01

403 48 9
                                    

මුලු පාර පුරාම ඉහිරිලා ගිය පුලුං දූවිල්ල එක්ක තරඟෙට උඩු හුලඟෙ විසිරිලා ගියා...ලොකුම ලොකු සෙල්ලං පැන්ඩෙක් පාර මැදම ඉරිලා ගිහිං චප්ප වෙලා.....

"හහ්...හ..හ්.."

දුවපු වේගෙට මගෙ හුස්ම වේගෙන් වේගෙන් වැටුණා....මං වටවෙලා ඉන්න සෙනඟ අස්සෙන් පුලුං පෑගෙද්දි අසලියා ගාවට යන්න ට්‍රයි කරා.....

"අසලියා..හ්..අසලි...හ්"

"මැ..ම්...."

ලේ වලින් පෙගුන අත් අස්සෙ ගුලි වෙලා උන්නෙ මගෙ චූටි....පොඩි කෙල්ල බය වෙලා...ඒත් අඬන්නෙවත් නැතුව ඇස් ලොකු කරං අසලියාගෙ බෙල්ල බදාගෙන ඉන්නවා.....

මට උන් හිටි තැන් අමතක වුනා.... මගෙ පොඩි වුන් දෙන්නා...අසලියායි චූටියි දෙන්නම අසලියාගෙ ලේ වලින් නෑවිලා.......අසලියාගෙ සුදු පාට සාරියෙ රතු මල් වලට ලේ මුහු වෙලා....ඒ දිග ඇස් පියවෙන්න ඔන්න මෙන්න.....

"අසලියා ඇස් පියන්නෙපා..ඔහොම ඉඳපං වස්තු හොස්පිටල් එකට යනකන්වත්...අනේ ..."

"එයා. පරිස්ස...ං..."

එච්චරයි ඒ ඇස් පියවෙද්දි,ඒ හීනි අත් මගෙ කෙල්ලව අතාරිද්දි, මෙච්චර වෙලා සද්ද නැතුව උන්න පොඩි කෙල්ල බෑගිරි තියලා හූස්ම අල්ල අල්ල අඬන්න ගත්තා....කරකියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වෙද්දි මං පොඩි එකීවත් වඩං එවෙලෙම ආව ඇම්බියුලන්ස් එකට අසලියාවත් දා ගෙන චූටි එක්කම හොස්පිටල් එක ට එන්න ආවා...
_______________________

අසලියා....

ඒ මගේ පුද්ගලික ලේකම්....උඹලාගෙ භාශාවෙන් ප්‍රයිවට් සෙකට්රි....අද මේ හොස්පිට්ල් එකේ බංකුවක් උඩ ලැගගෙන ඒ ඇස් අරිනකන් හුස්ම නොගෙන බලං ඉන්නෙ,මගෙ පොඩි එකී  ඉල්ල ඉල්ල අඬන්නෙ ඒ නිකංම ප්‍රයිවට් සෙකට්‍රිව.....

කාත් කවුරුත් නැති මගෙ ජීවිතෙට එළිය අරං අසලියා ඉන්ටව් ආවෙ මීට අවුරුද්දකට කලිං...එදා ඉඳලා හැමදාම මගෙ හැමදේම නෑ බෑ නොකියා කරෙ අසලියා....

මුලු පවුලම මගින් හලලා දාපු මාවයි චූටිවයි රස්සාව නිසා හරි ආදරෙන් බලා ගත්තෙ අද මේ අයි සී යූ එක ඇතුලෙ ඇස් පියන් හුස්ම අල්ලන ඒ අවුරුදු විස්සෙ පොඩි කෙල්ල....

රතු පාට මල්(Completed Short Story)✓✓Where stories live. Discover now