2013 අවුරුද්ද.... මගේ මතකයේ විදිහට මම ඒ කාලෙ බාලාංශ පන්තියේ ළමයෙක්. පහ වසර ශිෂ්‍යත්වය ලියන්න බලාගෙන හිටපු ඉගෙන ගන්න දේවල් ඇරෙන්න වෙන අමුතු අමුතු දේවල් ගැන අවධානයක් නොතිබුණ කාලයක්. මගේ මතකයට අනුව ඒ ඒකාකාරී කාලය ඒතරම් සුන්දර නැහැ. ඉතින් 2013 අවුරුද්ද නැවත මතක් කරගන්න මට විශේෂ වුවමනාවක් තිබුණෙ නැහැ.
මීට අවුරුදු දෙකකට පමණ පෙර හඳුනාගත් කොරියානු පිරිමි ළමයින් කිහිප දෙනෙක් නිසා මට නැවතත් 2013 වසර මතක් කර ගැනීමට අලුත් හේතුවක් ලැබුණා. 2013 තම සංගීත ගමන ආරම්භ කලත් 2012 වසරේ සිටම සංගීත මාවත ඔස්සේ ගමන් කරන්න ඔවුන් වෙහෙස වුන හැටි ගැන නැවත විමසා බැලීම මා ආරම්භ කලේ මීට වසර දෙකකට පෙරයි.
මගේ ආරම්භය වුනේ 2013 සිට මේ දක්වා ඔවුන් ඉදිරිපත් කල ගීත ඇල්බමයන් සහ ඒවායේ ඇතුලත් වන ගීත පිළිබඳව වෙන වෙනම සොයා බැලීමයි. මුලදී මම අන්තර්ජාලයෙන් සොයා ගත් පරිදි ඇල්බම සියල්ල මුල සිට පෙල ගස්වා සටහන් පොතක සටහන් තැබුවා. අදටත් පැන්සලෙන් තැබූ ඒ සටහන් මගේ ප්‍රියතම සටහන් වලට ඇතුලත්.
දෙවැනි ආරම්භය ලෙස ගීත වලින් සෑහෙන ප්‍රමාණයක් අසා බැලීමට හැකියාව ලැබුණත් අධ්‍යාපන කටයුතු නිසා අතරමඟ නතර කරන්නට වුණා. ඉතින් තවමත් ඔවුන්ගේ අසා නැති ගීත නම් බොහොමයි. දිනක් මට අසන්නට ලැබුණා.... දිනකට එක ගීතයක් බැගින් වසරක් ඇසුවත් ඔවුන්ගේ ගීත වල නම් නිමක් නොමැති බව. ඒකල ව්‍යාපෘති වගේම නොමිලයේ නිකුත් කල ගීත ගැනත් බලන කල එය සත්‍යයක් බව මටත් දැන් දැන් වැටහෙන්න පටන් අරන්.
ඉතින් ඒ විදිහට අතරමඟ නතර කල කටයුත්ත මීට මසකට පමණ පෙර මා නැවත වරක් ආරම්භ කළා. මෙවර මගේ ආරම්භය වුනේ වෙනස් එකක්. ඔවුන්ගේ යූටියුබ් නාලිකාවට පිවිසුන මට පරණම වීඩියෝව ගැන සොයා බලන්නට කුතුහලයක් ඇති වුණා. ඒ අනුව මම පරණම වීඩියෝවේ සිට ඉදිරියට පිරික්සා බලන්න පටන් ගත්තා.
මා සොයාගත් පරිදි ඔවුන්ගේ පැරණිම වීඩියෝව වුනේ කණ්ඩායම් නායක Rap Monster විසින් ගායනා කල Vote නමැති ගීතය. එය නිකුත් කල දිනය 2012 දෙසැම්බර් 17 බව මට පෙනුනා.
YOU ARE READING
It's 2013 Noona || OT7 ✓
Fanfiction2013 වසරට යන්න හම්බුනොත්? සමහර දේවල් තියෙනවා හැමදාම රහසක් විදිහට තියෙන තරමට හොඳ... ඒත්..... කෙනෙක්ගෙ අතීතය ගැන නොදැන අපිට හිතුන හිතුන විදිහට එයා ගැන තීරණ ගන්න බැහැ නේද?