part 3

81 7 0
                                    

බෙල් එක ගහපු ගමන් කිසිම හැදියාවක් නැතුව සර්ටත් කලින් පංතියෙන් එලියට දුවන්න ලමයි දොර ලග හිටන් ඉන්න ජිමින්ගෙ ඔලුවට ගහගෙන යන තරමට කුහක උනා. කොයි කවුරු ජිමින් ලගින් ගියත් එයා බිම බලා ගෙන බිත්තියට ගුලි උනා. ඒත් ඒ ඔකෝට ම වඩා ජුන්කුක් එයාගෙ ලගින් යනකොට ජිමින්ගෙ අතුත් වෙවල්න්න ගත්තා.

ඒත් අද වෙනදා වගේ නෙවෙයි ජුන්කුක් ජිමින් දිහා බලන්නෙවත් නැතුව පන්තියෙන් එලියට ගියා. හිස් වුනු පන්තියේ පැය තුනහාමාරකට පස්සෙ ජිමින්ට එයාගෙ පුටුවෙ ඉද ගන්න අවස්තාව ලැබුනා. කොහොම උනත් ජිමින්ට කෑම ගන්න සල්ලි තිබ්බෙ නැති නිසා බඩ ගින්නට ම ජනේල් එන සීතල සුලං මැද්ද ජිමින් ලොකු නින්දකට වැටුනා.

ඉන්ටවල් එක ඉවර වෙලා ලමයි ආපහු පන්තියට ආවත් ජිමින්ට හොදටම මේසෙ උඩ නින්ද ගිහින් තිබ්බා. කොහොම උනත් ජුන්කුක් එයගෙ චරිතෙ මාරු කරන ගමන් මේසෙ උඩ නිදාගෙන ඉන්න ජිමින්ගෙ ඔලුවට එයා බිබී හිටිය වතුර බෝතලේ හලා ගෙන ගියා.

ජිමින්ගෙ මූනට වතුර වැටුන නිසා ඒත් එක්ක ම ජිමින්ව උඩ ගිහින් ඉබේට ම ඇහැරුනා. පස්සෙ ජිමින් කවුද එයාගෙ මූනට වතුර හැලුවෙ කියලා බලන්න පිට පස්සට හැරෙද්දි ජුන්කුක් සාක්කුවට අතකුත් දාගෙන කිසිම ගානක් නැතුව බෝතලේ ඉතුරු වතුර ටික බිබී ඉස්සහරට ගිහින් එයාගෙ මේසෙ උඩ වාඩි වෙනවා ජිමින් දැක්කා.

වෙනදට වැඩිය කිසිම කරදරයක් නැතුව ඉස්කෝලෙ වෙලාව ගත වෙලා ගියත් ඒ ගැන සතුටු වෙන්නවත් ජිමින්ට වෙලාවක් තිබ්බෙ නෑ. ජුන්කුක් ජිමින්ට කරදර කරන්න එයාගෙ බයික් එක ලගට යන්න කලින් ජිමින් ඉක්මනින් ඉක්මනින් ලමයි අතරින් ඉස්සරට ගිහින් බයික් එක පැට්ල් කරන් එයාගෙ job එක තියන තැනට පිටත් උන. මොකද ජිමින්ට job එකට යන පලවෙනි දවසෙත් ජුන්කුක්ගෙ කරදර නිසා පරක්කු වෙලා යන්න කිසිසේත් ම ඕනෙ උනේ නෑ.

ඊයෙට වැඩිය අද ගොඩක් වෙනස්. ඊයෙ පාලු ස්වභාවක් තිබ්බ ගොඩනැගිල්ලෙ අද උතුරන තරම් සෙනග. ජිමින් හෙමින් හෙමින් එතන ඉන්න ලමයි අතරින් ඉස්සරහට ගියා. එතන ඉන්න හැම ගෑනුලමයෙක් වගේ ම හැම පිරිමි ලමයෙකුත් ජිමින් දිහා වශී වෙලා වගෙ බලන් හිටියා. ජිමින් මේ වෙලෙ හිතුවෙ ඒකට හේතුව එයා අලුත් ලමයෙක් වෙන්න ඇති කියලා හිතන නිසා එයාගෙ දිහා එහෙම බලනවා ඇති කියලා. ඒත් ඒක නෙවෙයිනෙ ඇත්තට ම හේතුව. කොහොම උනත් ජිමින්ට මේක ටිකක් විතර හිරිහැරයක් උනා.

-Clean-Sweet-White- [BTS සිංහල - Completed]Where stories live. Discover now