💙🖤 -- Soulmate -- 🖤💙
අද කොටස කියවන්න කලින් මට ඔයාලට දෙයක් කියන්න ඕනෙ... මේ කතාවේ ලන් චාන් වෙයි යින්ග් හිටියට, මේක untamed නෙමෙයි හොඳද... untamed එකේ සිද්දවුනු දේවල්ම තමයි... ඒත් මේ කතාවෙ විදිහට ඒ ආත්මෙදි ලන් චාන් වෙයි යින්ග් දෙන්නම මැරෙනවා... අද කොටසෙ ඒ ගැන තියනවා...
ඉතින් මේක මගෙ හිතේ ඇතිවුන අදහසකට ලියපු කතාවක් විතරයි... මේකෙන් මම the untamed කතා මාලාවට හානියක් කරන්න හිතුවේ නෑ...❌ මේ කතාවෙදි ලන් චාන්ගෙයි වෙයි යින්ගෙයි ජීවිත වල අවසානය... tu වලට වඩා වෙනස්... ඉතින් මේ කතාව untamed එක්ක පටලවගන්න එපා... මේකෙ ඉන්නේ වෙනමම ලන් චාන් කෙනෙකුයි වෙයි යින්ග් කෙනෙකුයි කියලා හිතාගන්නකෝ...🤗❤️💚
•••••••••••••••••••••••••••••••••••••••••••••
🍁...05...🍁
ඔළුව මුදුනට දැනුන සීතල ඇඟිලි තුඩු වල ස්පර්ශයත් එක්ක මම ඇස් දෙක අරින්න උත්සාහ කළා... බිමට තද වෙලා තියන මගෙ කම්මුලට දැනුනේ මම අයිස් කුට්ටියක් උඩ ඔලුව තියාගෙන ඉන්නවා වගේ හැඟීමක්... අයිස් කුට්ටියක් උනත්... වෙන මොකක් හරි උනත්... මගෙ කම්මුල ඒ සීතලට හිරිවැටිලා තිබුනා... මගෙ වටේට තිබුන හීතල හින්දම... මගෙ ඇඟේ හිරිඟඩු පිපෙද්දී මට ඒ කටහඩ ඇහුනා...
"වෙයි යින්ග්... අවදි වෙන්න මගෙ දරුවෝ..."
ඒ කටහඩ... ඔව්... ඒ එයා තමයි... මේ තරම් වෙලාවක් මගෙ ඔළුව ඇතුලේ ඉදන් කතා කරනවා වගේ දැනුන කටහඩ... දැන් මගෙ කන ලඟින්ම ඔළුවට උඩින් ඇහෙද්දී... මම ඇස් දෙක ඇරියා... මම මේ කොහෙද ඉන්නේ... ඇස් දෙක අරිනවත් එක්කම... මම මුලින්ම දැක්කේ ඔපමට්ටම් නොකරපු තැන් තැන් වලින් ඉස්සරහට නෙරපු සුදු පාටට හුරු ගල් බිත්තියක්... ගල් බිත්තියක්...?? මම... මම ඉන්නේ ගුහාවකද... ඇඟට දැනෙන හීතල දරාගන්න ගමන්... ඔළුව උස්සන්න කලින්ම මම හිටපු විදිහටම ඔළුව ගහගෙන වටේටම ඇස් කරකවලා බැලුවා... උඩට නැගලා තිබුන සුදු පාට බිත්ති... අහස වහගෙන තිබුන සුදු පාටට හුරු ගල ඇරුනහම... මගෙ වටේටම තිබුනේ නිල්ම නිල් පාට වතුර... ඔව්... මේක ගුහාවක් තමයි... වෙනසකට තියෙන්නේ... මේ හැමතැනම නිල් පාටයි... නිල් පාටයි කියන්නේ පිරිසිදු සුදු පාට... අයිස් වල පාට... මගෙ වටේටම තිබුන පොකුණ වගේම... මගෙ වටේටම ඉහල ගිහින් තිබුන ගල් බිත්තිත් අයිස් වගේ නිල් පාටට හුරු උනා...
YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanfictionහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁