"කොල්ලෝ දැන් ඇතී මේ අව් කාශ්ටකේ දැගලුවා මේන්න මෙහෙට වරෙල්ලා.........ලොකූ හාමු දැක්කොත් මටත් විසුමක් හම්බ වෙන්නේ නෑ...."
අනේ අම්මපා මුගේ වැඩ හින්දා අව්වට වැස්සට තෙමෙන්නෙ නැතී මේ පුංචී අප්පුත් කිලිටී වේනවා...මේන්න මෙහෙට වරෙන් කොල්ලෝ ලොකූ හාමීනේ එහෙම දැක්කොත් මටත් එක්ක දෙහී කපයී....
පුංචී අප්පූ දැන් ගේඇතුලට යන්ඩ...මන් මේකව එක්කන් පහළ වලව් වත්තට යනවා.... මූ හින්දා දවසක මට මේ කෙරූවාවත් නැතී වේනවා...එහෙම උන වංගියක උබටයී මටයී වෙන්නේ මහා පාරට යන්න....
ඔහොම ඉන්න වේලූ අන්කල්...වේලූ අන්කල් ඒයාට බනින්න එපා...මාත් කැමැත්තෙන් ආවේ සෙල්ලම් කරන්න....
මන් ඒක නොදන්නවා නෙමෙයී පුංචී අප්පූ....ඒවා මේ මට තේරුනට ලොකු හාමීනේට ලොකූ හාමුට ඕවා තෙරෙන්නෙ නෑනේ.... පුංචී අප්පු දැන් ගෙට යන්ඩ මන් මේකව එක්ක යන්නම්.....
"අනේ අප්පා අතාරින්න්කෝ මන් පොඩී හාමූ එක්ක ඉන්නම්...අනික මන් ඔය වතු අස්සේ ගිහින් මොනවා කරන්නද .....අප්පා මාව ඉස්කෝලේ යවන්නෙත් නැ.....හැමදාම මේහෙම එක්ක එනවා....මට එපා වේලා දැන්...
"කටවහන් කොල්ලෝ මෙන්න මෙහෙ වරෙන් යන්න් අපී එපැයී රත්තරනේ අපේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න....
පුංචී අප්පූ යන්ඩ අපි ගිහින් එන්නම්.
අප්පා එහෙම කියලා තාම වයස 11 උන මාවත් ඇදගෙන අප්පා වැඩ කරන වලව්වේ වත්තට ආවා මන් කරන්නේ හැමදාම අප්පා එක්ක ඇවිත් අප්පටත් උදව්වක් කරගෙන ඉන්න එක....වලව්ව කියන්නේ අපිට ඉතින් නුපුරුදු තැනක් නෙමෙයී....මට තෙරෙන කාලේ ඉදන්ම මන් මෙහේ එනවා...අම්මා නැතී උනාට පස්සේ...අප්පගේ රස්සාව වලව්වේ වැඩ කරන එක......එක දවසක් වත් නෑ අප්පා මාව මෙහේ එක්කන් ආවේ නැතී....මොකද අප්පටයී මටයී කියලා නෑදැයෝ වත් වේන කිසිම කෙනෙක් වත් හිටියේ නෑ අප්පටයී මටයී අපී දෙන්නා විතරයී.......මගේ අම්මා සිංහල අප්පා දෙමළ.....
මේ අවුරුදු එකොලහටම මන් ඉස්කොලේ ගිහින් නෑ...අප්පා එක්ක වලව්වට එනවා ඇරෙන්න මන් කරන වේන දෙයක් නෑ....මාව ගෙදර තනී කරලා එන්න බැරිකමට අප්පා මාව හැමදාම වලව්වට එක්ක ආවා....මට අවුරුදු 9යේදී අම්මා නැතී උනේ පපුවේ අමාරුවක් හැදීලා...අප්පා හැමදාම කියන්නෙ නැතිබැරිකම් හින්දා අම්මව අප්පා නැතී කරගත්තා කියලා...
උදෙන්ම කුකුලවත් අතේ අරන් අපී වලව්වට එනවා ඒ ආව වේලාවේ ඉදලා හවස් වෙනකල්ම අප්පා වලව්වේ වැඩ කරනවා...දවල්ට කෑම අපිට වලව්වෙන්ම දෙනවා ලොකුවට නෑ හාමූ කන කෑම නෙමෙයී මොනව හරී එක දෙයක් එක්ක හරී බත් ටිකක් අපිට දෙනවා....
වලව්වේ කුස්සියේ කෑම හදන සුසීලා ආච්චිට පින් සිද්ද වේන්න ගොඩක් වේලාවට රෑටත් වලව්වේ ඉතුරු වේන කෑම සමහර දාට අපී ගෙදර ගෙනත් රෑටත් කනවා....
එහෙමත් නැතී දාට පාන් බාගයක් හරී අරන් ගිහින් හොද්දක් හදලා කනවා....
වලව්වේ හාමූට ඉන්නේ එක පුතෙක් විතරයී ඉන්නේ.....ඒ පුංචී හාමූ!!!!
පුංචී හාමූ මගේ වයසේම නෙමෙයී මට වැඩිය අවුරුදු තුනක් වැඩිමල්...වලව්වේ අනිත් අය වගේ නෙමෙයී පුංචී හාමූ මාත් එක්ක එකතූ යී... පුංචී හාමූලා වගේ නපුරූ පාටක් ගෑවිලා වත් තියෙන කෙනෙක් නෙමෙයී...
පුංචී හාමුගේ ඇදුම්...එයා කන කෑම බීම....පොත්පත් හැමදේම ලොකූ හාමුට හොරෙන් මට ගෙනත් දෙනවා...මුලින් මුලින් මන් එපා කිව්වත් බය උනත්...පස්සෙ මන් ඒකට හුරු උනා...
ඒත් අප්පා නම් කියන්නේ මට පාඩුවේ ඉන්න කියලා පුංචී බේබී එක්ක පැටලෙන්න ගිහින් ලොකූ හාමුට කෙන්තී යයී කියලා අප්පා මට හැමතිස්සෙම කෑ ගහනවා....
මන් ඉස්කෝලේ යන්නේ නෑ කියලත් පුංචී බේබී දන්නවා ..වේලාවක් ලැබුනම බේබී මට උගන්නනවා....බේබිට පින් සිද්ද වේන්න මට දැන් එහෙන් මෙහෙන් අකුරු සත්තරේ ටිකක් පුලුවන්....
අප්පා නම් කියන්නේ පුංචී හාමුගෙන් ඈත් වේලා ඉන්න කියලා....මොකක් හරී ප්රශ්නයක් උනොත් අප්පට රස්සාවත් නැතී වේලා යයී ....විදින්න ඕන හැම අවනම්බුවක්ම විදලා තමයී මේ වලව්වෙන් එලියට බහින්න වෙන්නේ ඒ හින්දා....අප්පා කියන්නෙම අපී ඉන්න ඕනේ අපේ සීමාවේ කියලා....
හායී ළමයී....
හෙට ඉදලා අප්ඩෙට් දෙන්නම්....❤
කතාව කියවන වොට් කරන හැමෝටම ආදරෙයී....Zhawo...