From The Previous Chapter...
කට්ටියටම කියලා මන් මගේ බ්ලැකි ලගට ඇවිත් එයාගේ නම්බර් ප්ලේට් එක මාරු කරලා මගේ නම්බර් ප්ලේට් එක දාලා සෙට් කරේ එතන ඉන්න කවුරුත් දන්න මගේ නම ඒ නම්බර් ප්ලේට් එකේ ගහලා තියන නිසා.
-------------------------------------------------------------
Time Skip.....
මන් ඉක්මනටම එතනට ආවේ අද පලවෙනි තරගෙ පටන් ගන්න යනකොටම. මන් කෙලින්ම රෙසින් ලැප් එකෙන්ම බයික් එක නැවැත්තුවේ හැමදාම මන් එනකම් බලන් ඉන්න කෙනා මාව දැකලා හිනා වෙනකොට.
"මන් හිතුවා අද නැති වෙයිද කියලා..."
"හ්ම්ම්... එහෙම වෙන්නේ නෑ කියලා ඔයා දන්නවා රූබි."
"මන් දන්නවා අදත් ඔයාම තමා winner කියලා."එයා එහෙම කියලා මට ෆලයින් කිස් එකක් දිලා රේසින් ලැප් එකේ ඉස්සරහින් හිට ගත්තේ කට්ටියම් බයික් ටික රේස් කරන්න ගන්නකොට.
රූබි මන් දිහා බලලා වික්න් කලේ පිස්ටල් එක උඩට උස්සන ගමන්.
මගේ දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා දැනුන නිසා මන් මගේ සයිඩ් එක බැලුවේ මගේ හාර්ට් බීට් එක වැඩි වෙනකොට.
"සෝහි...."
*ඩිශුම්......*
මාව එක පාර මේ ලෝකෙට ආවේ පිස්ටල් එකේ සද්දෙට රූබි මන් දිහා බලන් ඉන්නවා අනිත් අය රේස් එක පටන් අරගෙනත් ඉවරයි. මන් ඉක්මනට රේස් කරලා පලවෙනි ලැප් එක පටන් ගත්තේ අනිත් අය මට වඩා ටිකක් ඉස්සරහින් යනකොට.
හතර දෙනෙක්ම මට වඩා ඉස්සරහින් හිටියේ මන් මගේ ස්පීඩ් එක තව ටිකක් වැඩි කරනකොට මැප් එකේ විදිහට ඉස්සරහින් ලොකු වංගුවක් තිබ්බේ මන් ඩ්‍රිෆ්ට් කරලා වංගුව හැරෙව්වේ side Mirror එකෙන් දැක්කේ මන් පාස් කරපු කෙනා වංගුවේ ලිස්සලා ගියේ යකඩ බාර් එකේ වැදිලා බයික් එක විසි වෙලා යනකොට.