💙🖤 -- Soulmate -- 💙🖤
"ලන් චාන්... මට යන්න දෙන්න.............."
"ජ්යං චං.............."
"වෙයි වුශියෑන්.... අපායටම පලයං..............."
"""වෙයි යිං........................................................"""
"අ...හ් හහ්... හහ්... හහ්..."
නින්දෙන් ඇහැරුනු මම දාඩිය පෙරාගෙනම ඇඳෙන් ඉදගත්තා. අදත් වෙනදා වගේම ඒ හීනෙමයි... මගෙ දහනවවෙනි උපන්දිනේ දවසේ ඉදන් හැමදාමත් දකින ඒ හීනෙමයි... ඒ කටහඩ... කන් දෙක ඇතුලේ තාමත් දෝංකාර දෙද්දී වේගෙන් උස් පාත් වෙන පපුව සන්සුන් කරගන්න ඕන නිසාම මම බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබුන වතුර වීඳුරුව එක හුස්මට බීල දැම්මා...
තාමත් පාන්දර හතර පහු වෙලා පැය භාගයක්වත් ගෙවිලා නෑ... නිදාගන්න උත්සාහ කලත් ආයිත් නින්දයන්නේ නැති බව දන්න හින්දම මම ඇඳෙන් බැස්සා... නත්තල් හීතලට ඔරොත්තු දෙන්න රෑ ඇඳුමට උඩින් උඩ කබාය පෙරවගත්ත මම කෙලින්ම ගියේ මගෙ ආර්ට් රූම් එකට... මගෙ හිත නිවන තැන... මගෙ සැනසීම...
තුඩ හීන් වෙන්නම උල් කරලා තිබුනු පැන්සලකුත් අරගෙන... වෙනදා වගේම... හිතේ රැඳුනු රූපය මම පැන්සල් තුඩින් මවන්න පටන් ගත්තා...
හ්ම්ම්... එයා ලස්සනයි...
මගේම ඇඟිලි තුඩුවලින් ඇඳුනු ඒ රූපේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු මම දිග හුස්මක් පිටකලා... වෙලාව 6.15යි... ඔව්... මම පැය දෙකක් තිස්සේ ඒ රූපේ අස්සේ අතරමංවෙලා ඉදලා... හැමදාමත් නින්දෙන් මොකද්දෝ මහා දුකක් හිතේ හිරකරගෙන නමක් කියලා කෑ ගහන ඒරූපෙ දැකලම මට දැන් ඒ මූණ ලඟම හිතවතෙක් ගානට හුරුපුරුදුයි... හැමදාම හීනෙන් දකින්නේ එකම රූප පෙලක් විතරක් උනත් මේ අවුරුදු දෙක පුරාවට... නින්දෙන් බය වෙලා ඇහැරෙන හැමවතාවකදිම මම මගෙ හිතේ ඇඳුනු රූපෙ එක එක විදිහට පැන්සල් තුඩින් හැඩකලා...
YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanfictionහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්රතික්ශේප කල ඔහු..." 💙🖤🍁