3.කියුට් සංග්‍රාමය

52 12 9
                                    

ජිමින් කවුච් එකේ කොනක ගුලි වෙලා එයාගෙ අතේ බෝල ඇඟිලි එක්ක ලොකූ සෙල්ලමක

වැරැද්දක් කරලා අම්මට මාට්ටු උන අවුරුදු දෙකේ තුනේ පොඩි එකෙක් වගේ ජිමින් එයාගෙ ඇස් බෝල කරලා ටේහයුන් දිහා බලලා ආයෙම බිම බලා ගත්තෙ කියන්න දෙයක් නැති කමට.

ටේහයුන් එක ඇහිබැමකුත් උස්සගෙන අත්දෙකත් පපුවට බැඳගෙන ජිමින් ඉඳගෙන හිටපු තැන ඉසරහින් හිටගෙන හිටියෙ තවමත් දරුණු බැල්මක් ජිමින්ට දෙන ගමන්.

"කියනවා..! මිනී මම යන්න එපා කියද්දිත් තමුන්ට හොස්පිට්ල් එකට යන්න තරම් තිබ්බ අහේනිය මොකද්ද ආ....මම දන්න තරමින් තමුසෙට මානසික ලෙඩකුත් නෑ..
එහෙමනේ..?"

ටේහයුන් ගැඹුරු කටහඬකින් සද්දෙට කෑගැහුවාම ජිමින් ලාවට ගැස්සිලා ගියා.

ඊටපස්සෙ ජිමින් එයාට හදාගන්න පුළුවන් උපරිම කියුට් මූණේ සීයට දෙසීයක්ම එෆෙක්ට්ස් වැඩි කරලා ටේහයුන් දිහා බැලුවෙ ඒක එයාගේ වීක්නස් එක කියලා ජිමින් හොඳටම දන්න නිසා.

"ජිමින්..! තමුසෙ හැමදාම වැරැද්දක් කරලා බබෙක් වගේ මූණ හදලා මගෙන් බේරෙන්න හදන එක නවත්තනවා.. ඔව්වට මං රැවටුනේ ඉස්සර"

ටේහයුන් කලින්ට වඩා සැරෙන් කිව්වාම
'එයාට තරහා ගිහිල්ලනේ' කියලා ජිමින් හිතින් මුමිණුවේ චූටි පවුට් එකකුත් මූණෙ ඇඳෙද්දි.ටේහයුන් ඒක දැක්කාම නම් හිතුනා කොල්ලට සැර කලා වැඩිදෝ කියලා.

"කියනවා..! මොන එහෙකටද මම එපා කියද්දිත් හොස්පිට්ල් එකට ගියේ ආ.."

"හයුන්න්ග්...මම කිව්වනේ ඔයාට මාව එක්ක යන්න කියලා. ඔයා මාව එක්කගෙන ගියේ නෑ..ඉතින් මම ගියා.."

ටේ ජිමින්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උනත් ජිමින් සහ ටේහයුන් එකම වයසේ වගේ හැසුරුණේ.
කොටින්ම ජිමින් ටේහයුන්ට හයුන් කියලා කතා කරන්නෙත් නැති තරම් එයාලා ඒ තරම්ම සමීපයි. ටේහයුන් උනත් එයාලගේ ඒ සමීපතාවය කරදරයක් විදියට සැලකුවෙ නෑ. එයා එයාගෙ මිනීට ගොඩක් ආදරෙයි යාළුවො විදියට හරි ඊට වඩා වැඩියෙන් හරි...

ටේට කොච්චර කේන්ති ගිහින් ඉන්නවා ජිමින් දැකලා තිබුණත් අද ටේ ලොකූ කලකිරීමක් සහ කේන්තියක් ගැබ් කරගෙන ජීමින්ට බනින්න ගත්තාම එයාට දුකයි බයයි දෙකම දැනුනා.

PHYSICO Where stories live. Discover now