~4 කොටස~

33 6 0
                                    

මේ සතියම නිකන්ම ඉස්කෝලේ ගිහිල්ලා නොදැනිම ඉවර වුනා.. මුලු සතියක්ම නැහිලා නැහිලා වීකෙන්ඩ් එකක් ආවාම තමයි මනසටයි ඇඟටයි නිදහසක් දැනෙන්නේ.. ඕ ලෙවෙල් කට ලඟ නිසා ඉස්කෝලෙත් හිටු කියලා උගන්නගෙන යනවා.. උගන්නන ලබ්බක් ඔලුවට යන්නෙත් නෑ අහස උසට ගෙදර වැඩ.. මට නම් ඉස්කෝලේ සතියක්ම නැහිලා නැහිලා නිවාඩුවක් හම්බවෙනවා කියන්නේ ඉතින් ආයෙ මරන්න ගෙනිච්ච හරකෙක් ව නිදහස් කලා වගේ ෆීලින් එකක් දැනෙන්නේ.. මට කරන්න වැඩ අහස උසට ගොඩ ගැහිලා.. විභාගත් එක්ක ඒ අස්සේ ස්පෝට්ස් මීට් එකත් එනවා.. ඉස්කෝලේ නෙට් බෝල් කැප්ටන් මං නිසා ඒවට ළමයින් ව පුරුදු කරන්න තියෙනවා ගෲප් බෙදන්න තියෙනවා කොස්ටියුම්ස් ලෑස්ති කරගන්න ඕනෙ.. මට වැඩ මදිවට තව වැඩ කියලා ගිය බදාදා අපේ ස්විමින් කෝච් ටීම් එකේ එකෙක්ගේ අතේ පණිවිඩයක් එවලා තිබ්බා මාව ස්විමින් වයිස් කැපා කරා කියලා.. සේනා තමා වයිස් කැපා වෙන්ඩ හිටියේ ඒත් හදිස්සියේම ඒකිගේ ආච්චි අම්මා ලෙඩ වෙලා ඒකිට ගමේ යන්න වෙන නිසා ප්‍රැක්ටිස් එන්න වෙන්නේ නෑ කියලා.. ස්පෝට්ස් මීට් වල වැඩයි ගෙදර වැඩයි විභාගෙත් එක්ක මං කටටම හිරවෙලා.. ඒ අස්සේ අරකිත් වයිස් කැපා පට්ටම මගෙ ඇඟේ ගහලා ගමේ යන්න ලෑස්තිය...
මාව මරාගෙන කාපියව් මගුල...!!!!!

මං ඇඳට වෙලා තියෙන වැඩ ගොඩ ගැන කල්පනා කර කර කොට්ටයක් බදාගෙන අනිත් පැත්ත හැරුනාම පෝන් එක රින්ග් වෙන සද්දේ හැහුනා.. නිදිමරගාතෙ පෝන් එක ආන්සර් කරලා කනට තියාගත්තේ කව්ද කියලවත් බලන්නෙ නැතුව...

" හ්ම්.. හෙලෝ "

" අඩෝ ගුඩ් මෝනින් මයෙ සුදු මැණිකේ.. මොකෝ කොරන්නේ.. අද ගෙදර නිසා කොහෙ හරි යමන්කෝ කම්මැලි බං.."

" හ්ම්.."

" ඒ උඹ තාම නිදිද..??"

" හ්ම්.."

" මොකද බං බකමූණෙක් වගේ හුම් හුම් ගාන්නේ.. නැගිටපන් බල්ලෝ බලපන් වෙලාව කීයද කියලා පුපට එළිය වැටෙනකන් නිදා ගන්නවා!!!!!!!!!!!"

කතා කරේ කව්ද කියලා මට තාම මීටර් නෑ.. මොකෙක් හරි එකෙක් මගේ කනේ තිබ්බා වගේ බෙරිහන් දෙද්දි මං ගැස්සිලා ගියා.. මං නැගිටලා ඇඳේ ඉඳගෙන පෝන් එක අතට අරන් බැලුවේ කව්ද කියලා.. හුටා හානා නේද මේ උදේ පාන්දර ඝාන්ටාරේ ගහලා තියෙන්නේ...

~'♡ • Stolen Love • ♡'~Where stories live. Discover now