ඉතිං කොහොමද ජිමින් දැන් හෝසොක්ගෙ ත්ත්වෙ. මට දැන ගන්න ලැබුන හෝසොක් ගොඩක් වෙලාවට ඉන්නෙ ඔයත් එක්ක කියල.
ඒක නම් එහෙම තමයි ඩොක්ටර් ජින් . මට නම් හිතෙන්නෙ එයා දැන් හොදටම හොදින් කියල. අනික එයාට ගොඩක් දේවල් මතකයි.
එහෙමද.
ඔව් ඩොක්ටර් . මම හිතන් ඉන්නෙ එයාව හවසට පොඩ්ඩ පොඩ්ඩ එලියට එක්ක ගිහින් අනිත් අයත් එක්ක එකතු කරන්න.
ඒක හොද අදහසක් ජිමින් . හැබැයි කරන දෙයක් කල්පනාවෙන් පරිස්සමින් . මොකද අපිට කියන්න බැ එයාගෙ රියැක්ශන් එක මොන වගේ වෙයිද කියල. මතකනේ ඔයාව පලවෙනියට හම්බවුන දවසෙ. එයාට කාලයත් එක්ක තමයි හැමදේම හුරු කරන්න ඕන.
හරි ඩොක්ටර් .
ජිමින් ඩොක්ටර් ජින්ගෙන් සමුගෙන එන්න ආවත් ආයෙමත් දොර ගාවදි නැවතිලා හැරුනේ තමන්ට මතු වෙච්ච ප්‍රශ්නයක් එක්ක.
මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා ඩොක්ටර් ඒත් හෝසොක්ගෙ පවුලෙ කව්රුත් නැද්ද. මම අහන්නෙ මොකද මම මේතරම් කාලෙකට දැකල නෑ හෝසොක් ව බලන්න කව්රුත් එනවා
මට දැනගන්න උන විදියට නම් හෝසොක්ගෙ පවුලෙ කව්රුත් දැන් නෑ .
ඕ එහෙමද.
හ්ම් .
හරි ඩොක්ටර් මං ගිහින් එන්නම්.
තවත් සති කිහිපයක් ගත උනේ හෝසොක් ජිමින් සාමකාමිව කාලය ගත කරන අතර තුර . ඒ වගේම හෝසොක් දැනගෙන හිටියා ජිමින්ට බදින්න කෙනෙක් ඉන්න වග. හෝසොක්ගෙන් ඒකට බාධාවක් උනේ නෑ . හැබැයි ජිමින් හැමතිස්සෙම කිව්වෙ එයා ඒ ගැන ඒ පුද්ගලය එක්ක කතා කරනවා කියල. හෝසොක් ජිමින් යුන්ගි එක්ක කතා කරන වෙලාවට ජිමින් ව මග හැරල හිටියා. ජිමින් කිහිපවරක්ම හෝසොක් ට යුන්ගි එක්ක කතා කරන්න කියල දුරකතනය ලබා දුන්නත් හෝසොක් ඒ හැම වතාවකම ඒක ප්‍රතික්ෂේප කලා. හරියට දවසක ජිමින්ව අතහරින්න උනොත් කියන සූදානමින් හෝසොක් හිටියේ. නමුත් මේ බව යුන්ගි දැනගෙන හිටියෙ නෑ . ජිමින් යුන්ගිට මේ ගැන කියන්න උත්සහ කලත් ඒ හැම වෙලාවකම වගේ මොකක්ම හරි දෙයක් නිසා ඒ දේ වැලකුනා. දැනට ජිමින් මෙතන වැඩ කරන්න ඇවිත් මාස හතරකට කිට්ටුයි. ඒ කියන්නෙ ජිමින්ගෙ සර්විස් එක ඉවර කරල ආයෙමත් ජිමිනට යන්න කාලය ලගයි.
YOU ARE READING
THE SAME SKY |yoonminseok|✔️
Fanfictionආදරය කියන්නෙ ආරක්ශාවට. මොකද ආදරයත් ආරක්ශාවක් හොයනවා. 🥀 Published - 01012023 Completed - 21022024 Yoonminseok BL