🍁 Gravis 🍁 Chapter Three.
@ Fang An Hotel..
Taemin pov 🐲
යාහ්.. අද මට නින්ද යන්නේ නැහැ.. අද දවස හරිම විකාරයි. අර Ha Ha Ha young... Ha young ඔයා නම්... මට කවදාවත් කවුරුත් කපුටු කූඩුවක් කියලා නැහැ. මේ කෙල්ලට ඒ ටික කියන්න තිබ්බ හයිය. අද park එකේදී අනුන්ගේ boyfriend කෙනෙකුට ගැහුවා. ඒ මදිවට මම යන යන තැන එයාව හම්බවුනා. අද දවසම ඉවරයි. මට දුක , මෙච්චර ප්රසිද්ධ මට අර විදිහෙ කතාවක් කියපු එකට. එයාට මට වඩා හොඳටම මැන්ඩරීන් කතා කරන්න පුළුවන්. චික්... මේ නින්ද කොහෙ ගිහින් ද?... දැන් රැ එකොළහටත් ළඟයි. මොනවා කරන්නද? ඇස් දෙක තදින් වහගත්තම හරි නින්ද යයි....මට නිදි දෙව්දුව ළඟා වුනේ පාන්දර.. ඊයේ දවසේ සිඳුවන සිඳුවීම් වලින් හිත ගොඩක් කලබලයි. ඇයි මගේ හදවත ඒ තරම් පොඩි දෙයකට, මේ තරම් කියාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ.. කාට කියන්නද මේ විකාරය.. හියොන්ග් ලා ඔක්කොම වැරදියට හිතාවි...
Si Chuan Technology Centre...
Ha young 🍁
Good Morning leadernim.Leader nim ❤
Good Morning.. ආහ් Ha young. ඔයාගේ වැඩ ටික ඉවර කරලා නවය වෙද්දී office එකට එන්න.Ha young 🍁
හරි Leader nim.Ha young pov 🍁🍁
අද උදේ පාන්දරම.. ඒ කියන්නේ උදේ හයට මම Technology Centre එකට ආවේ මගේ වැඩ ඔක්කොම ඉවරයක් කරන්න කියලා හිතාගෙන. ඊට පස්සෙ ඊළග research එකට ලෑස්ති වෙන්නත් ඕනනේ.
මට ලැබුනේ network department එකේ තිබ්බ room එකක්. මම මුලින්ම මගේ data එකතු කරලා ඒවා හරියට analysing කළා. ආයේ ඒවා categorise කරා. ලොකු ගේමක් දීලා data ටික සෙට් කරගත්තා.Suchin 👩
Xiǎojiě, cǐ bǐ qūdòngqì yǒu yīxiē nǚshì shìpín. Dǎoyǎn gàosù wǒ yào shàngchuán dào wǎngzhàn shàng.
( මිස්, මේ pen drive එකේ මැඩම් ඉල්ලපු videos ටික ඇති. Director කිව්වා ඔය ටික website එකේ upload කරන්න කියලා.)
Ha young 🍁
ඕකේ. SuchinHa young pov 🍁🍁
මට මගේ වැඩවලට අමතරව මෙහෙ වැඩත් කරන්න වෙලා. මම මගේ වැඩ ටික ඉවර වුන ගමන් මගේ reports ටික හදලා softcopies එක leader ට mail කරලා hard copies ටික අරගෙන leader ව හම්බවෙන්න ගියා.මේ වතාවේ leader nim මොන බාල්දියක් පෙරලයිද දන්නේ නැහැ. කෝකටත් ගිහින් බලනවා.