ආයෙමත් අලුත් සතියක් . අලුත් දවසක් . හැමදේම එක්ක අලුත් බලාපොරොත්තුවක් . මේ වෙද්දි මං මෙහෙට ඇවිත් මාසෙකට කිට්ටු වෙනවා. නෑ හෙටට හරියටම මාසයක් . වෝඩ් ටුවර් එකත් ඉවර වෙලා හවස විවේක වෙලාවට හෝසොක්ව එලියට එක්කගෙන යන්න මට ඕන උනා. හොස්පිටල් එකෙන් එලියට එක්කගෙන යන්න තවම බැරී නිසා අඩුම තරමෙ හෝසොක්ව රූම් එකෙන් එලියට ගන්න වත් මම උත්සාහ කරන්න හිතුවා. හෝසොක් මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න අනිසි බියක් දක්වන බව එයාගෙ රිපෝට් වල තිබුනා.
හෝසොක් මං ඇතුලට එන්නද
එදා කරපු මෝඩ වැඩේ ආයෙමත් නොකරන්න මං පරිස්සම් උනා . ඉතිං ඒ හින්දම දොරෙන් ඔලුව ඇතුලට දාලා දොර ගාව ඉදලම හෝසොක්ගෙන් මං අවසර ගන්නවා.
එන්න හියුන්
මේ දවස් ගානට වෙච්චි තවත් දෙයක් තමයි හෝසොක් මට ඩොක්ටර් හියුන් කියන තැන ඉදන් හියුන් කියන තැනට හම්බඋන උසස් වීම .
ඔයා මොකක් හරි වැඩක් ද හෝසොක්
නැහැ hyun කියන්න
මං පොඩ්ඩක් එලියට යන්න කියලා ඔයත් එනවද
බැරිවෙයි හියොං මං පොඩ්ඩක් නිදාගන්න කියලා දැන්
හරි හෝසොක් මං එහෙනම් ගිහින් එන්නම්
අදත් වෙනදා උත්තරේම තමයි .එයා එන්න කැමති උනේ නෑ. හෝසොක්ගෙ උත්තරේ අහේතුකව මාව රිදවනවා. ඉතිං මං ආයෙමත් මගෙ රූම් එකට ඇවිත් වොශ් එකක් දාගත්ත මං පහල ලයිබ්‍රි එකෙන් අරන් ආපු පොත් ටිකත් අරගෙන ඇදට ගොඩ උනා.
මලගිය ඇත්තෝ
ගුරු ගීතය
විරාගය
පලිගැනීමපොත් හතර ඇදේ දිගේ දිගා කරපු මං දහය විස්ස ගනන් කරල පොතක් තේරුවා.
ගුරු ගීතයහ්ම්හ්. එපා . ආයෙමත් පොත තියපු මං මලගිය ඇත්තෝ පොත අතට ගත්තා. නොරිකො සං එක්ක පාට පාට නියෝන් එලියෙන් හැඩ වුන තෝකියෝවෙ විදියක ඇවිද යන්න ,නොරිකො සං එක්ක කබුකියක් බලන්න යන්න, ෂිබුශියාවෙ ලා පූපේ කෝපි හලෙන් කෝපි එකක් බොන්න මට ආස හිතුනා. ඉස්සර මං හිතන් හිටියේ මල ගිය ඇත්තෝ කියන්නෙ මැරුන මිනිස්සු , එයාල මැරුන විදිහ ගැන තියෙන හොල්මන් කතා පොතක් කියල. ඒ හින්දම මං ඒක කියෙව්වෙ නෑ. මට මතක විදියට මං ඒක මුලින්ම කියෙව්වෙ අවුරුදු දහ අටේදි නැත්නම් දාහතේදි. පිටකවරෙන් පොත් මනින්න එපා කියන්න මං ලබපු හොද අත්දැකීමක් ඒක. ඒක හරි ලස්සන්‍යි. මං තාමත් කල්පනා කරනවා අන්තිමට ඒ දෙන්න එකතු උනාද නැද්ද කියල. තිතක් තියල ඉවර නොකරපු කොමාවකින් අවසන් වෙච්ච කතාවක්. සමහරවිට මලවුන්ගේ අවුරුදු දා කියන්නෙ මේකෙ දෙවනි කොටසටද දන්නෙ නෑ . ඒ පොත කොච්චර හෙව්වත් මට හම්බ උනෙත් නෑ . තිතකින් අවසන් නොකරපු කොමාදදා ලියපු ආදර කතා කොච්චර ඇත්ද. ඒත් පෞද්ගලිකව මං කැමති නෑ එහෙම කතා වලට.
දන්නවද කොමාවට වඩා හැඩ නැති තිත නම්බුකාරයි.
YOU ARE READING
THE SAME SKY |yoonminseok|✔️
Fanficආදරය කියන්නෙ ආරක්ශාවට. මොකද ආදරයත් ආරක්ශාවක් හොයනවා. 🥀 Published - 01012023 Completed - 21022024 Yoonminseok BL