11: 30 හ්ම්ම් .......... වෙලාවත් ටික ටික ලංවෙනවා . යන්න තියෙන්නේ අතේ දුර තියන ස්කෝලෙකට නිසා පැය භාගයක් තියලා ගෙදරින් ගියත් ඇති. ඒත් අද පළවෙනි දවසනේ. අඩුම විනාඩි හතළිහක් තියලවත් විභාග ශාලාව ළග ඉන්න ඹ්න. අනික මට ඩෙස් එකක් පුටුවක් තාම තියලත් නැතුව ඇති. ශාලාධිපතිට ලියුම දෙන්නත් එපැයි. එතකන් ඉතින් මන් කියල මනුස්සයෙක් අද විභාගේ ලියනවද කියලවත් එයාලා දන්නෙ නැතුව ඇතිනේ. මොනා කරන්නද ඒවත් වෙන්නේ මටමනේ.
වෙලාව නම් අන්තිම සවුත්තුයි මේ ටිකේ . ජිිවිතේ ගෙවන නරකම මාස දෙක වෙයි කියල පටන් ගත්තට මොකෝ ඒක මෙච්චර නරක් වෙයි කියලනම් ජිිවිතේට හිතුවෙ නෑ .
" සුදු පුතා....... සුදු පුතා......"
අන්තිම සවුත්තු කුජීත පජාති මගේ වෙලාව ගැන කල්පනා කර කර හිටිය මගේ දැහැන බිදුනේ අම්මා කතා කරන සද්දෙ ඇහිලා.
සදුදා දවසක් වෙලත් ඉහටත් උඩින් වැඩ තිබ්බත් නිවාඩුවක් දාලා අම්මා අද ගෙදර හිටියෙ මට එක්සෑම් පටන් ගන්න පලවෙනි දවස හින්දා.
" සුදු පුතා......."
" ඇයෝ ...... මන් මේ කාමරේ අම්මා. ලෑස්ති වෙන ගමන් "
මගෙන් සද්දයක් නැති නිසාමද කොහෙද අම්මා ආපහු කතා කරද්දි මන් කිව්වෙ අම්මා හිමීට කාමරේට එද්දි.
" හැමදේම කලින් ලෑස්ති කරගත්තා නේද සුදු පුතා. අයිඩී එක ඇඩ්මිශන් එක එහෙම මතක් කරලා දාගත්තා නේද. වතුර එකක් ගත්තද පෑන්...."
" අයියෝ මැණිකේ මොකෝ මේ කලබලේ. මන් ඔක්කම කලින් හදලා තියාගත්තා අයියෝ බය වෙන්න එපා. "
කලබලෙන් එක දිගට අම්මා අහගෙන යද්දි එයාගේ ඔලුව අතගාලා මන් කිව්වේ හිතේ තියන බය පිටට පේන්නෙ නැති වෙන්න.
" හරි එහෙනම්. ලෑස්ති වෙලා ඉවර වෙලා එලියට එන්නකෝ සවිදුත් දැන් එයි. "
කරදඩු ලොකුවෙලා අම්මටත් වඩා උසට ඉන්න මගේ ඔලුව අත ගාන්න උස මදි නිසාමද කොහෙද කම්මුලට තට්ටුවක් දාලා අම්මා කාමරෙන් එලියට ගියේ මටත් නොදැනි මගේ මුවෙන් බර හුස්මක් පිටවෙද්දි.
සවිදු....... ජීවිතේට හම්බෙන්න ඕන ඒ වගෙ යාලුවෝ. හරිවිදිහට බැලුවොත් එක අම්මගේ එක බඩවැල කඩාගෙන ආවෙ නැතත් ඌ තමා මගේ සහෝදරයා. සතුටකදි කොහොම උනත් දුකකදි කරදරේකදී කවදාවත් මාව තනි නොකරපු මගේ එකා. මන් හින්දා තවත් අවුරුද්දක් උගේ ජීවිතේත් ආපස්සට ගත්ත එකා.
YOU ARE READING
Crush ( slow update )
Non-Fictionමම ඒක දැනගෙන හිටියා එයත් ඒක දැනගෙන හිටියා එයා ඒක දන්නවා කියලත් මම දැනගෙන හිටියා මම ඒක දන්නවා කියලා එයත් දැනගෙන හිටියා ඉතිං අපි එහෙම්මම හිටියා !