"සදිස්නා තමුන් තව එක වචනයක් හරි එයාට විරුද්ධව කතා කරොත් බලාගෙනයි. තමුනුයි තමුන්ගේ ෆැමිලි එකයි අපේ ජීවිත විනාස කරා. මේ අහිංසකය නොකල වැරදි වලට අහු කලා. එයාගේ ජීවිතේම අපායක් කරලා. තමුන්ගේ අයියාගේ ඇදට නගින්න බෑ කිව්ව නිසා මුළු යුනිවසිටි එක පුරාවට කතා පතුරලා එයාව එහෙන් යැව්වා. මන් උඹලා නිසා මේ අහිංසකයට කොච්චර බැන්න ද? තමුන්ගේ අයියා ක්ලබ් එකේදි බීලා ඔය ගැන කියෙව්වේ නැත්තම් මන් අදටත් මෙයාට වෛර කරනවා. මන් එදා ලංකාවෙන් එද්දිම කිව්වා මට උඹත් එක්ක කිසිම ගණුදෙනුවක් නෑ කියලා. මට තමුන් ආයේ මේ පැත්ත පලාතක් පේන්න ඉන්න එපා. දැන් පලයන් යන්න මෙතනින්."
හිරුණ්ය එකදිගට කියවගෙන ගියා. ඒ ඇස් රත ගැහිලා තිබ්බේ තවත් ඒ කදුලු දරන් ඉන්න අමාරුයි කියලා වගේ. ස'ජරි එක නිසා එක දිගට එයා හුස්ම අදින්න ගත්තා.
"වට් නොන්සන්ස් අයියා.."
ඕකේ එයාට එච්චරයි කියන්න හම්බුනේ මෙච්චර වෙලා මේක දිහා බලන් හිටපු මලිත්ට කේන්ති ගිහින් සදිස්නාගේ කොණ්ඩෙන් ඇදන් ගියේ, තේනු අයියාත් ඒ පස්සෙන් ගියේ මලිත් මොනවා කරයිද කියලා දන්නේ නැති නිසා.
හසිත් හිරුණ්ය දිහා හෙමීට ඇස් උස්සලා බලද්දී තමා දැක්කේ සදිස්නාට ගහන්න අත උස්සපු පාර අතට ගහලා තිබුණු සේලයින් කටුව ගැලවිලා අත තුවාල වෙලා තිබුණා කියලා. හසිත් ඉක්මනට ඇද ගාවට ගිහින් අතට බෙහෙත් දාන්න ගත්තා. තමන්ට කොච්චර රිදුණත් ඊට වැඩිය එයාට රිදෙන එක හසිත්ට දැනෙනව වැඩියි. හසිත් බෙහෙත් දාලා ඉවර වෙලා එතනින් යන්න හැදුවත් එයාට යන්න බැරි වුණේ එයාව හැඩිදැඩි අත් දෙකකට මැදි වෙලා තිබුණ නිසා.
ඊළඟ විනාඩියේ හසිත් හිටියේ ඇද උඩ. හසිත්ගෙ පපුව අස්සේ හිරුණ්ය එයාගේ මූන හංගගෙන හිටියා. ටික වෙලාවක් ඔහොම ඉදිද්දී හසිත්ට දැණුනා එයාගේ ශර්ට් එක තෙත් වෙනව. හසිත් ඉක්මනට හිරුණ්යගේ මූන ඉස්සුවා. හිරුණ්යගේ ඇස් දෙකෙන් කදුලු ගලනවා.
"අනෙ රුහී. ඇයි අඩන්නේ. කොහෙ හරි රිදෙනවා ද? කතා කරන්න කෝ. ඇයි මේ."
"මන් අච්චර දේවල් කියලා තියෙද්දිත් ඔයා තාම මට ඔහොම ආදරෙන් කතා කරන්න එපා මැණික . මට පව් පිරෙයි."
හිරුණ්ය ඉකි ගගහ කියනකොට හසිත් හෙමීට හිරුණ්යගේ ඔලුව අත ගෑවා.
"එදා මැණික කිව්වනම් ඔයාගෙ හිතේ තිබුණු දේ අපි අවුරුදු ගානක් වෙන්වෙලා ඉන්නේ නෑ. එදා ඔයා කිව්වනම් ඔයා මගේ පුංචි ඩේසි මල කියලා. ඇයි මැණික ඔයා තනියම ආදරය කරලා තනියම විදවන්න හදන්නේ. ම්ම්.."
හසිත්ගෙ ඇස් වලිනුත් කදුලු බින්දු එක දෙක වැටෙන්න ගත්ත. ඒ වුණත් හිරුණ්ය නෙවේ ඒ එක කදුලක් වත් වැටෙන්න දුන්නේ.
"මේ අවුරුදු ගාණටම ඇඩුව ඇති මැණික. ඔයාට මතකද පොඩිකාලේ පාක් එකට ඇවිත් අම්මා හොයාගන්න බැරුව මම අඩනකොට ඔයා මට ඔයා ගාව තිබුණු එකම ඩේසි මල මට දෙනවා. එදා අම්මා මාව හොයාගන්නකම් ඔයා මාව බලා ගත්තා. හිරුණ්ය කියා ගන්න බැරි කමට රුහී කියනකොට. මන් අන්තිමට පාක් එකට ආපු දවසේ මම ඔයාව ලොකු වෙලා මැරි කරනවා කියලා පොරොන්දු වුණා. අම්මා නැති වුණාට පස්සේ කවුරුත් මාව පාක් එකට එක්කන් ආවෙ නෑ. කාලේ යද්දි මම හිතුවා ඔයා කොහෙ හරි යන්න ඇති කියලා. සමාවෙන්න මැණික මම ඔයාව අමතක කලාට. යුනිවසිටි එකේදි හැමදාම මේසේ උඩ දකිද්දි මට නිකමටවත් හිතුණේ නෑ මේ ඉන්නේ මගේ ඩේසි මල කියලා. මට බය හිතුණා මගේ ඩේසි මලට හිතේ තියන ඉඩ වෙන කවුරුවත් ගනීවි කියලා මට බය හිතුනා. ඒකයි මන් ඔයාව ගණන් ගත්තේ නැත්තේ. ඒ වුණාට මම දැනන් හිටියේ නෑ ඒ මගේ ඩේසි මලමයි කියලා.කමන් නෑ මම ආය ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ. "
හිරුණ්ය හසිත්ගෙ ඔලුව ඉඹින ගමන් කිව්වා.
"මන් ඔයාට ආදරෙයි මගේ රුහී"
"මමත් ඔයාට ආදරෙයි මගෙ පුංචි ඩේසි මල"
🌼සමාප්තයි....🌼
ඉතින් සමුගන්න අවසර ඔහුගේත් ඔහුගේ පුංචි ඩේසි මලෙත් ආදර කතාවට...
![](https://img.wattpad.com/cover/345718661-288-k34695.jpg)
YOU ARE READING
🌼His Daisy🌼(Short Story) || Completed ||
Teen Fictionවැලක් එතෙන්න ඕනේ ගහකම ද? එතකොට ද ඒ ගහද ශක්තිමත්ව දරාගෙන ඉන්න ඕනේ ? එතකොට ද වැලට ස්ථාවරත්වයක් එන්නේ? එත් සමාජ සම්මත හංවඩුවට බයේ තවත් හැංගෙන්න ඕනෙද?ගහක් තවත් ගහක එතෙන්න බැරිද ? වැලක් තවත් වැලක එතෙන්නේ නැද්ද ? සමාජයේ ඒ හංවඩු නිසා දෙතැනක විදවූ ඒ නිහඩ ආ...