-Clean-Sweet-White (BTS සිංහල)
"අයියා... චුට්ටක් ඔහොම ඉවසලා ඉන්නකො... මම ඉක්මනට රස්සාවක් හොයන් එන්නම්... එතකොට ඒකෙන් ලැබෙන සල්ලි වලින් අපිට පුලුවන්නෙ බෙහෙත් ගන්න...."
"පිස්සුද මල්ලි... අපරාදෙ ඔයාගෙ සල්ලි, මහන්සියයි... මම කොහොමත් මැරෙන්න ඉන්න කෙනනෙ... ඔයා මම ගැන හිතන්නෙ නැතුව හොදට ඉගන ගන්න... අම්මයි තාත්තයිත් කැමති උනේ අපි දෙන්නා හොදට ඉගන ගෙන හොද රස්සාවක් කරනවා බලන්නනෙ..."
පාක් යුන්සෙ ඇදේ ඉදන් කදුලු පුරවන් එයාගෙ දිහා බලන් ඉන්න වයස අවුරුදු 16ක් උන එයාගෙ පුංචි මල්ලිගෙ පිරුනු කම්මුල් එයාගෙ වෙවලන අත් වලින් අල්ලන ගමන් කිව්වා.
"එහෙම කොහොමද...? මට ඉන්නෙ ඔයා විතරයි... ඔයත් නැති උනොත් මම මේ ලෝකෙ තනි වෙයි... අනේ... අයියෙ... ඔයවත් මාව දාල යන්න එපා... මට හරි පාලුයි...."
පුංචි කෙදිරි ගෑම ටික ටික මහ ඇඩිල්ලක් තරමට ම දුර ගියා. ඇදේ ඉදන් අමාරුවෙන් ඉන්න පාර්ක් යුන්සෙ එයාගෙ මල්ලිව නලවන්න උත්සහ කලත් එයා ගොඩක් දුර්වල නිසා හැම වෙලාවක ම එයා අසාර්තක උනා.
"මේ අහන්න... අඩන්න එපා... දැන් ඉස්කෝලෙට යන්න... බලන්න..... දැනටමත් පරක්කුයිනෙ... මම පොරොන්දු වෙනවා..... ඔයා එනකල් ඉන්නවා කියලා... ඒක නිසා දැන් යන්න... ඉතින් නැගිටින්නකො..."
කොහොම හරි යුන්සෙගෙ කෙදිරි ගෑමට ම එයාගෙ පුංචි මල්ලි ඉස්කෝලෙ යන්න පිටත් උනා.
හැමෝම වැඩට ගිහින්, ලමයි ඉස්කෝලෙ ගිහින්, දැන් පාර හරිම පාලුයි. ජිමින්ගෙ තනියට හිටියෙ යුන්සෙගෙ ෆුට්බයික් එකේ කිරි කිරි සද්දෙ විතරයි. ඇත්තටම ජිමින් අයියගෙ කීමට ඉස්කෝලෙට යන්න පිටත් උනා මිසක් කිසිම දවසක එයා එයාගෙ කැමැත්තෙන් ඉස්කෝලෙ ගියෙ නෑ. ඒකට ජුන්කුකුත් එක හේතුවක් උනා.
ජුන්කුක්..
YOU ARE READING
-Clean-Sweet-White- [BTS සිංහල - Completed]
Teen Fictionඅවුරිදු 10ක විතර වයස් පරතරයක ආදරයකට වඩා හතුරෙකුට ආදරය කරන එක ලේසිද...? එහෙනම නැත්නම්.. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමුද...?