" සුදු මහත්තයා ඔක්කොම බඩු ගත්තාද "
" ඔව් ඔව් ඔක්කොම හරි "
" අර පෙරේදා ගෙනාව ලන්කට් ටික දා ගත්තාද "
" අම්මේ !!!! "
" මොකද උබ කෑ ගහන්නේ. මන් ගෙනාවේ නැත්තම් එහෙ ගිහිනුත් අර හිල් හිල් ලන්කට් ටිකමනේ උබ අදින්නේ "
" අයියෝ අම්මේ කෑ ගහන්ම එපා අප්පා "
ගේ ඉස්සරහ ඉදන් කෑ ගහන අම්මාට කියාගෙන බෑග් දෙකත් අරන් මන් ඉස්තෝප්පුවට ආවා. අද මන් වව්නියා යන දවස. අවුරුදු 2ක ට්‍රාන්සර් එකක්..හ්ම්ම්ම්.. ලේසි වෙන එකක් නෑ. සම්පූර්ණ දෙමළ මිනිස්සු එක්ක ඉන්න. මට කියලාත් දෙමළ ලොකුවට බෑනේ. කොහොම හරි ගැට ගහන් අවුරුදු 2ක අදින්න වෙනවා
" පරිස්සමෙන් ගිහින් වරෙන් පුතේ "
වතුසුද්ද මල් දාපු වතුර වීදුරුවක් පොවන ගමන් අම්මා කියද්දි වතුර පොඩ්ඩක් බීපු මන් එහෙමම අම්මාට දණ ගහලා වැන්දා. අම්මාගේ ඇස් වල කදුලු. මටත් දුකයි ඒත් නොය බෑනේ. අවුරුදු 27ක්ම අම්මා ගාවම හැදුන එකේ දැන් ටිකක් තනියම මුහුණ දෙන්න වෙනවා සමාජෙට. ලේසි වෙන්නේ නෑ. බෙහෙත් ගන්නත් අම්මා එක්කන් යන මට කොහොමත් මේ අවුරුදු 2ක නම් ලේසි වෙන්නෙම නැති වෙයි. ඒත් උත්සහා කරමු. හැමදාම කියලා අම්මා ඉන්න එකක්‍යැ.
දැන් ඉතින් හිතන්න එපා අම්මා මැරෙනකන් බලන් ඉන්න එකෙක් ගගා. මන් ජිවත් වෙන්නේ ඇත්ත ලෝකේ ඒකයි වෙනස. කවදාහරි දවසක අම්මාට මාව දාලා යන්න වෙයි. නැත්තම් මන් අම්මාව දාලා යයි. ඔය කෝක උනත් ඒකට මන් දැන් ඉදන්ම පුරුදු වෙන්න ඕනේ. මන් විතරක් නෙමේ අම්මාත්. මන් මහ ලොකුවට ආගම අදහන් ඉන්න මනුස්සයෙක් නෙමේ හැබැයි බුදුදහමේ කියන බැදීම් නැති තරමට අපි සතුටින් නිදහස් කියන දේ මාත් විශ්වාස කරනවා. කාටවත් නොබැදෙන එක තමා හොදම දේ. බැදුනාත් ඕනෙවට වඩා ඕනේ නෑ. නැත්තම් පසුවට ඕවාට දුක් වෙන්න වෙන්නේ ඩබල් බෝනස් එක්ක.
" අම්මාත් පරිස්සමෙන් ඉන්න. වෙලාවට බෙහෙත් බොන්න. මන් පුළුවන් හැමවෙලේම කෝල් කරන්නම්. රෑට නම් අනිවාරෙන් ගන්නම් "
අම්මාගේ ලාවට රැලි වැටුන නලලට හාදුවක් දුන්න මන් කියද්දි අම්මා පොඩි එකෙක් වගේ ඔලුව වැනුවා. අම්මාත් වයසට යනවා කියන්නද කොහෙද පෙන්නන ලාවට රැලි වැටීගෙන එන තලෙලු පාට හම දිහා බලන් මන් මගේ මූනට හිනාවක් ගත්තා. අඩලා දොඩලා යන්න හොද නෑ. හොද ගමනක්ගේ යන්නේ. සමහරවිට මේක ජිවිතේ අලුත් ආරම්භයක් වෙයි. අනිවාරෙන්ම .....
أنت تقرأ
උතුරුකරේ අසම්මතය || BL
غير روائيඅතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ ඒ නිසා රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ #Sinhala #BL #nonfiction Cover by @Armygirl920