තවත් අලුත් දවසක්. මේ තරම් කාලයක් තිස්සෙ අලුත් දවස් ගැන කිසිම කුතුහලයක් කැමැත්තක් නොතිබුණ මට දැන් දැන් අලුත් දවස් ගැන ආදරයක් ඇතිවෙන්න පටන් අරන්. එයාලා මගේ හැම අලුත් දවසකම ලස්සන අත්දැකීම් ගොඩක් මට එකතු කරලා දෙනවා. හෙට තමයි සතියෙ අවසාන දවස කියලා මතක් වෙද්දි මගේ කටින් ලොකු හුස්මක් පිට වුනේ හෙට නම්ජුන් ඔප්පා එක්ක ආපහු යන විදිහ ගැන හොයන්න යන්න ලෑස්ති වෙලා හිටපු නිසා.
අද උදෙන්ම හැමෝම ප්‍රැක්ටිස් වලට යද්දි මම හිටියෙ හොබී ඔප්පා එක්ක. එයා එක්ක ලොන්ඩ්‍රි වලට ගිහින් එහෙමම බිග් හිට් එකේ එයාලා ප්‍රැක්ටිස් කරන විදිහ බලන්න යන්නත් මට අවස්ථාවක් ලැබුණා. මම හිටියෙ හරිම ආසාවෙන්... ලොන්ඩ්‍රි වලට යනවා කියන්නෙ හරිම සාමාන්‍ය දෙයක් වුනත් හොබී ඔප්පා එක්ක එකට හිනාවෙවී කියව කියව පාර දිගේ යන්න මම ආස කලා.
"අපි එහෙනම් යමු නේද නූනා......."
"යමු හොබී........"
මගේ අතටත් රෙදි දාපු බෑග් එකක් ගත්ත මම හොබීගෙ පස්සෙන් ඉස්සරහට ගියා. අපි ගියේ ලොන්ඩ්‍රි වලට හදලා තිබුණ ෂොප් එකකට. කලින් දවසෙ මමයි ජංගුක් ඔප්පයි දෙන්නා රාම්යොන් කන්න ආපු තැනට ගොඩක් ලඟින් තමයි මේ තැනත් පිහිටලා තිබුණෙ. සති අන්තයේ දවසක උදේ වරුව නිසා සෙනඟ ගොඩක් ඉඳියි කියලා හිතුවත් එහෙම වුනේ නැති එක ගැන අපි දෙන්නම සතුටු වුණා.
ලොන්ඩ්‍රි ෂොප් එක ඇතුලට ගිහින් හොබී ඔප්පා රෙදි ටික වොෂින් මැෂින් එකකට දාලා එනකම් මම එතන තිබුණු බෙන්ච් එකක වාඩි වෙලා හිටියා. සෝල් නගරය කොච්චර කාර්යබහුල වුනත් මේ පලාත ඒතරම්ම කලබලකාරී නොවුන එක ගැන නම් මම ගොඩක් සතුටු වුණා. අපිට ප්‍රශ්නයක් නැතුව එහෙමෙහෙ යන්න පුළුවන් වෙයිද නැත්තං.
"ඔයා මොනවද බොන්න කැමති නූනා...?"
"දැන් මොකුත් එපා හොබී.... අපි ටිකක් කතා කරමුද?"
මම කියද්දි එයා ලස්සනට හිනාවෙලා බෙන්ච් එකේ මගේ එහාපැත්තෙන් ඉඳගත්තා. හොබී ඔප්පගෙ හිනාවට පුළුවන් වුණා මගේ ඔලුවෙ තිබුණු ප්‍රශ්න සේරම අමතක කරවන්න. මට එයත් එක්ක කතා කරන්න තිබුණු දේවල් පවා.
YOU ARE READING
It's 2013 Noona || OT7 ✓
Fanfiction2013 වසරට යන්න හම්බුනොත්? සමහර දේවල් තියෙනවා හැමදාම රහසක් විදිහට තියෙන තරමට හොඳ... ඒත්..... කෙනෙක්ගෙ අතීතය ගැන නොදැන අපිට හිතුන හිතුන විදිහට එයා ගැන තීරණ ගන්න බැහැ නේද?