ජවනිකාව අංක 07
"උඹේ phone එක වැඩ නැද්ද වයිටා..?"
හිඳගත් සැණින් එතෙක් රැවීමක් නෙතග රඳවාගෙන සිටි සරිත් විමසුවේ ස්වාන් දෙසට හැරී මන්ද්‍ර ස්වරයෙනි.
"ඊයේ එකොළහමාරයි බං මං off වෙද්දි... දවල්ට කන්න හම්බුණෙත් පැය කාලයි... Back to back appointments... Phone එක අපිට duty rooms ඇතුලේ use කරන්න තහනම්... ගෙදර ආව ගමන් මහන්සියටම නින්ද ගියා..."
ස්වාන් ද මන්ද්‍ර සරින් කීවේ මුසාවක් නොවේ. පෙර දින ඔහුට අතිශය කාර්යබහුල දිනයක් විය.
"හ්ම්ම්... මම calls ගත්තා..."
"අඩෝ කේශ්..!"
සරිත් හට ඔහුගේ කතාවේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්නට අවස්ථාවක් නොදෙමින් සරිත්ට අනෙක් පසින් සෝපාවෙහි අසුන්ගෙන සිටි තරුණයෙක් කතා කරන්නට වූයේ ය.
"හේෂ්... අපි තුන්දෙනාට විතරද බං interview call කරලා තියෙන්නේ..?"
ස්වාන් මඳක් ඉදිරියට නැඹුරු වී සරිත්ට අනෙක් පසින් සිටි හේෂාන් ගෙන් විමසීය.
"තිලාට නෑ බං... ඌ training ඉද්දි මොකක් හරි කොක්කක් දාගත්ත නේද staff එකෙක් එක්ක..? ඒ සීන් එක නිසා වෙන්නැති..."
"ජල්ලිට interview call කරල... ඒකි එන්නෑ කිව්ව. ඒකි Colombo ඇවිත් job එකක් කරනවට ඒකිගේ මිනිහා කැමති නෑ කියලා..."
හේෂාන්ගේ පිළිතුරෙහි අවසානය සරිත් විසින් සම්පූර්ණ කරන්නට විය. එතැන් පටන් මන්ද්‍ර සරින් තරුණයන් තිදෙනාගේ කතාබහ ඇදිනි. සරිත් මඳක් නුරුස්නා සුළු ස්වභාවයෙන් හේෂාන් කෙරෙහි හැසිරුණේ ය. එයට හේතු දැනසිටි ස්වාන් එය නොතකන සේ හේෂාන් සමඟ දිගින් දිගට ම කතා කරන්නට විය. සරසවියේ 'අල' කණ්ඩායම නියෝජනය කළ හේෂාන් කෙරෙහි සරිත් ආධුනික පුහුණුවෙහි යෙදුණු කාලයේ පවා එතරම් සුහද බවක් නොදැක්වූ බව ස්වාන් නොදන්නේ නොවේ. නමුත් සරිත්ගේ නොරිස්සුම ස්වාන්ට එකල සේ ම, මෙකල ද කිසිසේත් ම අදාළ නොවීය. ආධුනික පුහුණුව තෙක් එතරම් සමීපත්වයක් නොපැවති ස්වාන් සහ හේෂාන් එවක් පටන් තරමක සමීපත්වයක් පවත්වාගෙන යන බව සරිත් ද දැනසිටියේ ය.
VOCÊ ESTÁ LENDO
බ්ලැක් ස්වෝන් 🎲 || Ongoing BL
Mistério / Suspenseබ්ලැක් ස්වෝන් 🎲 𝓑𝓛𝓐𝓒𝓚 𝓢𝓦𝓐𝓝 "...ගෑනු විතරක් නෙවේ, සමහර පිරිමිත් වචනවලට ඇබ්බැහි වෙනවා... වචන ළඟ දියවෙනවා... අයියන්දේ කිව්වා වගේ සමහර පිරිමින්ගෙත් aphrodisiac එක වචන... ඒ නිසා මගේ g-spot එක ඇත්තෙත් ඉණෙන් පහළ නෙවේ වෙන්නැති... වයින් වගේ class...