COMING SOON!!!

193 22 3
                                    


SOMEWHERE IN THE CITY......

"පහත් වෙනවා හැමෝම. අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගන්නවා."

"අනේ අපිට කරදරයක් කරන්න එපා."

"කට වහනවා. මන් කියපු දේ ඇහුනෙ නැද්ද. ආහ්...."

එයා තුවක්කුත් අරගෙන එහෙම කැගැහුව්වෙ අර මනුස්සයා අඩ අඩ බයෙන් කතා කරනකොට. එතන ඔක්කොම තුන් දෙනෙක්. ඔක්කොමලා තනි කලු ඇදුම් ඇදන් හිටියේ මන් හැමදේම බලන් හිටියේ හොරෙන් කැශියර් එකේ මේසේ අස්සට වෙලා.

දෙන්නෙක් කැශියර් වලින් සල්ලි අර ගන්නකොට අනිත් කෙනා කට්ටියවම බය කරන් හිටියේ ගන් එකකුත් තියාගෙන.

ඒතන හිටපු එක්කෙනෙක්ට මට ඇහැ ගියේ එයා අනිත් අයට වඩා ටිකක් උස නිසා. එයා ඔලුව උස්සලා හැමතැනම ඇස් දෙක අරන් ගියේ මන් හිටපු කැශියර් එක පැත්තට එන ගමන්.

මන් ඇස් දෙක වහ ගත්තේ බයටම එයාගේ අඩි සද්දේ එන්න එන්නම වැඩි වෙනවා. එත් එක එකපාර නැවතුනා මන් හිමින් ඇස් දෙක ඇරලා බැලුවේ එයා මගේ ඉස්සරහ වාඩි වෙලා බිම තිබ්බ සල්ලි ටික එකතු කරනව දැකලා මට කැගැහුනේ එයා මන් දිහා හොරෙන් වගේ බලනකොට.

මන් එයා දිහාම බලන් හිටියේ එයා එක පාර මගේ දිහා බැලුවම එයාගේ ඇස් දෙක විතරයි පෙනුනේ එවත් කවර් වෙලා එයාගේ ෆුල් ෆේස් හෙල්මට් එක නිසා. කලු මාස්ක් එකකුත් දාලා කලු ජැකට් එකක් ඇදලා බයික් ගලවුස් දෙකක් දාලා බුට්ස් දෙකකුත් දාලා හිටියේ එයගේ සද්දෙට මන් ආයේ මේ ලොකෙට එනකොට.

"යතුර දෙන්න."

මන් එයාගේ ඇස් දෙක දිහා බලන් හිටියේ එයා කියන එක තේරෙන් නැ වගේ.

" වෙඩි කනවද යතුර දෙනවද?"

එක පාර කොහෙන්ද ආපු අනිත් කෙනා මගේ පැත්තට තුවක්කුවකුත් දික් කරගෙන ඇහුවේ මන් බය වෙලා මගේ සාක්කුවේ තිබ්බ යතුර හොයනකොට. මගේ සාක්කුවේ තිබ්බ යතුර අරන් මන් කලින් මගේ ලගට ආපු කෙනාට දුන්නේ එයාගේ අතේ තිබ්බ මාර්ක් එකක් මට ලාවට ජැකට් එකයි ග්ලවුස් එකයි අතරින් පෙනුනේ ටැටු එකක් වගේ.

එයා මගෙන් යතුර අරන් කැශියර් එකේ තිබ්බ සල්ලි ඔක්කොම එයාගෙ බැග් එකට දා ගත්තේ ආයෙත් අනිත් කෙනා පහත් වෙලා මගේ ඔලුවටම ගන් එක තියනකොට.

"තමුසෙට විතරක් අමුතුවෙන් කියන්න ඕනේ ද කියන විදිහට වැඩ කරනවා. නැත්තම් මේකේ තියන උන්ඩේ බස්සනවා තමුසේගේ ඔලුවට මට ආයේ කියන්න තියන්න එපා."

එයා එහෙම කියලා මගේ ඔලුවට ගන් එක තියලා තද කරනකොටම අනිත් කෙනා එයාගේ අතින් අල්ල ගත්තේ එයා දිහා බලාගෙනම.

" Shadow ඇති අපි යමු. අපේ වැඩේ ඉවරයි මෙතන."

අනිත් කෙනා මගේ දිහ කෙන්ති ගිහින් බලාගෙන හිටියේ උස කෙනා මගේ දිහා කිසිම හැගිමක් නැතිව මන් දිහා බලන් ඉන්නකොට.

Shadow කියලා කියපු කෙනා අතින් කෙනාවත් එක්කන් ඉක්මනටම එතනින් යන්න ගත්තේ කලින් ආපු කෙනා එයාලගේ පස්සෙන් යනකොට.

මාත් ඒයාලගේ පස්සෙන් දිවුවේ මොකක් උනත් එයාලගේ අමුත්තක් දැනුන නිසා. එ වෙනකොටත් පොලිස් වාහන වල සද්දේ ලගම ඇහුනේ එයාලා කට්ටිම බයික් වල නැගලා යන්න හදනකොට.

Shadow කියන කෙනයි අනිත් කෙනයි  එක බයික් එකකට නැග්ගේ අනිත් කෙනා තව බයික් එකකට නැගලා එක රේස් කරනකොට.

"Raptor මොනාද බලන් ඉන්නේ යමු..... උන් එනවා."

"Raptor..."

මට ඒ නම කියවුනේ නිකම්ම වගේ එත් එක්කම එයා මගේ දිහා බැලුවේ මගේ ඇග හිරි වැටිල යනකොට.

"On the way Black"

එයා මන් දිහා බලාගෙනම එහෙම කියලා හුලගටත් වඩා වේගෙන් බයික් රේස් කරලා මන් ලගින්ම ගියේ එයාගේ බයික් එක මගේ ඇගේ ගැවි නොගැවි ගියේ මන් බය වෙලා පස්සට වැටෙනකොට මන් එයාලා දිහාම බලන් හිටියේ පොලිස්සියේ කෙනෙක් ඇවිත් මට අත දෙනකොට.

"මිස් ඔයාට තුවාලයි ඇතුලට යන් බෙහෙත් ටිකක් දා ගමු."

"තුවාල...??"

එතකොටයි මන් දැක්කේ මගේ අතේ පොඩි Cut එකක් තියෙනව හරියටම wrist එක ලගටම වෙන්න.

එක දිහා බලන් හිටපු මන් ආයේ එයාලා ගිය පාර දිහා බැලුවේ මහ අමුත්තක් දැනනෙ නිසා.......

___________________________________________



ඉක්මනටම අරන් එනවා.😉

🖤EunmiSuki🖤

Robbery [GL] G!P (ON HOLD)Where stories live. Discover now