හයවන පරිච්ඡේදය

125 15 3
                                    

" මොකද්ද ඔය "

එලියේ කොන්ක්‍රීට් බංකුවේ ඉදන් හිටපු මන් ගාවට ඇවිත් මිගාර අහද්දි ෆෝන් එකේ අවදානේ තිබ්බ මන් ගැස්සිලා ගිහින් මිගාර දිහා බලද්දි ලාවට හිනා වුන මිගාර මගේ කොන්ඩෙත් පොඩ්ඩක් අවුල් කරලා ලගින් වාඩි වෙද්දි මට බර හුස්මක් පිට උනා. හ්ම්ම් එයා ගාව අලුත් සුවදයි

" ඉතින් කියන්නකෝ ආදි මොකද්ද ඔය බලන්නේ. පරන කෑල්ලගේ ෆොටෝද "

මිගාර වාඩි වෙද්දිම මගේ පිට අල්ලට වැහුන ෆෝන් එක අතට ගන්න ගමන් මිගාර අහද්දි මන් මොකුත්ම නොකියා ඒ මූන දිහා බලන් හිටියේ මිගාරට කැමති දෙයක් කර ගන්න දීලා. මගේ කොල්ලාට මොනාද මට හංගන්න තියෙන්නේ

" ආදි "

" හ්ම්ම් "

" ඇයි මේ "

ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකින් එක බලපු මිගාර මගේ දිහාට හැරිලා අහද්දි මන් ඒ මූන දිහා දිගටම බලන් හිටියා. එයා හැගීම් පෙන්නන හරි අදක්ශයි එච්චරයි. එයාගේ මූනෙන් මට දුකක් පේන්නේ නෑ , වේදනාවක් නෑ .... අනේ මන්දා ඒක හෙන හිස් මූනක්.හැබැයි ඇතුලෙන් එයා ඉන්නේ හැගීම් ගොඩක. ඒකයි මන් දකින ලස්සනම දේ එයාගේ

" දන්නවාද සුදු. මීට අවුරුදු ගානකට කලින් මාත් මගේ 18 වෙනි උපන්දිනේ සැමරුවා. තාත්තා කේක් එකක් හදෝලා ගෙනාවා. අම්මා රෑට රයිස් හැදුවා. කේක් බීම කෙසෙල් රයිස්.

අවුලක් නෑ ඉතින්. එහෙමවත් නැති ලමයි ඉන්නවානේ නේද. හැබැයි සුදු උබ දන්නවාද දෙයක්. මන් මහ ඉරිසියාකාර මිනිහෙක් බන්. මහ කුහක ගුනමකුවෙක් සුදු. උබේ මහත්තයා එහෙම එකෙක් බන්.

උබ දන්නවද මිගාර මේ ෆෝටෝ මල්ලිගේ 18 වෙනි එකේ ඒවා. අම්මා කේක් එකක් හැදෙව්වා. එයාට ඕනේ විදිහටම ඩිසයින් කරෝලා. ඉටිපන්දම් ගැහුවා. බීම කෙසෙල් තිබ්බා. රෑට රයිස් හැදුවා. එතකොට තාත්තා හෙල්මට් එකට කන්නාඩි දෙකක් අරන් දුන්නා. මන් ගානේ හොදම පර්ෆියුම් එකක්.

මාත් සැමරුවා තමා බන්. හැබැයි ඉටිපන්දම් නෑ. තෑගි නෑ. කැමති විදිහට ඩිසයින් කරපු කේක් එකක් නෑ. මන් එයාලාගේ පලවෙනි ලමයා සුදු. දුක නෑ කියන්න බෑ බන් මට. අම්බානකට දුකයි මට. උබ දැක්කාද සුදු අද සීයා දේපල බෙදද්දි කීව එකට එයාලා කිසිම දෙයක් කීවාද කියලාවත්. මට දේපල ඕනේ නෑ බන්. මන් මගේ ලමයින්ටත් එක්කම හම්බ කරනවා දැනටම. උන් නොදන්න රහස් ඔක්කොම දන්නේ උබනේ සුදු . හැබැයි අම්මලාට තිබ්බා බන් කිරි අත්තාට කියන්න අපේ කොල්ලාට ගේ ඕනේ නෑ ඌට අපි දෙන්නම් දේපල කියලා. නොදුන්නාත් කට වචනෙට හරි කියන්න තිබ්බා සු..දු... එ....යා..ලා..ට "

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: Mar 05 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

සනුහරේට පුතු පැටියෙක් || BL || Ongoing Tempat cerita menjadi hidup. Temukan sekarang