යුංගි ඔප්පට සිද්ධ වුන ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ එයාට ආයෙත් පාර්ට් ටයිම් වලට යන්න ඕන වුණේ නැහැ කියලා මම අහලා තිබුනා. ඒක තහවුරු කලේ හොබී ඔප්පා. මම එයත් එක්ක දවල් කතා කරපු වෙලාවෙ තමයි හොබී ඔප්පා ඒ දේවල් කිව්වෙ. හිතුවාටත් වඩා එයාලා මේ අලුත් කෙල්ල ගැන හොයලා බැලුවා කියලා මට තේරුනේ නම්ජුන් ඔප්පා හොබී ඔප්පා අතේ මට දවල්ට කෑම එවලා තියෙද්දි.
මට කෑම එක දීලා තව මොන මොනවද බඩු ටිකකුත් අරගෙන හොබී ඔප්පා ඩෝර්ම් එකෙන් එලියට ගියා. නම්ජුන් ඔප්පට පස්සෙ එයාලගෙ දෙවෙනි නායකයා වුනේ හොබී ඔප්පා. රැප් ලයින් එක කියන්නෙ මුළු කණ්ඩායමේම මුදුන් මුල කියලා අහලා තිබුණ කතාව මගේ හිතට තවත් කාවැදෙන්න ගත්තා. ඒක ඇත්ත තමයි. රැප් ලයින් එකේ හැමෝම මුළු කණ්ඩායමේම බර කරට අරගෙන වැඩ කලා. ඒත් රසිකයන්ගෙන් වැඩිපුරම ප්‍රතික්ෂේප කිරීම් වලට ලක් වුනෙත් එයාලමයි.
ගෙදරක තාත්තා කෙනෙක් වගේ ටීම් එකට හයියක් වුන එයාලව හැමෝගෙම අවධානයට ලක් වුනේ අඩුවෙන්. ඒත් කණ්ඩායමක් මේ විදිහට ඉස්සරහට එන්න එයාලගෙ කැපවීම නැත්තං බැහැ කියලා මිනිස්සු හරි ඉක්මනට අමතක කලා. මෑත කාලෙකදිම නම්ජුන් ඔප්පා මොකක්දෝ පුංචි දේකට බැනුම් අහද්දි මට ඒ හැඟීම හොඳටම දැනුනා. තමන්ගෙ ගමන ගැන විතරක් නොහිතා ටීම් එකම තෝරගත්ත එකට මිනිස්සු එයාට දුන්න සැලකිල්ල ඒකයි කියලා කලකිරීමකුත් මට තිබුණා.
'You guys have changed.' හැමදාම මාව රිද්දන වචනයක් වෙද්දි මට ඕන වුණා කවදාවත් වෙනස් නොවන රසිකයෙක් වෙන්න. මේ ලැබුණු අවස්ථාවත් මට ඒකට ලොකු උදව්වක්.
ටික වෙලාවක් කල්පනා කර කර හිටපු මම දවල්ට තිබුණු කෑම ටිකත් කාලා ඩෝර්ම් එක ටිකක් අස් කරලා දාන්න තීරණය කලා. සාමාන්‍යයෙන් එයාලම එයාලට ලැබෙන පුංචි වෙලාවෙදි මේවා අස් කරන්න ලොකු උත්සාහයක් ගත්තත් කාර්යබහුල කම නිසාම ඒක ලේසි දෙයක් වුනේ නැහැ. ඩෝර්ම් එක අතුගාන වැඩේ බාර වෙලා තිබුණෙ නම්ජුන් ඔප්පට කියලා මතක් වුනාම මගේ මූනට නිකම්ම හිනාවක් ආවා. තත්පර ගානකින් මගේ මූණ හිනාවකින් පුරවන්න පුළුවන් එයාලව වචනෙකින් වත් රිද්දන්න මට ඕන වුණේ නැහැ.
YOU ARE READING
It's 2013 Noona || OT7 ✓
Fanfiction2013 වසරට යන්න හම්බුනොත්? සමහර දේවල් තියෙනවා හැමදාම රහසක් විදිහට තියෙන තරමට හොඳ... ඒත්..... කෙනෙක්ගෙ අතීතය ගැන නොදැන අපිට හිතුන හිතුන විදිහට එයා ගැන තීරණ ගන්න බැහැ නේද?