වටේම රතිඤ්ඤා සද්දේ ඇහෙද්දි මහ ගෙදරත් මුදුලේ අයියලා මල්ලිලා ටික රතිඤ්ඤා දාන්න ගත්තේ ගමේ අනිත් උන් එක්ක තරගෙට වගේ. ඕක කොහොමත් අපේ ඒ කාලේ ඉදලාම තිබ්බ පුරුද්දක්. රතිඤ්ඤායක් දැම්මාත් අහස් කූරක් යැව්වාත් යවන්නේ තරගෙට. එහා පැත්තේ උන් එකක් දැම්මොත් අපි දෙකක් දානවා. උන් මල්වෙඩි එකක් යැවුවොත් අපි විසින් ගහන එකක් යවනවා. අවුරුද්ද කියන්නෙම අමුතු පිස්සුවක්
ළමයි ඔක්කොම මිදුලේ ඉදන් රතිඤ්ඤා දාද්දි කිරි අත්තායි කිරි අම්මායි එක්ක අනිත් වැඩිහිටියෝ ඔක්කොම හිටියේ ගේ ඇතුලේ කෑම මේසේ ගාව. මිගාරට නම් මිදුලට යන්න ඕනේ කම තිබ්බාද කොහෙද. සැරෙන් සැරේ එලිය දිහා බලනවා. ඒත් ඌ යන්නේ නෑ ආයේ පාරක් ගෙදර උන්ගේ කතා නිසා මට අමාරු වෙයි කියලා. එක අතකට මට ඌ ගැන දුක හිතෙනවා. මිගාර කියන්නේ මෙහෙම අපහාස විදින්න ඕනේ කොල්ලෙක් නෙමේ. ඌ රටේම ප්‍රසිද්ධ එකෙක්. හැබැයි මගේ අස්සට වෙලා දුක් විදිනවා. අනේ මන්දා මේක උගෙත් කරුමේ වෙන්න ඇති
කිරි අම්මා කෑම මේසෙව් පහන පත්තු කරලා ඉවර වෙද්දිම හැමෝම කෑම මේසෙව් ලගට ලං උනා. දැන් ඉතින් අනුභව නැකතනේ. මොන ප්‍රශ්න තිබ්බාත් කන්න ඕනේ. නොකා ඉදලා පලි ගන්න ගොං වැඩ මගේ නෑ. තරහටත් එක්ක වැඩිපුර කනවා මිසක්
කිරිබත් ලොකු පිගානකුයි, ඊට එහා පැත්තෙන් තිබ්බ උම්බලකඩ ලුනු මිරිසයි කෑම මේසේ මුල් තැන ගත්තා. සිනි කෙසෙල් ඇවරියයි ඇඹුල් කෙසෙල් ඇවරියයි එක ළඟ තියෙද්දි ඒ ලගම හැමෝටම ප්ලේට් තියලා තිබ්බා. අතිරස, මු කැවුම්, අලුවා, කොකිස්, ආස්මි, දොදොල්, කිරි ටොෆි, හැදි කැවුම්, වැලිතලප, කේක්, මුං ගුලි, තල කැරලි, බිස්කට්, එක්ක කිරිබත හදනකොටම හදපු අග්ගලා වලින් ධර්මවර්ධන වලව්වේ අවුරුදු කෑම මේසේ සැරසිලා තිබ්බා. කොහොමත් මේ ඔක්කොම ගෙදර හදපුවා. කිරි අම්මා අලුවා ,කිරි ටොෆි හදද්දි සුදු ලොකු අම්මා කොකිස් එක්ක වැලිතලප හැදුවා, නිරෝ ලොකු අම්මා අතිරස මුං කැවුම්, ලොකු නැන්දා දොදොල්, පොඩි නැන්දා කේක් එක, අනිත් ඔය පොඩි පොඩි ඒවා නම් කඩෙන් ගෙනාවා. ආස්මි අචිනි අක්කාගේ නැන්දම්මා හදලා එව්වා.
කිරි අත්තා නැකතට කිරි බත් කැටයක් අරන් කිරි අම්මාට කපලා ඒ මූන ඉබිද්දි තරුන වයසේ ඉදපු අපිටත් කොහේදෝ නැති ලැජ්ජාවක් ආවා. කොච්චර වයසට ගියත් තාමත් කිරි අත්තා කිරි අම්මාට ආදරෙයි. කිරි අම්මා කිරි අත්තාට බුලත් දීලා වදිද්දි කිරි අත්තා බුලත් කොලේක ඔබලා කීයක්ද මන්දා කිරි අම්මාගේ අතේ මිටි මෙලෙව්වා. කිරි අම්මාට පස්සේ ලොකු මමාගෙන් පටන් අරන් පොඩි මාමාගේ පොඩි උන් වෙනකන් කිරි බත් කවලා ඉවර වෙද්දි එක එක පවුල් එයාලාගේ පවුලේ අයට කිරිබත් කවා ගත්තා. තාත්තා අම්මාටයි මල්ලිටයි මටයි කවලා නිකන් ඉද්දි මිගාරව හලපු එකට කේන්ති යන්න ආවාත් කෑම මේසේ රණ්ඩු ඇති කරන්න බැරි නිසා එයාලාගේ අයින් වෙලා මායි මගේ පවුල උන මගේ කොල්ලායි එක්ක මන් අවුරුදු සැමරුවා.
![](https://img.wattpad.com/cover/350719530-288-k573208.jpg)
KAMU SEDANG MEMBACA
සනුහරේට පුතු පැටියෙක් || BL || Ongoing
Non-Fictionකින්නරියන් අතර මාත්තු ප්‍රේමයක කාන්සියට ලොල් බදින... සැමියෙක් උනේ කිමද... මට විතරක් නමට.. තැන් තැන රහස් ඇයි මට... ඔබේ චන්ද්‍ර මණ්ඩලේට වඩා කලුවර.. සැනසීමක්ය මට අද... ඔබ කොතැනද මා මෙතනයි.. මා කොතැනද ඔබ එතනයි.. අහන්න මේ ඇහුනාද...... චන්ද්‍රයා වගේමයි ඔබ...