පස්වන පරිච්ඡේදය

125 16 13
                                    

" ආදි "

" හ්ම් "

" ඔයා කිරි අත්තා එක්ක කතා කරන්න. මට මේකේ හොදක් දැනෙන්නේ නෑ "

" ඔයා දන්නවානේ අපි කාටවත් එයාගේ තීරණ වලට පිටින් යන්න බෑ කියලා "

මගේ පස්සෙන් කාමරේට ආපු මිගාර හිතේ ගැස්මෙන් කතා කරද්දි රෙ හිතේ තියෙනවා වගේම ගැස්මක් තියෙන මගේ හිත පාලනේ කරන් මන් ඒ හිත සනසන්න හැදුවා. දන්නවා එයා බය වෙලා කියලා. මාත් ඉන්නේ බයෙන්. කිරි අත්තාගේ තීරනේ මොකක් උනත් අවුරුදු උනුහුම ඉවර වෙන්න කලින් ගෙදර මොනා හරි වෙයි කියලා මටත් හිතෙනවා අඩුම තරමේ ලොකු නාඩගමක්වත්

" ඒත් ආදි මේ - "

මගේ ඉස්සරහ හිටිය මිගාර ආයේ කියවන්න ගද්දි මන් ඒ තොල් උඩට පුංචි හාදුවක් තිබ්බා. කොල්ලා සැලන්ඩර්. පුදුම කියවිල්ලක්නේ යකෝ නැත්තම්. ඉවරයි නෑ

" මේ අහපන් මැනික... මට මොකුත් වෙන්නෙත් නෑ උබට මොකුත් වෙන්නෙත් නෑ. මන් මේ පාර මොකුත් වෙන්න දෙන්නෙත් නෑ. උබේ මහත්තයාව විශ්වාස කරපන් සුදු "

" මට උබව විශ්වාසයි අයියේ. ඒත් සමාවෙයන් උබේ ගෙදර උන්ව මට විශ්වාස නෑ මහත්තයෝ. උබ මම කියන්නේ සල්ලි නැති උන් නෙමේ. මේවා උබට ඕනේ නෑ අයියේ "

මිගාර මගේ පපුවට තුරුලු වෙලා කියද්දි මන් ඒ හැඩිදැඩි ඇග වටේට අත් දාලා බදා ගත්තා. මගේ කොල්ලා බොලද එකෙක් නෙමේ. ඒත් ඌ මන් වෙනුවෙන් අඩන්න පුළුවන් එකෙක්. ඇග පතෙන් මන් වගේම ශක්තිමත් හයිය හත්තිය මටත් වඩා තියෙන මාවත් යට කර ගන්න පුළුවන් එකා මට යට වෙනවා. උට අපහාස කරන්නේ කවුද කින්ද මන්ද අදාලා නැතුව අපහාස කරන කරන එකා ගානේ බනින මගේ එකා අච්චර අවලාද කියන මගේ කියන උන් ඉස්සරහ හිනා වෙලා ඒවා අහන් ඉන්නවා. හැබැයි ඌ මන් වෙනුවෙන් මගේම සක්කිලි උන්ටත් යකෙක් වෙනවා කියන්න මන් දන්නවා. ඉතින් කොහොමද මන් මූට පන ඇරලා ආදරේ නොකර ඉන්නේ. මටත් එක්ක පව් පිරෙයි එහෙම තිරිසෙනෙක් උනොත්

" අපි ඉක්මනටම මෙහෙන් යන් සුදු. උබට මෙහෙ සැනසීමක් නෑ මිගාර "

මගේ ඇගෙන් අයින් වෙන්න අදහසක් නැති බූවලු පැටියාගේ ඔලුව ඉබලා කන ගාවට ලන් වෙලා කීව මම අඩු බඩු ඔක්කොගෙන්ම මාව වෙලන් ඉන්න මිගාරවත් අරන් ඇදට ගිහින් ඉදා ගද්දි මගේ පොඩි බූවල්ලා ඇවිත් මගේ පපුවෙම ඔලුව තියන් ඇස් පියා ගත්තා. මිනිස්සු රෝමාන්තික හැගීම් කියන්නේ මොනාද කියලා මට ලොකු දැනීමක් නෑ. හැබැයි මන් ආදරේ කරන එකාව මගේ පපුවට හරි නැත්තම් මන් උගේ පපුවට හරි ගුලි වෙලා ඇස් පියා ගන්න එක මට නම් රෝමාන්තික හැගීමක්. හරියට නිකන් රෝමේ ගිනි ගද්දි අර කවුද මන්දා වීනා වැයුවා වගේ. අහ් නැද්ද ඉතින්. ගෙදර පහල එක යමතෙට යුද්දේ තියෙද්දි මායි මූයි හැගීම් දැනීම් නැති උන් වගේ හොදට තුරුල් වෙලා නිදි. ඒකෙනුත් හොදම එක මේ පර බූවල්ලා කමිසේ උඩින්ම මගේ නිපල් එකක් උරනවා. පරයාට නින්දත් ගිහින් මේ ටිකට. මිගාරව ටිකකට ඇගෙන් අයින් කරලා කොට්ටෙන් තිබ්බ මම ඇගේ තිබ්බ ශර්ට් ගලෝලා ඇදේ එහා පැත්තට දාලා කොට්ටේ හිටිය මිගාරව ආයේ පපුව උඩට ගත්තා. නිකන් ඉරුවත් කමක් නෑ ඇදුම එක්ක නැතුව. ඕවාගේ තියෙන දුවිලියි කෙදියි මල ජරාවයි ඔක්කොම මූ උරෝන ඉරවිල්ලට බඩේම නැවතිලා අසනීප උනාම ඊට වඩා වදේ.

සනුහරේට පුතු පැටියෙක් || BL || Ongoing Onde histórias criam vida. Descubra agora