තරු රටා,එක්තරා සිසිල් සන්ධ්‍යාවක, අසංඛ්‍යාත දිලිසෙන තරු රටා වලින් සරසලා තියෙන විශාල අහස් වියන යට සැනසීමක් පතාගෙන මාත් මගේ සමීප මිතුරො දෙන්නා රයන්'නුත් පෙරි'ත් රෑ කෑම එලියෙන් ගන්න හිතාගෙන පාර දිගේ ඇවිඳගෙන ගියා.අපි තුන් දෙනාටම අපේම කියලා පෞද්ගලික වාහන තිබුණත් පෙරී'ගෙ ඉල්ලීම වුණේ වෙනසකටත් එක්ක මෙහෙම යමු කියන එක.මේ වගේ දේවල් අපි තුන්දෙනාට සරළ හුරුපුරුදු දේවල් වුණත් කාලෙකින් අපි ඒ වෙනස අත්විදලා නොතිබුණා.අපේ ජීවිත ඇතුලෙ අපි හිටියෙ යාළුවො විඳිහට සතුටු වෙන්න පුලුවන් මානසික මට්ටම් වල නෙවෙයි ආසන්නම කාලයෙ සිදු වෙච්ච සමහර අනපේක්ෂිත සිදුවීම් එක්ක පෙරී එයාගෙ කොල්ලට සෑහෙන්න ලංවෙලා හිටියා.රයන්'ට එක කෙල්ලෙක් හිටියෙ නැහැ මිනිහා කැමති ජීවිතේ නිදහසේ විඳින්න.මම, මම වැඩි හරියක්ම මගෙ කාලය ගෙවන්න කැමති වුණේ මගේම කියලා මමම විතරක් ඉන්න ලෝකෙක.ඒත් අපි ආයෙමත් කණ්ඩායමක් වෙලා තිබුණා කාලයක් පුරාවට ගත්ත දීර්ඝ දුරස් බවකින් පස්සෙ.
වීදිය දිගේ උසට උසේ තියෙන වීදි ලාම්පු කණු පහු කරගෙන, එකකට එකක් වෙනස් ජාතියේ රස කෑම තියෙන කඩ අස්සෙන් අපි තුන්දෙනා ඉස්සරහටම ගියා ඇවිදගෙන, තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගෙ හරි කට ඇරෙනකල්.
" මේක හොඳයි වගේ "
අවසානෙදි, පෙරි නැවතුනෙ විවෘත එලිමහන් අවකාශයක පිහිටලා තියෙන කුඩා ප්‍රමාණයේ ආපනශාලාවක් ලඟ.මුහුඳට ලඟ ලඟම එලිමහනෙ මේස දාලා කහ පාට බල්බ් එල්ලලා හදලා තිබුණු නිසාමද මංදා මටත් තැනට ආස හිතුනා.රයන්'ගෙනුත් කිසි විරෝධයක් පෙරී'ගෙ තේරීම සම්බන්ධයෙන් මේ වෙලාවෙදි ආවෙ නැහැ.ඇත්තටම ඒක සෑහෙන්න ලොකු සැනසීමක් නැත්නම් මට සිද්ද වෙන්නෙ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩියක් වගේ වෙන්න.
" මෙතන හොඳයි නේ "
තිබුණෙ මේස දහයක් වගේ.අපේ වෙලාවට එක මේසයක් හිස්ව තිබුණා.රෑ කෑම කන්න තිබ්බ උවමනාව නිසාම ආවා වුණත් මට ඒ තැන සෑහෙන්න හිතට ඇල්ලුවා.පැත්තකින් ඇහෙන නෑහෙන තරමෙ ඉංග්‍රීසි ගීතයක් වදනය වුණා දාලා තිබුණ රේඩියෝ නාලිකාවකින්.ආපු වෙලාවෙ ඉඳලම පෙරී හිටියෙ එයාගෙ මුහුණු පොත යාවත්කාලීන කර කර.මම හිටියෙ උඩ බලාගෙන මොකද මගෙ ඔලුව උඩින් ලස්සනට තිබුණු දේ තරු රටා පිරිච්ච කලුපාට අහසයි.ඉතිං මම ඉන්න මනෝ ලෝකෙට ඒක මාරම විදිහට ගැලපුණා.රයන් අපි හැමෝගෙම වගකීම කරට අරන් අපිට අවශ්‍ය කෑමයි බීමයි ස්වකැමැත්තෙන්ම අපිට පිලිගන්නන වැඩේ කලා.මිනිහා දන්නවා මේ වගේ ගමනකදි ඒක තමයි මිනිහට කරන්න සිද්ද වෙන හුරු පුරුදු රාජකාරිය කියලා.මොකද, ඇත්තටම මම ඉන්න තැන කවදාවත් මගෙ හිත තිබුණෙ නැහැ.ඒක ගොඩක් දුර ඈතක මටවත් අල්ලලා තියාගන්න බැරි දුරක තිබුණෙ.හිතුවක්කාර හිත ..
YOU ARE READING
11 November(සරත් සෘතුවේ අවසාන මාසය)
Romance" පුංචි පැලෑටියක් වුණත් මුල් වලින්ම උගුල්වලා නොදැන්මොත් ඒක ආයෙමත් දලු දානවා ඉතිං මම ඒ පැලේ මුල් වලින්ම උගුල්වලා දුර ඈත මැරුණු පසකට විසික් කරලා දැන්මා ආයෙ පැල නොවෙන්න ඕනෙ නිසා " කෙනෙක් ආදරේට ඒ තරම් බය වුණා.ඉතිං, ඒ කෙනා ආදරේ හංඟගෙන ආදේශ වලට හුරු වෙවී...