💙🖤 -- Soulmate -- 💙🖤
"ශාන් ශාන්... අද බෝදි එනවා කිව්වා නේද..."
"ඔව් ජිඒ... ලෙක්චර්ස් ඉවර උන ගමන් කෙලින්ම මෙහාට එනවා කිව්වා..."
"ශාන් ගගෝ... බෝ ගගා තාම ආවේ නෑනේ..."
"එයි එයි බන්... උබ විනාඩි පහෙන් පහට එයා ගැන අහන්නේ උබට මගෙ එකාව දැක්කේ නැත්තම් හුස්ම වැටෙන්නෙ නෑ වගේ ප්‍රශ්නයක් තියනවද..."
"තවුසෙට වගේ වැද වැද පස්සෙන් යන්න ඕනෙ නෑනේ... බෝ ගගා කියන්නත් කලින් හැමදේටම උදව් කරනවා..."
එයා මගෙ ලඟට ඇවිල්ලා... මාස තුනකුත් ගෙවිලා ගියා... ආර්ට් ක්ලබ් එකෙන් මාස තුනකට වතාවක් තියන එක්සිබිශන් එක හෙට... හරියටම... මම එයාව දැකපු මුල් කාලෙදි වගේම... හැබැයි මේ වතාවෙදි... ආර්ට් ක්ලබ් එකේ හැමෝටම 'මගෙ වංජි' නැතුව එකම වැඩක්වත් හරියට කරගන්න බෑ වගේ... 'යීබො අද එනවා කිව්වද...? ඇයි බෝදි පරක්කු...? බෝ ගගා කීයටද එන්නේ...? එකම ප්‍රශ්න ටිකට ආයි ආයිත් උත්තර දීලා මගෙ කටත් රිදෙනවා... එදා එක්සිබිශන් එක වෙලාවෙදි හෝල් එක මැද්දෙම එයා මාව තුරුල් කරගෙන ඉදපු හැටි ආර්ට් ක්ලබ් එකේ කීපදෙනෙක්ම දැකලා තිබුනා... තුන් හතර දෙනෙක් දැනගත්තා කියන්නේ... හැමෝම දැනගත්තා වගේ තමයි... විනාඩි පහක් යන්න කලින් ආර්ට් ක්ලබ් එකේ මෙම්බර්ස්ලා හැමෝම අපි දෙන්නා ලඟ... ඉතින් එයාලා හැමෝම මගෙයි වංජිගෙයි සම්බන්දේ ගැන දන්නවා... අපේ කලින් ආත්ම ගැන නොදන්නවා උනත්... එයාලා හැමෝම අපි ආදරේ කරන බව දන්නවා...
"ඩිඩී... අද යීබෝ එනවා කිව්වා නේද...?"
"ඔව් ජියැන් ගගා... තව ටිකකින් එයි..."
"මේ... අරයත් එයි නේද..."
"ඔව් ඔව්... ඒ නැට්ටිච්චිත් එයි... ඒකි කොයි වෙලෙත් මගෙ එකාගෙ ඇඟේ එල්ලිච්ච ගමන්මනේ..."
YOU ARE READING
💙🖤 -- Soulmate -- 🖤💙 ( ✅ )
Fanficහදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁