ටික වෙලාවක් බෑග් එකත් තුරුල් කරන් දනහිස් දෙක අතරෙ ඔලුව තියන් හිටිය ජිමින්ට එලියෙන් ලාවට බෙල් එක වදිනවා ඇහුනා. කොරිඩෝව පැත්තෙන් ඇහෙන කලබල අඩි සද්දෙ අඩු වෙනකල් ජිමින් එහෙමම එතන ඉදගෙන හිටියා. ටික වෙලාවකින් කොරිඩෝවෙන් ඇහෙන සද්දෙ අඩු උනාම ඇහැ විතරක් පේන විදිහට ජිමින් ලාවට දොර ඇරලා පස්සෙ කොරිඩෝව දිගේ කිසිම වැරැද්දක් නොකරත් ජිමින් හොරෙක් වගේ බෑග් එකත් තුරුල් කරන් පන්තිය ලගට ආවා. ජිමින් එනකොට සර් ඇවිල්ලා හිටියෙ නැති නිසා පන්තිය ගොඩක් ගෝශා කාරි උනා.
හැමෝම තම තමන්ගෙ වැඩ වල හිටිය නිසා ජිමින් පන්තියට එන එක ගැන කාටවත් ගානක් තිබ්නෙ නෑ. ඒත් ජුන්කුක් නම් ජිමින් එනවා දැක්කා. ඒත් ඒ ගැන වැඩිය තකන්න ගියෙ නෑ.
ජිමින් සුපුරුදු පරිදි එයාගෙ මේසෙ උඩ ගිහින් වාඩි වෙලා බෑග් එකෙන් පොත් ටික එලියට ගත්තා. ඒත් එක්කම ෆෝන් එක සයිසන්ස් දාන්න කියලා අතට ගත්තත් ජිමින්ට ඒකට හිත දුන්නෙ නෑ. මොකද ඊයෙ රෑ වගේ අයියා එයාට කෝල් අරන් ඇහුනෙ නැති උනොත් කියලා.
ඒත් එක්කම ජිමින්ව පෙන්නන්න බැරි සර් පන්තියට ඇවිල්ලා ආපු ගමන් ජිමින් ඉන්නවද කියලා බැලුවා. කොහොම උනත් ජිමින් මේ ගැන දැනගෙන හිටියත් සර්ගෙ දිහා නොබලා පොතේම ඔලුව ඔබන් හිටියා. ඒත් එක්කම වැඩි වෙලා නොයා සර්ගෙ පාඩම පටන් ගත්තා. ඒත් ජිමින්ට සර් කියන කිසි දෙයක් ඇහුනෙ නෑ. මොකද... ජිමින් ඉන්නෙ ජනේලෙ ගාවනෙ. ඒ මදිවට හොදටම වහිනවා. ඒකෙ සද්දෙට ජිමින්ට කොහොමටත් සර් කියන දේ ඇහෙන්නෙ නෑ. එත් එයා බොරුවට සර් කියන දේ හොදට ඇහෙනවා වගේ අහන් හිටියා.
කොහොම උනත් සර් පාඩම පොඩ්ඩක් තමාටම කියව ගන්න කියලා බෝඩ් එකේ මොකක්දෝ එකක් ලියන්න ගත්තා. ජිමින් පාඩම කියවන එක කෙසේ වෙතත් ටිකක් නිදා ගන්න කියලා හැදුවහම එක පාරට මහ සද්දෙන් එයාගෙ ෆෝන් එක රින්ග් උනා. ඒත් එක්ක ම උච්ච ස්වරයෙන් සර් කෑ ගහන්න ගත්තා.
කොහොම උනත් ජිමින් ඒක ගැන හිතන්නෙ නැතුව නාදුරන අන් සේව් නම්බ එකකින් එන කෝල් එක ආන්ස කරනවද නැද්ද කියලා හිත හිතා හිටිය. කොහොම උනත් කොහොමටත් සර් දැන් බනින්න ගත්ත එකනේ කියලා ජිමින් සර්ව ගනන් ගන්නෙ නැතුව ෆෝන් එක ආන්ස කලා.
YOU ARE READING
-Clean-Sweet-White- [BTS සිංහල - Completed]
Teen Fictionඅවුරිදු 10ක විතර වයස් පරතරයක ආදරයකට වඩා හතුරෙකුට ආදරය කරන එක ලේසිද...? එහෙනම නැත්නම්.. හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගමුද...?