4. සීයාතාත්තා

55 11 11
                                    

"බබා.. මේ බලන්න මේ තියෙන්නෙ ඔයාගෙ රූම් එක ලස්සනයිද.."

"හී...හී...සෝක් සෝක් මම කැමතී.."

ජන්කුක් පොඩි බබෙක් වගේ කෑගගහ කියලා ඇඳ උඩට පැන්නා..

ජිමින්ගෙ මුරණ්ඩු කමත් එක්ක තමාට කොයිම විදියකටවත් හැප්පෙන්න බැරි බව 17373 වතාවටත් ඔප්පු වෙච්ච ටේහයුන්ගේ මූණ නම් දැන් කර වෙච්ච පෑන්කේක් එකක් වගේ

එයා ජිමින්ගෙයි ජන්කුක්ගෙයි පස්සෙන්ම ඇවිත් නැවතුනෙ ජන්කුක්ට ගෙදරට එන්න පුළුවන් කියලා අවසරේ දීපු ගමන්ම ජිමින් ජන්කුක්ට ආසාවෙන් ලෑස්ති කරපු බේබි රූම් ටයිප් එකට හැඩ කරලා තිබ්බ කාමරෙන්..

"මේ බලන්නකො බබා ඔයාට සෙල්ලම් බඩුත් තියනවා ෂෝක් නේද?"

"ජිමින් හයුන්ග් සෝක්...ජිමින් හයුන්ග් සෝක්.."

ජන්කුක් ඇඳ උඩ බම්ප් වෙන ගමන් සතුටින් කෑ ගැහුවා..

ඒ කෝලන් දිහාවට පොඩ්ඩක්වත් ඇහැ යොමු නොකරපු ටේහයුන් කාමරේ ලස්සනට අලවලා තිබ්බ වෝල් ස්ටිකර් එකේ පැන්ඩගෙ බඩට ඇන ඇන හිටියෙ 'මල සමයං' කියලා හිතින් බනින ගමන්..

"යාහ්...කිම් ටේහයුන්... ඕකට අනින්න එපා ඒක ගැලවෙයි.. මෝඩයා.."

ටේහයුන් උඩ ගිහිල්ලා ජිමින් දිහා බැලුවෙ එයා මහ හයියෙන් කෑ ගහද්දි..

"අනේ තියාගන්නවා මහලොකු පැන්ඩා..පුහ්..දන්නවා නම් මම මේකව ගෙදර ගේන්න දෙන්නෙ නෑ.."

"ඊයෙ හුරතල් වෙවී මැරෙන්න හැදුවා දැන් මාව මතකවත් නෑ.."
ටේහයුන් එහෙම මුමුණමින් රවාගෙනම කාමරෙන් එළියට ගියා.

පැයක් විතර ගිහිල්ලත් ජිමින් කාමරෙන් එළියට ආවෙ නෑ..
ටේහයුන් ඩයිනින් ටේබල් එක ගාව තිබ්බ පුටුවක ඉඳන් ඉන්නෙ කුකීගෙ කාමරේ තිබ්බ පැන්ඩව අල්ලලා ජිමින්ගෙන් බැනුම් අහලා ආව වෙලාවෙ ඉඳන්..

ආහ් කුකී...! ඒ නම ජිමින් ජන්කුක්ට හුරතලේට කියන නම
ජිමින් ජන්කුක්ට කුකී කියනකොට ටේහයුන් වෙනතක් බලාගන්නෙ 'මලවිකාර' කියලා හිතමින්..

ගතවුන පැය ඇතුළත ටේහයුන්ට අහන්න හම්බුනේ කාමරේ ඇතුලෙන් ඇහෙන ජන්කුක්ගෙ හිනා හඬයි ජිමින් මොන මොනාදෝ කුටු කුටු ගාලා එයත් අනිත් පැත්තට හිනාවෙන සද්දෙයි විතරයි...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 25 ⏰

Add this story to your Library to get notified about new parts!

PHYSICO Where stories live. Discover now