" good night "
ඇති දේකුත් නෑ ඒකේ . මට පිස්සුද කියලා හිතන ගමන් මන් ඒ මැසේජ් එක දහ පාරක් විතර කියවලා දෙකටම තැන්කියු කියලයි ගුඩ් නයිට් කියලයි රිප්ලයි එකක් දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බේ හිත නොතේරෙන් විදිහට පිරිලා වගේ දැනෙද්දි. නිදිමතකුත් ලෝඩ් වෙනවා දැන්නම් . ඒත් කොහෙ......
උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් අමාරුකම් වැඩිපුරම මතුවෙන්නෙ රෑටනේ. අදනම් මටත් ඒවගේ. දැන් දැන් ඔලුව රිදෙනවා චතුරංගයාගේ අම්මා මුත්තා සිහිවෙන්නම.
ඩොක්ටර් වෝඩ් රවුන්ඩ් එක ගිහින් කාමරෙන් ගියා විතරයි. බෙහෙත් බීලා තාම ඒ හැටි වෙලාවක් ගිහින් නැති නිසා මන් ඔලුවේ කැක්කුමත් ඉවසගෙන කොට්ටෙට ඔලුව තද කරන් හිටියේ ෆෝන් එකේ හිමීට සින්දුවක් ප්ලේ වෙන්න දාලා.
ඒත් ටික වෙලාවක් එහෙම ඉන්න ඇති ඔලුවේ කැක්කුම අමතක වෙලා නිදිමත ලෝඩ් වීගෙන එද්දි කවුරු මට තට්ටුවක් දානව දැනුනේ හීනෙන් වගේ.
ඉන්නේ ගෙදර නෙවේ හොස්පිට්ල් එකේ කියලා මතක් වුණ මම හිමීට ඇස් ඇරලා බැලුවේ කතා කරේ කවුද බලන්න. මොකද කාටහරි සෑහෙන්න අමාරු වෙලාද දන්නෙ නෑනේ. ඒක මෙහෙමයි මරණාසන්න තත්ත්ව වල කවුරුත් නම් මන් ඉන්න වෝඩ් එකේ හිටියේ නෑ. ඒත් කියන්න බෑනේ මේ හොදට ඉන්නවා මේ හබග් ගාලා යනවනේ.
" පුතේ....."
වෙව්ලන වගේ කටහඩකින් මගේ ඇදට අල්ලපු ඇදේ හිටිය අපේ අත්තගේ වයසේ වගේ සීයා කෙනෙක් තමා මේ කතා කරලා තියෙන්නේ. ඇයි දන්නේ නෑ. අමාරුවක් වද්ද. පව් එයාලගේ ගෙදරින් හවස කවුරුත් ආවෙත් නෑ වෙන්න බලන්න.
" ඇයි සීයේ.... ඔයාට අමාරුද "
" නෑ ... නෑ.. එහෙම එකක් නෙවේ පුතේ. ඔයා ඔය දාන් ඉන්න සින්දුව ටිකක් සද්දෙන් දානවද. ඒක හරි ලස්සනයි හිත නිවෙනවා අහන් ඉද්දි. අමාරුකම් අමතක කරලා නිදාගන්න පුලුවන් වෙයි ඒක අහගෙන "
කොහොමද ඒක. සිංහල සිදුවකුත් නෙවේ ඒක. රෝජා එකේ හින්දි සින්දුවක් ප්ලේ වෙන්න දාලා තිබ්බේ. සමහර විට සීයලා තරුණකාලේ අහන්න ඇතිනේ....... සීයාගේ කතාවට මගේ මූණට හිනාවක් එද්දි මන් එයාට හිනා වෙලා ඔලුව වනලා කලින්ට වඩා ටිකක් සද්දෙට ඒක ප්ලේ වෙන්න දාලා ඇස් පියාගත්තේ දාලා යන්න ගිය නිදි කුමාරිට ආපහු ඉක්මනට ලගට එන්න කියලා.
YOU ARE READING
Crush ( slow update )
Non-Fictionමම ඒක දැනගෙන හිටියා එයත් ඒක දැනගෙන හිටියා එයා ඒක දන්නවා කියලත් මම දැනගෙන හිටියා මම ඒක දන්නවා කියලා එයත් දැනගෙන හිටියා ඉතිං අපි එහෙම්මම හිටියා !