Prologue

1.3K 74 54
                                    

පිවිසුම

"මොකද්ද කියවන පොත..?"

"Nassim Nicholas Taleb ගේ The Black Swan: The Impact of the Highly Improbable..."

"ම්ම්ම්..."

"Black Swan theory or Black Swan event ගැන අහලා තියනවද..?"

"නෑහ්... මම science නෙවේනේ කළේ..."

"ඒක scientific theory එකක්ම නෙවේ... ඒක philosophical description එකක් වගේ හරියටම බැලුවොත්... Science, Maths, Econ, Business field එකට පවා apply වෙන එකක්... මේක world wide popular උනේ Taleb ගේ මේ පොත එක්ක. එයා  economist කෙනෙක්..."

"මම ඒ ගැන අහලා නෑ..."

"Degree එක Econ special නේද..? Economic theory එකක් දන්නෑ කියන්න ලැජ්ජ නැද්ද..?"

"ලැජ්ජ වෙන්නේ මොකටද..? මම අවුරුදු ගාණකින් degree එකට ඉගෙනගත්ත stuffs use කරලා නෑ... අනික මම Econ degree එකක් කළේ job එකකට පැනගන්න තියන උවමනාවට මිසක් ආසාවට නෙවේ... ඒ නිසා final exam ලිව්වට පස්සේ මං ඔය මඟුල් ඔලුවේ තියාගත්තේ නෑ..."

"Bloody educational system in Sri Lanka..."

"ඔයත් A/Level වෙනකන් ඉගෙනගත්තේ ඒ bloody educational system එකෙන්මනේ... Whatever, මොකද්ද අර කළු හංසයගේ කතාව..?"

"කළු හංසයෙක් ගැන නෙවේ මම කිව්වේ Black Swan theory එක ගැන... හ්ම්ම්... Black Swan event means rare and extremely unexpected event that results in an outcome that exceeds expectations... Got it..?"

"What..?"

"ඒ කියන්නේ target limit එක ඉක්මවා ගියපු result එකකට හේතුවෙන rare and extreme unexpected event එකක් තමයි Black Swan event එකක් කියන්නේ..."

"ඈහ්..?"

"හ්ම්ම්... මෙහෙමයි... මේක තවත් විස්තර කළොත් අපි බලාපොරොත්තු නොවෙන කලාතුරකින් සිද්ධ වෙන්න පුලුවන්, හුඟක් බරපතල මට්ටමේ සිදුවීමක් කාලෙකට කලින් සිද්ධ වෙනවා කියලා හිතන්න... පස්සේ කාලෙක ඒකට එන result එක අර සිද්ධ වෙච්ච සිද්ධියට  මුල් උන අයවත් නොහිතන විදියේ අමුතුම, වෙනස්ම එකක් වෙනවා. හිතුවට වඩා බරපතල  result එකක්... දැන් තේරුණාද..?"

"හ්ම්ම්... ඒ කියන්නේ කාලෙකට කලින් කවුරු හරි මොකක් හරි දරුණු ඝනයේ දෙයක් කරනවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නැති විදියේ දෙයක්... ඒකට ඒ කෙනාවත් නොහිතන විදියේ result එකක් පස්සේ කාලෙක හම්බෙනවා... එහෙමද..?"

"ඔය තේරුණේ ගොනාට වගේ..."

"මොකක්...?"

"නෑ නෑ... ඔය කිව්ව එක හරි..."

බ්ලැක් ස්වෝන්  🎲 || Ongoing BLWhere stories live. Discover now