මං නිසා ගෙදර අයත් එක්ක රන්ඩු වෙන්න එපා හියුන් .
මං එයාලට මෙච්චර තේරුන් කරලත් එයාල තේරුම් ගන්නෙ නැති එක ගැනයි මට දුක හේසු.
මං කියනවට හියුන් ඒ ෆැමිලි එකත් එක්ක කතා කරල බලන්න. සමහර විට ඒ ගර්ල් තේරුම් ගනී.
මං බලන්නම් හේසු. මොනදේ උනත් මං ඔයාව නැති කරගන්නෙ නෑ .
අපි හිතන දේට වඩා අපි දකින දේ වෙනස් හියුන් . පරිසමින් යන්න.
මං ගිහින් දාන්නද හේසු
ඕන නෑ හියුන් මං යන්නම් .
එහෙම කියපු හෝසොක් යන්න හැරුනත් නැවතුනේ අනෙක් තරුනය හෝසොක්ගෙ අතින් අල්ලගෙන නවත්තගත්‍ත හින්දා. අල්ලගත්තු අතින්ම ඇදල හෝසොක් ව ලගට ගත්ත ඒ තරුනය හෝසොක්ගෙ නලල සිපගෙන මිමිනුවේ ,
පරිසමින් යන්න. මං ආදරෙයි .
හෝසොක් ඒ තරුනය ව හමුවෙලා සතියක් ගතවුනේ සාමකාමිව.
හැමදේම නිහඩව සිද්ද වෙද්දි හෝසොක් වගේම හෝසොක්ගෙ පෙම්වතත් ඒ සතිය ගෙව්වෙ සතුටින් . මොකද හෝසොක්ගෙ පෙම්වතාගෙ ගෙදරින් හෝසොක් ට අකමැති උනත් ඔහුට ගෙදරින් යෝජනා කරපු තරුනිය හෝසොක්ලට උදව් කරන්න කැමති වෙලා තිබුනා. ඒ තරුනියගෙ යෝජනාවට අනුව හෝසොක් ව විවාහයට පෙර දින රහසේම නගරයෙන් පිටත් කර පසුදින තරුනයාව ඔහු වෙත යැවීමට කටයුතු සූදානම් කරගෙන තිබුනා.මැනික මට එන්න වෙන්නෙ නෑ . හදිස්සියෙම අප්පගෙ වැඩකට එලියට එන්න උනා. සේහි එනවා. සේහි එක්ක පරිස්සමින් එන්න. ඇවිත් මට කෝල් එකක් දෙන්න.
හෝසොක් මීට පෙර දෙවරක් සේහිව මුන ගැසී තිබුනා. පලමු දැකීමෙන් පමනක් කෙනෙකුගේ සිතෙහි හැගීමක් ඇති කරවන තරමට සුන්දර සේහි ව්‍යාපාරක දියනියක්. ඇයව තමයි හෝසොක්ගෙ පෙම්වතාට විවාහ වීමට දෙමාපියන් යෝජනා කර තිබූ තරුනිය .
ඉදහිට පමනක් වාහනයක් දෙකක් ගමන් කරන පාර. වටපිටාව නොපෙනෙන තරමට වූ ගන අදුර මැදින් ගමන් කරන සුඛෝපභෝගි මෝටර් රථ තුල හිටපු හෝසොක් ගේ හිතෙහි ගැස්මක් ඇතිකලත් තමාට එහා පසින් වාඩි වී සිටින තම සොහොයුරියක් බදු සේහි නිසා හෝසොක්ගෙ මදකට සැහැල්ලු උනා.
YOU ARE READING
THE SAME SKY |yoonminseok|✔️
Fanficආදරය කියන්නෙ ආරක්ශාවට. මොකද ආදරයත් ආරක්ශාවක් හොයනවා. 🥀 Published - 01012023 Completed - 21022024 Yoonminseok BL