වස්තුව මාව දාලා ගිහින් අවුරුද්දක් වෙනවා....ඒකත් මන් නිසා.....අද තියාන් අයියත් එක්ක පන්සලට ගිහින් දානෙ දීලා ආපු මන් කෙලින්ම ගියේ ජාන්ගෙ සොහොනට...මන් දන්නෙත් නෑ...අයියත් මගෙ පස්සෙන්ම ඇවිත් තිබ්බා...සුදුපාට ටයිල් අල්ලලා ලස්සනට හදලා තිබුන ජාන්ගෙ සොහොන උඩට එතන තිබුන අඹ ගහේ කොල දෙක තුනක් වැටිලා තිබුනා...මන් ඒ ටික අස් කරලා දූවිලි තියෙනවන්ම් අයින් වෙලා යන්න මගේ අතින්ම සොහොන පිහිදලා දැම්මා...පිහිදාලා එයා ආසම රතු රෝස මල් පොකුරක් තිබ්බෙ ඊයෙ ගෙනාපු පරවෙච්ච මල් පොකුර අයින් කරන ගමන්....එයා රතු රෝස මල් වලට පුදුම තරම් ආසයි...ඉස්සර අපේ ගෙදර රෝස මල් පාත්තියක්ම තිබ්බා....එයාගෙ ආසාව කියලා මාව මරව මරව ඒ පාත්තිය හදාගත්තා...එක දවසක් රෝස මල් ගහක් උඩට මන් ඉදුල් වතුර විසික් කලා කියලා මගෙ පන මගේ ඔලුව හිල් වෙලා යන්නම ටොක්කක් ඇනලා දවසක් කතා නොකර හිටියා...මන් දැක්කා අයියගෙ අතෙත් මන් ගෙනාවා වගේම රෝස මල් පොකුරක් තියනවා.....එයත් ඒක තියලා මන් ගාවින්ම වාඩිවුනා....

💚මගෙ වස්තුව....උබ ඉන්න තැනක සතුටින් නේද මැණික.....

සොහොන් කොතටම අල්ලලා තිබුන ජාන්ගෙ ලස්සන පොටෝ එක අතින් හිමීට අල්ලන ගමන් යිබෝ ඇහුවා කදුලු පිරුන ඇස් වලින්...යිබෝ හැමදාම ජාන්ව බලන්න මෙතනට ආවා...ඒකදැන් යිබෝගෙ පුරුද්දක්...මොන වැඩේ තිබුනත් උදේ පාන්දරම ජාන්ව බලලා යන්න එනවා....

💚උබ කොහෙ හරි ඉපදිලා ඇති නේද බන්....මට ටොකු ඇනපු පව මිසක් උබ වෙන පවක් කරලා නෑ බන්...

යිබෝ හිනා වෙවී අඩ අඩ කියවනවා...

💙අඩන්න එපා බන්

එයා මට කිය කිය හොටු පෙර පෙර අඩනවා....

💙මල්ලී....උබ මේ රූපෙන්ම ආයෙ ඉපදිලා නම් මන් උස්සලා හරි හන්ගන් තියාගන්නවා....මොනවත්ම වෙන්න නොදී මගෙ පණ දීලා හරි උබව රකිනවා බන්....

අයියා කියවනවා...මන් ඒවත් අහගෙන ඔහේ ජාන්ගෙ සොහොනෙ තියන පොටෝ එක දිහා බලන් උන්නා...

මේ දෛවයම ද?💚❤️ | complete✅Onde histórias criam vida. Descubra agora