උතුරුකරේ අසම්මතය [ 01 ]

359 37 8
                                    


" විජේසිංහ සර් ගියාම රත්නායක සර්ට තමා පාඩුව හැබැයි "

" අනේ මට නම් ඇති පාඩුවක් නෑ මූ ගියා කියලා. හැබැයි රූපා මිස්ට නම් හෙන දුකයි වගේ විජේසිංහ සර් යන එකට  "

ධනුශ්ක රූපා මිස් දිහා බලලා නෝන්ඩි හිනාවක් දාලා කියද්දි මන් මොකුත් නොකියා ලාවට හිනා උනා. මූටත් ඉතින් කාව හරි අවුස්සනවා ඇරෙන්න වෙන වැඩක් නෑ.

" දුකයි තමා විජේසිංහ සර් කියන්නේ ඔය සමහර අය වගේ නෙමේ හෙන හොද සර් කෙනෙක්නේ "

රූපා මිස් ඇදලා පැදලා නැලවිලා කියද්දි මායි ධනුශ්කයි දෙන්නාම බඩු අහුරන එක පැත්තකට දාලා රූපා මිස් දිහා බැලුවේ ඇස් දෙකත් නලලේ තියන්

" අප්පාටහුඩු ඒක යකෝ. කෙලින්ම හයේ පහරක් සමග අර්ධ ශතකයක් "

" රත්නායක සර් කපුටෙක් වගේ කුනු ගොඩවල් අවුස්සන්නේ නැතුව ඉදපන් "

ධනුශ්ක රූපා මිස් දිහා බලන් අත්පුඩියකුත් ගහලා හිනා වෙලා කියද්දි මන් ඌගේ බඩට එකක් ඇනලා ලාවට කීවේ රූපා මිස්ට ඇහෙන්නේ නැති වෙන්න. ඔහොම ඇඹරුනාට ගෑනි හෙන චීත්තේ. ගෑනුත් දැකලා තියෙනවා හැබැයි රූපා මිස් වගේ ගෑනියක් දැක්කේ මේ ස්කෝලෙට ආවාම තමා. ඒ තරම් පොර. වෙලාවකට තියෙනවා පිනාගේ හොර එකද කියලා තියෙන බලතල නිසා

" ඔහොම හිටපන් ටිකක්. උබ කීව විදිහට කපුටා මම නම් එතකොට කුනු ගොඩ රූපා මිස්ද "

මන් හිමින් කීව එක ධනුශ්ක හයියෙන්ම කියද්දි ස්ටාෆ් රූම් එකේ හිටිය රූපා මිස් අපි දෙන්නාටම ගස්සගෙන එලියට යද්දි ඒ දිහා බලන් හිටිය අපි දෙන්නා මිස් නොපෙනි යනවාත් එක්කම හයියෙන් හිනා වෙන්න ගත්තේ ස්කෝලේ උගන්නන සර්ලා කියලාත් අමතක කරලා

" අම්මෝ පව් බන් ගෑනි "

" මොන පව්ද හොද වැඩේ ඕකිට හැමෝටම ගොට්ට අල්ලනවට. ආවා මෙතන විජේසිංහ සර්ගේ හොද කියන්න "

" අම්මෝ උබෙත් තියෙන පැලියාව යකෝ කවුද හරි මගේ හොද කියද - ආව් යකෝ  "

කියන්න ගිය එකත් සම්පූර්ණ කරන්න කලින් අහුරන ගමන් තියෙන පොත් වලින් ළඟ තිබ්බ ඩයිරි පොතක් අරන් ධනුශ්ක මගේ ඔලුවට ගහද්දි මන් එහෙමම ඔලුව අල්ලන් කෑ ගැහුවේ ගහපු එක ඇත්තටම රිදුන නිසා

උතුරුකරේ අසම්මතය || BL Where stories live. Discover now