CHAPTER 06

432 75 19
                                    







"ප්‍රින්සස් නැගිටින්න... අපි ඇවිල්ලා ඉන්නේ!"

නිදහස්‌, නිස්කලංක ගහා කොළ වලින් වට වෙලා තිබුණු තැනක අන්තිමට car එක නතර කරපූ ජන්කූක් සිට් බෙල්ට් එක ගලවන ගමන් ටෙහ්යුන්ගේ සිට් එකට බර වුණා. ජන්කුක්‌ගේ බේබී ප්‍රින්සස්ට දුර ගමනක් නිසා මගදීම නින්ද ගිහින්නේ ඉතින්!

"ම්ම්හ්හක්.."

ජන්කුක්ගේ මුනට පුංචි හිනාවක් ගේනගමන් කෙදිරි ගාපු ටේහයුන්ග් දිහා ටික වෙලාවක් බලන් ඉදපු ජන්කූක් පස්සෙ තමන්ගේ පැත්තෙන් door එක ඕපන් කරලා car එකෙන් එලියට ගියා..

"කමෝන් බේබී වෙයි-කාප්!!"

පැසෙන්ජර් සිට් සයිඩ් එකෙන් door එක ඕපන් කරපු ජන්කූක් පුංචි සිට් එකේ ගුලි ගැහිලා ඉන්න ටේහයුන්ග් චබි චික් එකකට කිස් එකක් දීලා ටේහයුන්ග්ව නැගිට්ටුවා..

"අනේ කූ...!!"

කෙදිරිගාන ගමන් නැගිට්ට ටේහයුන්ග් ජන්කූක්ගේ අල්ල උඩ ආයෙම ඔලුව තියාගෙන සනීපෙට කම්මුල් අතුල්ලනකොට ඔලුව දෙපැත්තට වනපු ජන්කූක් ටෙහ්යුන්ග්ව තමන්ගේ අත් අතරට ගත්තා. ජියොන් බේබී කම්මැලි වෙලා!

ජන්කූක් ටේහයුන්ග්ව එක්කගෙන ඇවිත් තිබුනේ Dejoon වල තිබුණූ කබානා ප්ලේස් එකකට. ටේහයුන්ග් හුගක් සාමනය දේවල් වලට ආස නිසා ජන්කූක් හැම වෙලේම මේ වගේ පුංචි පුංචි දේවල් තෝරගත්තා. ටේහයුන්ග් හරිම කැමති ලක්සිරි හොටෙල් රූම්ස් වලට වඩා මේ වගේ සමාන්‍ය ගස් කොළ වලින් පිරුණු තැන් වලට. ඇත්තටම එක හ‍රිම නිදහස්..

"මම ලැගෙජ් අරන් එන්නම් හරිද?"

ජන්කූක් ටේහයුන්ග් උස්සගෙන ගිහින් එයාලගේ කබානා එකෙ තිබුණු බෙඩ් එකෙන් තියලා ෂිට් එකකුත් පොරවලා door එක ලොක්‌ කරලා ආයෙම ලගේජ් ටික ගන්න වාහනේට ගියා. විනාඩි 20ක්‌ විතර ගිහින් ජන්කූක් ඒවා අරන් එද්දිත් කම්මැලි ටේහයුන්ග් හිටියේ සනීපෙට නිදාගෙන..

එයාලා එන්න හුගක් රෑ වුණු නිසා ටේහයුන්ග් ඉන්නෙ මහන්සියෙන් කියලා ටේහයුන්ග් නිදාගෙන ඉන්න විදියට ජන්කූක්ට තේරුනා. එක නිසා ජන්කූක්  ටේහයුන්ග්ගේ නින්දට කරදර නොවෙන්න ලැගෙජ් වල තිබුණූ ඇදුම් සහ අනික් දේවල් room එක ඇතුලේ තිබුණූ කබඩ්ස් වලට දලා ටවල් එකකුයි ෂොට්ස් දෙකකයි, ස්විට්ර් එකකුයි එලියට අරගෙන ආයෙම ටේහයුන්ග් ලගට ගියා..

𝙅𝙚𝙤𝙣 𝘽𝙖𝙗𝙮  | νк |ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now