" සර්ල ඌර් එන්ග "
( සර්ගේ ගම කොහෙද )" කුරුණෑගල "
" අඩ්ඩඩ්ඩා රොම්බ දූරම් දානේ "
( ගොඩක් දුරයිනේ )" හ්ම්ම් "
වාහනේ ගොඩක් නැති පාරේ කාර් එක අරන් යන ගමන් සින්නසාමි මාත් එක්ක කතාවට එන්න හැදුවාත් තනි වචනෙන් උත්තර දුන්න නිසාමද කොහෙද මනුස්සයා ආයේ කතා කරේ නෑ
දැනටම මට තනිකම දැනෙන්න අරන්ද කොහෙද. උබ ගෙදර ඉදන් එෆ් බී එකේ පොස්ට් දදා තනිකම හොදයි ගගා කියෝන එකෙක් නම් මුලින්ම එක මාසෙකට දෙකටම ගෙදරින් ඈත් වෙලා බලපන්. එතකොට තේරෙයි ඒ තනිකම කොච්චර නම් එපා කරපු පාලු හැගීමක්ද කියලා. ඒක හෙන මූසල හැගීමක්. එතකොට දැන් මට ඒක දැනෙනවා. අවුරුදු 2ක් ගෙදරින් පිට ඉන්න ඕනේ කියන මතකේ ඔලුවට එද්දි ආයේම බස් එකට නැගලා හරි ගෙදර යන්න ඕනේ කියලා හිතෙනවා. බැනුම් අහන් හරි අම්මා ගාව ඉද්දි දැනෙන හෝම් ෆීලින් එක මට නේ පැය ගානට ගොඩක් මිස් වෙනවා වගේ
බර හුස්මක් ........ අහ් නෑ හුස්මවල් ගොඩක් පිට කර කරම අපි ස්කෝලේ හොස්ටල් වලට ආවා. සින්නසාමි වාහනේ ගේට් එක ඇතුලෙන් දාලා නවත්තලා බැස්සේ මටත් බහින්න කියාගෙනමයි. කාර් එකෙන් බැහැලා එක බෑග් එකක් කරේ දාන් අනික ගන්න යද්දි සින්නසාමි ඇවිත් අනික අතට අරන් කට පුරා හිනා වෙලා එයා පස්සෙන් එන්න කියලා හොස්ටල් එක ඇතුලට යද්දි ඒ මනුස්සයාගේ මනුස්සකමට හරි ගරු කරන්න ඕනේ නිසා මාත් ඔන්න ඔහේ බෑග් එක අරන් යන්න දීලා පස්සෙන් ගියා.
කලින් දැන ගත්ත විදිහට නම් මේකේ ගුරුවරු පස් දෙනයි නැවතිලා ඉන්නේ. කොහොමත් ස්කෝලෙටම ගුරුවරු 25ක් වගේ ඉන්නවාලු. එතනින් අනිත් ඔක්කොම වගේ වව්නියා වලම සර්ලා මිස්ලාලු. දුර පැති වලින් ආව මිස්ලා දෙතුන් දෙනෙක් නම් වෙනම බෝඩ් වෙලා ඉන්නවා කියලා තමා කලින් දවසේ ප්‍රින්සිපල් කෝල් කරද්දි කීවේ. කොහොන උනත් ඒක හොදයි කියලා හිතෙනවා. ගෑනු පිරිමි ඔක්කොම ඉද්දි ප්‍රශ්නත් වැඩිනේ. මිස්ලා වෙනම ඉන්න එක වගේම මාත් එක්කම සර්ලා හය දෙනෙක් හොස්ටල් නැවතිලා ඉන්න එකත් හිතට සහනයක්
හොස්ටල් එකේ උඩ තට්ටුවේ අයිනට වෙන්න තිබ්බ කාමරේ ගාවට ගිය සින්නසාමි දොර ඇරලා බෑග් එකත් ඇතුලෙන් තියද්දි මාත් ඇතුලට ගියා. අවුලක් නෑ ඉඩ එහෙම තියෙන පිරිසිදු කාමරයක්
YOU ARE READING
උතුරුකරේ අසම්මතය || BL
Non-Fictionඅතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ ඒ නිසා රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ #Sinhala #BL #nonfiction Cover by @Armygirl920