දවස් ගෙවිලා ගියා මන් වලව්වට හුරු උනා ලොකු හාමු පොඩි නෝනා ඇරෙන්න වෙන කාගෙන්වත් මට කරදරයක් නැති හින්දම මන් සැහැල්ලුවෙන් හිටියා අප්පු බේබී උනා ලොකු මැණිකේ අම්මා උනා...කව්රුත් නැති තැන බේබි කෑල්ලත් හැලිලා නිකන්ම.රඉත්සර උනා....කලින් කලින් එහෙම කතා කරන්න අදිමදි කරාට කාලෙත් එක්ක මට ඒක පුරුදු උනා....
ඒ කොහොම උනත් පරණ දේවල් කවදාවත් අමතක කරන්න බෑ වගේ මොන දේ උනත් කවදාවත් මට උරුම තැන වෙනස් කරන්න බෑ කියන්න වගේ....හෙට රත්සර බේබීගේ එන්ගෙජ් එක වෙනවා......කොහොම හිනා වේලා හිටියත් මොකුත් නෑ මන් හොදින් කියාගෙන හිටියත් ඒ සතුටත් නැති වෙන්න මහා කාලයක් නෑ නේද කියලා හිතෙනකොට දුක හිතුනත් මොකුත් නොවුන ගානට මන් හිනා වේලා හිටියා...
වලව්වම උත්සව පාට ගහලා එහෙන් මෙහෙන් මනුස්සයෝ එහෙටත් දුවනවා මෙහෙටත් දුවනවා....
මෙච්චර මේ අවුරුදු ගානටම මට අද තමා හිතුනේ වලව්වේ වැඩට උනත් මෙච්චර මිනිස්සු ගොඩක් ඉන්නවද කියලා......ලොකු මැණිකේ නම් වලව්වේ කිසිම වැඩක් කරන්නේ නැති තරම්...ඒත් වලව්වේ ඇතුලේ වේන හැමදේම පාලනේ කරේ ලොකු මැණිකේ.......රත්සර බේබී ආවට පස්සේ බේබිගේ කෑම ටික නම් හැදුනේම ලොකුමැණිකේ අතින්...... වලව් කුස්සියේ උනත් කෑම බීම හදන්න නැන්දා කෙනෙක් හිටියා ඒ උනාට ලොකුමැනිකේ කිව්වේම මගේ දරුවා පොඩි කාලේම මගෙන් ඈත් උන හින්දා පොඩි කාලේ මගේ දරුවා ගොඩක් මට මග ඇරුනා ඒහින්දා දැන් වත් බේබිගේ වැඩ මැනිකේ අතින්ම කරලා දෙන්න ඕනේ කියලා .....
මන් ආවට පස්සේ පුතා පුතා කියන එක ලොකුමැනිකේට පුතාලා උනා...
අනේ ඉතින් මන් අම්මේ කියලා කතා කරන හැම සැරේම කියන්නපුතේ කියලා උත්තර දෙන්න තරම් ලොකු මැණිකේගේ හිත හොද වුනා ......."අශ්වින්..."!
මන් හිටියේ වලව්වේ ඇතුලු වේන අර විසාල ගේට්ටුව ළග...ලොකු මැණිකේ උදෙන්ම මට වැඩක් පැවරුවනේ මොනවද කැලිබෑලි ගොඩක් දිලා ඒ ඔක්කොම මේ ගෙට්ටුවේ එල්ලන්න කියලා අර විසාල දොර දේකේ ගෙට්ටුවේ මන් උන්නේ වදුර් පැටියෙක් වගේ එල්ලිගෙන ....... මැණිකේ කිව්වම බෑ නොකියා මන් දුවගෙන ආවට ගෙට්ටුව ළගට ආවම මෙ විසාල ගේට්ටුව මට වැඩිය උසයී දෙයියනේ...අහල පහල බලලා ඉනිමගකුත් හොයන් ඇවිත් ඒකේ එල්ලිලා කොහොම හරි මන් වැඩේ කරන්න ගත්ත.....