" බායි බං.. පරිස්සමින් පල අයියා ගෙදර ඉන්නවා නේ...?"
" ඔව් ඔව් මං හිතන්නේ ඉන්නවා ඇති.. තමුසෙත් යනවා මෙතෙන්ට වෙලා ඉන්නේ නැතුව.."
" හරි හරි.. හෙට ඉස්කෝලේ වරෙන්.."
මම හානාගේ උරහිසට ගහගෙන ගෙදරට යන්න තියෙන පඩි පෙල නැගගෙන එනකොට දැක්කා හානා හැරිලා යනවා.. පව් අනේ කෙල්ල.. ගෙදරටම දාලා ගියේ.. ඒකියි මායි අද හවස ඉස්කෝලේ ඇරිලා ශොපින් ගියානේ.. මේකිට බයික් එකේ යන්න බෑ කිව්වනේ.. යන්න බැයිනම් මොන මගුලකටද දන්නෑ ගත්තේ.. හානාට බයික් එකේ යන්න කම්මැලි කියලා ටැක්සි එකක් කතා කරගෙන අපි දෙන්නා ශොපින් හෝල් ගිහින් ආයේ ටැක්සි එකක් අරගෙන මාවත් ගෙදරටම දාලා ඒකි ගියා රෑ වෙන නිසා.. මන් ඇතුලට ඇවිත් යන්න කියලා කතා කරත් ආවේ නෑ පරක්කු වෙන නිසා..
මං පඩිපෙල නැගලා ආයේ කාර් පාක් එක දිහා බැලුවේ අයියගේ කාර් එක තියෙනවද කියලා.. ගෙදර ඇවිත් නෑ වගේ.. කාර් එක තිබ්බෙ නෑ කාර් පාක් එකේ...මං පාස්වර්ඩ් එක ගහලා ගෙදර දොර ඇරගෙන ඇතුලට ගිහින් දොර වහලා කවුච් එකෙන් ඉඳගෙන පෝන් එක අතට ගත්තේ අයියට කෝල් එකක් දෙන්න.. ආන්සර් කරේ නෑ.. මං ආයෙ ගන්න ගියේ නෑ බිසී වෙන්න ඇතිනේ...
~beep beep~
අයියා මගේ මිස් කෝල් එක දකින්න ඇති..
" හෙලෝ චූටියෝ.. ඔයා ගෙදර ආවද..?"
" ඔව් අයියේ.."
" කාලා නිදා ගන්න.. මේ වෙලාවෙ කතා කරන්න විදියක් නෑ චූටි ටිකක් බිසී.."
" හා.. අයියා එන්නේ කීයටද..?"
" රෑ වෙයි.. නැගිටන් ඉන්න එපා.. හෙට ඉස්කෝලෙනේ.."
" හරි අයියේ.. මං එහෙනම් තියන්නම්.. පරිස්සමින් ගෙදර එන්න.. god bless you.."
" God bless you too චූටි.."
මං කෝල් එක කට් කරලා බෑග් එක කරේ එල්ලගෙන කාමරේට ගිහින් බෑග් එක ඇඳ උඩට දාලා ටවල් එක අරගෙන වොශෲම් එකට රින්ග ගත්තා.. පැයක් විතර ඒකෙ ඇතුලේ දිය වෙන්න ඇති.. හානායි මායි ශොපින් හෝල් ගියපු වෙලාවෙ කාලා ආවේ ඉතින් ආයේ කන්න තරම් බඩගින්නක් තිබ්බේ නැති නිසා මං කොන්ඩේ හෙයා ඩ්රයර් එකෙන් වේලගෙන ඇඳට වැටුනේ මාරම මහන්සි නිසා...
YOU ARE READING
~'♡ • Stolen Love • ♡'~
Romance♡💜♡ ඒ තද දුඹුරුපාට බෝල ඇස් මගේ දිහා ඉඳලා හිටලා හැඟීම් කෝටියක් විතර පුරෝගෙන හැරිලා බලනකොට මට දැනෙන්නේ ඒ ඇස් ඇතුලේ මාව ගිලෙනවා වගේ... ගොඩක් ගැඹුරට... ඒ ඇස් මාව දැකපු ගමන් ගැස්සෙන විදියට, ලැජ්ජ හිතිලා අහක බලාගන්න විදිය දැක්කම... මට ඒ ඇස් දවසක මගේම කරග...