🇨 🇭 🇦 🇵 🇹 🇪 🇷 3🧚

395 85 83
                                    

ඔෆිස් එකට දුවගෙන ආපු ප්‍රොෆෙසර් ජියෝන් දැක්කෙ මේසෙ ලගම බිම වැටිල එන්න ඩීන්ව...තව ප්‍රොෆෙසර්ල කීප දෙනෙක් එකතු වෙලා ඩීන්ට සිහිය ගන්න මහන්සි වෙද්දී ප්‍රොෆෙසර් ජියෝන් මයික් එක ලගට වෙලා ඉන්න ප්‍රොෆෙසර්ල ලගට ගියා...

" මොකක්ද අවුල ප්‍රොෆෙසර් මාක්...කෝ අර පොඩි ලමයා?"

" අපිත් ඒ ලමයව තමයි හෙව්වෙ...මෙතන crossiant කෑලි වගේකුත් හැලිල තියෙනව...ඩීන් නැගිට්ටම තමයි ඒ ගැන අහන්න වෙන්නෙ"

කවුරුත් ඩීන් වටේට එකතු වෙලා හිටියෙ ඩීන් ඇස් අරිනකම්...ටිකකින් අමාරුවෙන් නැගිටපු ඩීන්ට පුටුවෙන් වාඩිවෙන්න උදව් කරපු අය ඒසී රූම් එකේ ඉද්දීත් ෆයිල්ස් අරගෙන ඩීන්ට හුලන් ගහද්දී මේසෙ උඩ තිබුන වතුර එක ගත්ත ඩීන් ඒක බීගෙන බීගෙන ගියා...

" කෝ ඩීන් අර පොඩි ලමයා?"

" ඔයාල මම කියන දේ විශ්වාස කරන එකක් නම් නෑ...ඒත් මෙතන මට පේන්නත් කිසිම පොඩි ලමයෙක් හිටියෙ නෑ...එක පාරටම මයික් එක උඩට ඉස්සෙනව පෙනුන ඊලඟට කතා කරා...ඊට පස්සෙ මයික් එක මගේ පැත්තට එන්න ගන්නවත් එක්කම මට සිහි නැති උනා"

" ඒක වෙන්න බැරි වැඩක්නෙ..."

" ඒක තමයි මම ප්‍රොෆෙසර් මාක්ට කිව්වෙ ඔයාල මාව විශ්වාස කරන එකක් නෑ කියල"

" අපි cctv චෙක් කරමු"

හැමෝම ප්‍රොෆෙසර් ජියෝන්ගෙ තීරණයට එකග වෙද්දී කට්ටියම ලැප් එක ඔන් කරගෙන cctv footage බලන්න ගත්තත් එයාලත් බය උනේ එතන සිද්ධ වෙලා තියෙන්නෙ ඩීන් කියපු දේම තමයි නිසා...

" දෙවියනේ...එතකොට දැන් මෙහෙට හොල්මන් ඇවිත්ද..."

එහෙම කියපු ප්‍රොෆෙසර් මාක් හොල්මන් ගැන හිතද්දී ප්‍රොෆෙසර් පාක්ගෙ නම් අවධානය යොමු වෙලා තිබුනෙ ප්‍රොෆෙසර් ජියෝන්ට...

" ඒ කෙනා කවුරු උනත් බොහෝ දුරට හොල්මනක් උනත් ඒ විස්තර කරේ ප්‍රොෆෙසර් ජියෝන් ගැන නේද...ඊට කලින් එතනට තනි කලු ඇදගෙන කණ්ණාඩි දාපු කෙනෙකුට යන්නෙ මිස්ට.ජියෝන් විතරයිනෙ"

🄽🄰🅄🄶🄷🅃🅈  🄰🄽🄶🄴🄻 🧚Where stories live. Discover now