යුනි එක ඇතුලට ඇවිත් කාර් එක පාකින් ලොට් එකේ පාක් කරපු ජන්ග්කුක් ටේහයුන්ග්ගෙ පැත්තට හැරුනා..
" ටේටේ...දැන් ඔයාට ඔහොම පේන්න එන්න බෑ...ඊයෙ වගේ පේන්නෙ නැතුව මගෙත් එක්කම එන්න "
" මට ජන්ග්කුකීව මගෑරිල ජන්ග්කුකීට මාව හොයාගන්න බැරි උනොත්"
ටේහයුන්ග් ඇසුත් ලොකු කරගෙන ජන්ග්කුක් දිහා බලන් අහද්දී ඒ බැල්මට ජන්ග්කුක්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනෙ මේ සමනල් පැටිය කොච්චර දගද කියන එක ජන්ග්කුක්ට මොහොතකට අමතක කරවලා...
" හ්ම්...ටේටේ මගේ බෑග් එකේ කොනකින් අල්ලගෙන එන්නකෝ...එතකොට ටේටේට මාව මගෑරෙන එකක් නෑ"
ටේහයුන්ග්ත් හිනාවෙලා ඔලුව වනලා නොපෙනී ගිහින් කාර් එකෙන් එලියට ගියේ ජන්ග්කුක්ත් කාර් එකෙන් බහිද්දී...
කාර් එකෙන් බැහැපු ජන්ග්කුක් පොඩ්ඩක් වෙලා එහෙමම හිටියෙ ටේහයුන්ග් තමන්ගෙ බෑග් එකේ කොනක් අල්ලගන්නව දැනෙනකම්...තමන්ගෙ බෑග් එකේ පැත්තෙන් බර වෙනව දැනුන ජන්ග්කුක්ට ටේහයුන්ග් තමන්ගෙ බෑග් එක අල්ලගෙන ඉන්නෙ බව තේරෙද්දී ජන්ග්කුක් ඉස්සරහට ඇවිදගෙන යන්න ගත්තෙ ටේහයුන්ග්ත් ජන්ග්කුක් ගානටම ජන්ග්කුක් එක්ක එද්දී...
ටිකක් දුර ජන්ග්කුක් එක්ක හෙමීට ඇවිදගෙන ගිය ටේහයුන්ග් ඊලඟට වට පිට බලන ගමන් උඩ පනිනවා වගේ ඇවිදගෙන යන්න ගත්තෙ ජන්ග්කුක්ට තමන් දිහා බලන ලමයිගෙ බැල්මත් ටිකක් අමුතුයි වගේ තේරෙද්දී...
ටේහයුන්ග්ත් ජන්ග්කුක් දිහා බලන හැම ලමයටම රැව්වෙ තමන්ව කාටවත් පේන්නෙ නැති බව දැනගෙන උනත් ඒ මූණ දැක්ක නම් අබ ඇට දැන්මොත් පිපිරෙන ගානට කේන්ති ගිහින් බව ඕන කෙනෙකුට පේන්න තිබුනා...
ලමයිගෙ අමුතු බැල්මවල් තමන් දිහා බලන් කතා කරන ඒව ගැන හිත හිත ඉස්සරහට ගිය ජන්ග්කුක්ට ටිකකිනුයි තේරුනේ තමන් නෝමලි ඇවිද්දත් තමන් ලගම ඇහෙන උඩ පැන පැන ඇවිදින crocs දෙකක හඩ...
එයාලගෙ ප්රොෆෙසර් නෝමලි ඇවිද්දත් උඩ පැන පැන ඇවිදින හඩක් ඇහෙන්නෙ ඇයි කියන එක ලමයිට හිතාගන්න බැරි වෙද්දී ජන්ග්කුක් ටේහයුන්ග්ට ඔහොම ඇවිදින්න එපා කියල කියන්න විදියක් කල්පනා කරා...
YOU ARE READING
🄽🄰🅄🄶🄷🅃🅈 🄰🄽🄶🄴🄻 🧚
Fanfiction"ඔහේ කවුද...?" "මම ටේහයුන්ග්නෙ අනෙව්..." "මොකක්ද මගෙ ගෙදර කරන්නෙ?" "ඒව පස්සෙ කතා කරමු...ඔයාගෙ වැඩේ කන්ටිනිව් කරන්නකෝ Mr.Handsome..." ජන්ග්කුක් බෙඩ්ෂීට් එකත් පොරවගෙන ගෙදරින් එලියට දිව්වේ කකුල් වලට පින් දිදී... " මම හොල්මනක් නෙවෙයි නෙ...මම හුරතල් ඒන්ජ...